ශ්‍රී ලංකාව අවසන් මහා තරග 2කට සුදුසුකම් ලබා ගනී

South Asian Youth Table Tennis Championships

96
South Asian Youth Table Tennis Championships

ශ්‍රී ලංකා මේස පන්දු සංගමය දකුණු ආසියානු මේස පන්දු සංගමයේ ද සහභාගීත්වයෙන් සංවිධානය කරන දකුණු ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ තෙවැනි දිනය වූ අද (28) දවස අවසානයේ දී ශ්‍රී ලංකාව ඉසව් ද්විත්වයක අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවා.

මහනුවර මහ නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ අද පැවැති වයස අවුරුදු 15න් පහළ බාලිකා යුගල ඉසව්වේ දී සහ වයස අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල ඉසව්වේ දී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් මහා තරග සඳහා සුදුසකම් ලබා ගත්තා. එහි දී මහනුවර මහා මාය බාලිකා විද්‍යාලය නියෝජනය කරන යෝශිනි ජයවර්ධන මෙම ඉසව් ද්විත්වයේ ම රැදී සිටීම විශේෂත්වයක් වූවා.

බාලිකා යුගල ඉසව්ව සඳහා එක් වූ යෝශිනි ජයවර්ධන සහ මිතුලි ශෙනායා මාලදිවයින කණ්ඩායමට එරෙහි ව තරග වට 3-2ක ජයග්‍රහණයක් ලබා ගත් අතර මිශ්‍ර යුගල ඉසව්ව සඳහා එක් වූ අකේන් බෝජිත් සහ යෝශිනි ජයවර්ධන පාකිස්තාන කණ්ඩායම තරග වට 3-0කින් පරාජය කරමින් මෙලෙස අවසන් මහා තරගයට එක් වීමට සුදුසුකම් ලබා ගත්තා.

මෙම ඉසව් ද්විත්වයෙන් ම අනෙක් අන්තයෙන් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ඉන්දීය කණ්ඩායම් විසින් විම විශේෂත්වයක්. මෙම ඉසව් ද්විත්යේ අවසන් මහා තරග හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර අද පැවැති තරගවල දී වයස අවුරුදු 15න් පහළ බාලක යුගල ඉසව්වේ අවසන් පූර්ව වටයේ දී බංග්ලාදේශය වෙතින් තරග වට 3-1ක පරාජයක් ලැබීමට අකේන් බෝජිත් සහ නෙවිරු නෙත්සරට සිදු වූවා. එම පරාජය ශ්‍රී ලංකාව, ඉන්දිය කණ්ඩායමක් නොවන කණ්ඩායමකින් මෙම පියවරේ දී ලත් එක ම පරාජය ලෙසිනුයි මෙය සැලකෙන්නේ.

පෙර දිනයේ දී අවසන් මහා තරග ත්‍රිත්වයක දී ශ්‍රී ලංකාව පරාජය කළ ඉන්දීයාව අද දවසේ දී අවසන් පූර්ව වටයේ තරග ත්‍රිත්වයක දී ද ශ්‍රී ලංකාව පරාජයට පත් කළා. ඒ අනුව වයස අවුරුදු 19න් පහළ බාලක යුගල, බාලිකා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් ත්‍රිත්වයේ ශ්‍රී ලංකා කණ්ඩායම්වල ගමන නතර කිරීමට ඔවුන් පෙරමුණ ගත්තා.

ඉන්දියාව ලත් මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් මෙම ඉසව් ත්‍රිත්වයේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව නේපාලය, පාකිස්තානය සහ මාලදිවයින යන කණ්ඩායම් එම ඉසව්වලදී ඉන්දියාව සමඟ අවසන් මහා තරගවලට එක් විමට නියමිතයි.

තරගාවලියේ අද දවසේ තරග ප්‍රතිඵල

වයස අවුරුදු 15න් පහළ බාලිකා යුගල අවසන් පූර්ව තරග

  • යෝෂිනි ජයවර්ධන සහ මිතුලි ශනාය (ශ්‍රී ලංකාව) විසින් 11-07ක්, 09-11ක්, 11-05ක්, 08-11ක් සහ 11-03ක්ලෙස තරග වට 3-2කින් A.Nafiz සහM. Thaseen (මාලදිවයින) පරාජය කරන ලදි.
  • P. Bhatt සහ C. Ankolika (ඉන්දියාව) විසින් 11-05ක්, 11-09ක් සහ 11-06ක් ලෙස තරග වට 3-0කින් S. Shrestha සහS. Shakya (නේපාලය)පරාජය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ බාලක යුගල අවසන් පූර්ව තරග

  • H.Hasib සහT. Rahman(බංග්ලාදේශය) විසින් 17-15ක්, 06-11ක්, 11-07ක්, 11-05ක් ලෙස තරග වට 3-1කින් අකේන් බෝජිත් සහ නවිරු නෙත්සර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
  • R. Sahil සහS. Rupam (ඉන්දියාව) විසින් 12-10ක්, 11-09ක් සහ 11-09ක් ලෙසතරග 3-0කින් A.Khan සහ M. Khan (පාකිස්තානය) පරාජය කරන ලදි.

වයස අවුරුදු 15න් පහළ මිශ්‍ර යුගල අවසන් පූර්ව තරග

  • අකේන් බෝජිත් සහ යෝෂිනි ජයවර්ධන (ශ්‍රී ලංකාව)විසින් 11-03ක්, 11-08ක් සහ 11-07ක් ලෙස තරග 3-0කින් A.Khan සහK.Zunaira (පාකිස්තානය) පරාජය කරන ලදි.
  • S. Arya සහS. Das (ඉන්දියාව) විසින් 12-10ක්, 11-05ක් සහ 11-04ක් ලෙස තරග 3-0කින් H.Hasib සහA. Khatun (බංග්ලාදේශය) පරාජය කරන ලදි.

වයස අවුරුදු 19න් පහළ බාලිකා යුගල අවසන් පූර්ව තරග

  • T.Sanjay සහM. Risha (ඉන්දියාව) විසින් 11-08ක්, 11-08ක් සහ 11-07ක් ලෙස තරග වට 3-0කින් ටමාදි කවින්ද්‍යා සහ බිමන්දී බණ්ඩාර (ශ්‍රී ලංකාව)පරාජය කරන ලදි.
  • Bianca Rai සහEvana Thapa (නේපාලය)විසින් 08-11ක්, 11-03ක්, 05-11ක්, 11-07ක් සහ 11-08ක් ලෙස තරග වට 3-2කින් Dheema Ali සහ Mishka Ibrahim (මාලදියින) පරාජය කරන ලදි.

වයස අවුරුදු 19න් පහළ බාලක යුගල අර්ධ අවසන් පූර්ව තරග

  • Ankur Bhattacharjee සහ Amit Modi (ඉන්දියාව) විසින් 11-03ක්, 11-04ක් සහ 11-05ක් ලෙස තරග වට 3-0කින් ශෆියුල්ලා අක්‍රම් සහ ජනිත් බටුගෙදර (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
  • Farooq Shayan සහ Taha Bilal (පාකිස්තානය) විසින් 11-08ක්, 12-10ක්, 10-12ක්සහ 11-09ක් ලෙස තරග වට 3-1කින් H. Khalid සහ Umyr Muizzu (මාලදිවයින) පරාජය කරන ලදි.

වයස අවුරුදු 19න් පහ මිශ්‍ර යුගල අර්ධ අවසන් පූර්ව තරග

  • Ankur Bhattacharjee සහPritha Priya (ඉන්දියාව) විසින් 11-07ක්, 11-08ක් සහ 11-07ක් ලෙස තරග වට 3-0කින් ශෆියුල්ලා අක්‍රම් සහ බිමන්දී බණ්ඩාර(ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.
  • Dheema Ali සහA. Khalid (මාලදිවයින) විසින් 11-07ක්, 09-11ක් සහ 08-11ක්, 11-04ක් සහ 11-07ක්ලෙස තරග වට 3-0කින් Ramhimlian Bawm සහ Sai Marma (බංග්ලාදේශය) පරාජය කරන ලදි.

තරගාවලිය හෙට (29) අවසන් වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<