දකුණු ආසියානු තරඟාවලියේ සයවැනි දවස වු අද දවස නිමාවන විට ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, රිදි පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 13 ලබා සුපුරුදු දෙවැනි ස්ථානයේ ම රැදි සිටි. සමස්ත සටහනෙහි රන් පදක්කම් 25ක් රිදි පදක්කම් 51ක් සහ ලෝකඩ පදක්කම් 76ක් සමගින් සමස්ථ පදක්කම් 152කට හිමිකම් කියයි.
තරඟාවලියේ සියළුම තොරතුරැ සඳහා පිවිසෙන්න
මළල ක්‍රීඩා
මිටර 200 ධාවන ඉසව්ව නියෝජනය කළ සුරංජය ද සිල්වා එම ඉසව්ව තත්පර 21 කින් නිම කර එහි රන් පදක්කම දිනාගන්නට සමත් විය. එසේම කාන්තා මිටර 400×4 සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්ව මිනිත්තු 3 තත්පර 38කින් නිම කරමින් එම ඉසව්වේ රිදි පදක්කම දිනාගනු ලැබිය. පිරිමි මිටර 400×4 සහය දිවිමේ කණ්ඩායමද එම ඉසව්ව මිනිත්තු 3 තත්පර 07කින් නිම කරමින් එම ඉසව්වේ ද රිදි පදක්කම දිනාගන්නට සමත් විය.
තවද කාන්තා මිටර 1500 ධාවන තරඟය මිනිත්තු 4 තත්පර 25කින් නිමකළ ගයන්තිකා අබේරත්න එහි රිදි පදක්කම දිනාගත් අතර එම ඉසව්වම මිනිත්තු 4 තත්පර 26කින් නිමකල නිලානි රත්නායක එහි ලෝකඩ පදක්කම සදහා හිමිකම් කීවේය. එහි රන් පදක්කම ඉන්දියාවට හිමිවිය.
මිටර 400 කඩුළු මතින් දිවිමේ තරඟය තත්පර 59.87කින් නිමකළ කෞෂල්‍යා මදුෂානි එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබිය. කාන්තා මිටර 10000 ඉසව්ව නියෝජනය කළ එස්.ඒ.ළමාහේවා එම ඉසව්ව මිනිත්තු 36 තත්පර 11කින් නිම කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට සමත් විය.
කාන්තා හෙල්ල විසිකිරිම ඉසව්ව නියොජනය කරමින් සහභාගි වු නදීකා ලක්මාලි මිටර 59.45ක දක්ෂතාවයක් පෙන්වමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට සමත් විය.
ජූලියන් බෝලින් ටත් අහියා්ෙගයක් වු මැතිව් අබේසිංහ – #SAG2016 පස්වැනි දිනය
ඉලක්කයකට වෙඩි තැබිම
මිලිමිටර් 50 කාන්තා වායු රයිෆල් කණ්ඩායම නියෝජනය කළ ඩබ්ලිව්.එම්.පෙරේරා, එම්.එගොඩවත්ත සහ ඩබ්ලිව්. මදුරානි ලකුණු 1801.8 ලබාගනිමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට සමත් විය. එසේම මිලිමිටර් 50 පිරිමි වායු රයිෆල් කණ්ඩායම නියෝජනය කළ එස්.සමරකෝන්,ඩබ්ලිව්.ක්‍රීෂාන්ත සහ පි. කරුණාරත්න ලකුණු 1825.7ක් ලබාගනිමින් එම ඉසව්වේ ද ලෝකඩ පදක්කම දිනාගනු ලැබිය.
මේස පන්දු
මේස පන්දු යුගල ඉසව් නියොජනය කරමින් තරඟ වැදුණු ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා යුගල කණ්ඩායම් එම ඉසව්වන් හි ලෝකඩ පදක්කම් දිනාගන්නට සමත් විය.
ටෙනිස් තරඟ
ටෙනිස් පිරිමි කේවල තරගයෙන් ශ්‍රී ලංකාවේ ශෙමාල් දිසානායක ට ලෝකඩ පදක්කම හිමි විය. මෙවර දකුණු ආසියානු තරඟාවලියේ ටෙනිස් අංශයෙන් පදක්කම් 06ක් ලබාගන්නට හැකිවුයේ වසර 25කට පසුව වීමද විශේෂත්වයක් විය.
ඡායාරෑප Organising Committee – XII South Asian Games 2016 ෆේස් බුක් ගිනුමෙනි