“උපන් රටට ක්‍රීඩා කරන්න බැරි වුනු එක ගැන දුකයි” – තාහීර්

638

පාකිස්තානයේ ලාහෝර්හි උපත ලබා එරට වයස අවුරුදු 19න් පහළ සහ පාකිස්තානු A ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ ඉම්රාන් තාහීර් මේ වන විට දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම හරහා ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩකයෙකි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන් 133කට උසස්වීම්

මේ දකුණත් පාදඟපන්දු යවන්නා 1979 වසරේ මාර්තු 27 වැනි දින පාකිස්තානයේ ලාහෝර්හි දී උපත ලැබුවේය. ඔහු 1998 වසරේ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තානු කණ්ඩායම නියෝජනය කළ අතර ඒ අතරතුර දකුණු අප්‍රිකානු ජාතික සුම්යා දිල්දාර් නම් තරුණියක් සමඟ මිත්‍රත්වයක් ගොඩනංවා ගත්තේය. අනතුරුව 2005 වසරේ දී දකුණු අප්‍රිකානු පුරවැසිභාවය ලබා ගන්නා තාහීර්, 2007 වසරේ දී සුම්යා දිල්දාර් නම් තරුණියව විවාහ කරගත්තේය. 

“මම ලාහෝර්හි ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියා වගේම එය මා මේ දැන් සිටින තැන දක්වා රැගෙන එන්න මට ලොකු හයියක් වුනා. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් වැඩි ප්‍රමාණයක් පාකිස්තානයේ ක්‍රීඩා කළේ. නමුත් එහිදී මට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබීම නිසා මං බලාපොරොත්තු සුන් වී සිටියා. ඒක එක වෙලාවකට මට දුකක්. පාකිස්තානයෙන් පිටවීම ගැන මුලින් මට හිත හදාගන්න අමාරු වුනා. නමුත් දෙවියන් වහන්සේ මට ආශීර්වාද කළා. මම දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වැඩි ගෞරවයේ මගේ බිරිඳට හිමි වෙන්න ඕනේ කියලා මම හිතනවා.” තාහීර් ජියෝ සුපර් වෙත පැවසීය. 

2020 IPL තරගාවලියට දින තීන්දුයි

මේ වන විට ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගෙන සිටින තාහීර් සඳහා විස්සයි විස්ස තරග ආකෘතිය තුළ වැඩි ජනප්‍රියත්වයක් හිමිව තිබේ. මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 20ක්, එක්දින තරග 107ක් සහ විස්සයි විස්ස තරග 38ක් ක්‍රීඩා කර තිබෙන ඔහු එහිදී මුළු කඩුලු 293ක් දවා ගැනීමට සමත්ව ඇත. 

2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ පළමු තරගය පැවැත්වෙන විට තාහීර්ගේ වයස අවුරුදු 40කුත් දින 64ක් විය. එය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ වැඩිම වයස ලෙස ද වාර්තා පොත් අතරට ගියේය. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර තලය තුළ මේ දක්වා වාර්තා කරගෙන තිබෙන හොඳම පන්දු යැවීම වාර්තා කරගෙන තිබෙන්නේ ඉම්රාන් තාහීර් වන අතර ඔහු ලකුණු 45ක් තුළ කඩුලු 7ක් දවා ගනිමින් එම දස්කම දක්වා ඇත. එසේම වේගවත්වම ජාත්‍යන්තර එක්දින කඩුලු 100 දවා ගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නා වන්නේ ද ඔහුයි. 

Hindustan time ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<