ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තෙවැනි විස්සයි විස්ස තරගයත් නිමාවට පත්වූයේ සත්කාරක දකුණු අප්‍රිකාවට ලකුණු 45ක පහසු ජයක් හිමිකර දෙමිනි. ඒ අනුව එක්දින සහ විස්සයි විස්ස තරගාවලි දෙකම නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාව පරාජයන් රැසක ගිල්වා දමමිනි. එහි බොහෝමයක් තරගවල ප්‍රධාන චූදිතයා බවට පත්වූයේ ඉතාමත් දියාරු ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණියයි.
ඉසුරු උදාන ‘විශේෂඥ පිතිකරුවන්ට’ ආදර්ශයක් වෙයි!
මීට දින දෙකකට ඉහතදී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය සුපිරි පන්දුවාරය දක්වා ගිය ඉතාමත් උණුසුම් සටනක් බවට පත්වුණි. කෙසේවෙතත් ඉන් ජය…
දකුණු අප්‍රිකානු සංචාරයේ අවසානය සනිටුහන් අද තරගය ක්‍රියාත්මක වූයේ ජොහැන්ස්බර්ග් හි වොන්ඩරස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි. පිතිකරණ පාරාදීසයක් ලෙස නම් දරා ඇති මෙම තණතිල්ල අද දිනයේත් කිසිදු වෙනසක් පෙන්නුම් කළේ නැත. ඒ මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු පිළට කඩුලු 2කට ලකුණු 198ක්ම ලබා ගන්නට එය උපකාරී වෙමිනි. කෙසේ වෙතත් ලොව පුරා කරක් ගසා අත්දැකීම් රාශියක් ඇති මාලිංග අද කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව මෙවන් තණතිල්ලක් මත දී පිතිකරණය තෝරා නොගැනීම ද තරමක ගැටලුවකි.
Photos: Sri Lanka vs South Africa – 3rd T20I
ශ්‍රී ලංකා පිළ කර තිබූ අනෙක් වෙනස්කම ද බොහෝ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ප්‍රහේලිකාවක් බවට පත්විය. ඒ පසුගිය තරග රැසක් පුරාවට ශ්‍රී ලංකා පිතිකරණය දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් අද තරගයට සහභාගි වන ශ්‍රී ලංකා පිතිපෙළ තවදුරටත් කප්පාදු කරන්නට ඔවුන් ගෙන තිබූ තීරණයයි. ඒ අනුව කුසල් මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කරමින් ඒ වෙනුවට සුරංග ලක්මාල්ව කැඳවා තිබුණි. මේ නිසා ශ්‍රී ලංකා පිළ විශේෂඥ පන්දු යවන්නන් 5කින් සහ අර්ධ පන්දු යවන්නන් 3කින් සමන්විත අසමබර කණ්ඩායමක් බවට පත්විය. විස්සයි විස්ස අසාර්ථක කුසල් මෙන්ඩිස් ඉවත් කිරීම ගැටලුවක් නොවූවත් ඒ වෙනුවට සදීර හෝ ප්‍රියමාල් වැනි පිතිකරුවෙකු ඇතුළත් නොකිරීම ගැටලුවකි.
ප්ලෙසිස්, ඩි කොක් වැනි සුපිරි පිතිකරුවන් කණ්ඩායමේ නොසිටිය ද ඒ වෙනුවට හොඳ ආදේශකයන් සහිත දකුණු අප්‍රිකාවට වොන්ඩරස් තණතිල්ල මත ලකුණු රැස් කිරීම අපහසු වූයේ නැත. ශ්‍රී ලංකා පිළේ දියාරු පන්දු රැකීමත්, පන්දු යවන්නන්ගේ දුර්වලතාවයත් ඊට ඉනිමං බැඳීය. මුල් පන්දුවාර 10 නිමා වන විට එක් කඩුල්ලකට ලකුණු 70ක් ලබා සිටි ප්‍රතිවාදීන්ට ඉතිරි පන්දුවාර 10 තුල දී ලකුණු 128ක් ලබා ගැනීමට ද ආශීර්වාදයක් වූයේ ජාත්‍යන්තර කණ්ඩායමකට නොගැලපෙන මෙම දුර්වලතායි.
තරගයකින් තොරව එංගලන්ත ක්‍රීඩිකාවන් තරගය දිනයි
සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ වූ පළමු තරගයේ දී සංචාරකයින් හමුවේ කිසිදු…
මේ දිනවල ලකුණු අතර සිටින රීසා හෙන්රික්ස් අදත් ඉනිම ආරම්භ කරමින් ලකුණු 66ක් ලබා ගත්තේ පන්දු 52ක දීයි. හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිම හැඩ කළේය. තුන් ඉරියව්වෙකු වුවද අද පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පැමිණි ඩ්වේන් ප්‍රිටෝරියස් අද දිනය තමන්ගේ නමින් ලියා ගනිමින් ලකුණු 77ක් නොදැවී ලබා ගත්තේ පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමිනි. පන්දු 42ක් පමණක් වැයවුණු මෙම සුපිරි ඉනිම අලංකාර හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූ අංග සම්පූර්ණ ඉනිමක් බවට පත්විය.
ඉනිමේ අවසන් කොටසේ දී පිටියට පැමිණි වැඩ බලන නායක ඩුමිනි ඉතිරිව තිබූ පන්දු 14ක් යොදා ගනිමින් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟිනි. මේ වන විට ලොව වැඩිම T20 කඩුලු ලාභියා හා සමවීමට එක් කඩුල්ලක් පමණක් අවශ්‍ය වී සිටින මාලිංගට ඒ වෙනුවෙන් තවත් තරගාවලියක් ආරම්භ වනතුරු බලා සිටින්නට අද සිදු විය. ඒ ඔහු අද කඩුලු කිසිවක් දවා නොගෙන පන්දුවාර 4ට ලකුණු 40ක්ම ලබා දුන් බැවිනි. ලක්මාල් සහ වැන්ඩර්සේ එක් කඩුල්ල බැගින් දවා ගත්ත ද ඔවුන්ගෙන් ද ලකුණු රැසක් උදුරා ගැනීමට ප්‍රතිවාදීන් සමත් විය.
පන්දුවාර 20ක දී ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට අද පිටියට පැමිණියේ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වායි. ඒ මේ දක්වා පැවති සීමිත පන්දුවාර තරගවල දී ඉනිම ඇරඹූ අවිශ්ක ප්‍රනාන්දුව අංක 3 ස්ථානයට යොමු කරමිනි. කලකට පසු තරමක සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා පිළෙන් දකින්නට ලැබුණු අතර පන්දුවාර 4.1ක දී ලකුණු 42ක් දක්වා ආරම්භක කඩුල්ලේ සබඳතාවය වර්ධනය විය. නිරෝෂන් දික්වැල්ල පන්දු 22ක දී ලකුණු 38යි. කෙසේ වෙතත් එතැන් පටන් සුපුරුදු දියාරු පිතිකරණය ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා පිළ මුළු ලකුණු 96ක් ඉනිමට එක්වෙද්දී කඩුලු 6ක්ම අහිමි කර ගත්හ.
සුමංගල ක්‍රීඩකයෝ තෙවන වතාවටත් මොරටුව තණතිල්ලේ ජයකෙහෙළි නංවති
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 27 වැනි වාර්ෂික මහා එක්දින තරගය…
අවසානයේ ශ්‍රී ලංකා පිළ ලකුණු 111ක් ලබා සිටිය දී වොන්ඩරස් පිටියට වැසි ඇද වැටුණු අතර නැවතත් තරගය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවට පන්දු 35කදී ලකුණු 72ක අපහසු ඉලක්කයක් ලබා දෙමිනි. ඒ වන විට පිතිකරණ හැකියාවක් ඇති ක්‍රීඩකයෙකු ලෙස පිටියේ රැඳී සිටියේ ඉසුරු උදාන පමණක් නිසා මෙම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ නැත. කෙසේ වෙතත් සුපුරුදු පරිදි අදත් කණ්ඩායම වෙනුවෙන් තම උපරිමය ලබා දුන් උදාන පන්දු 23ක දී ලකුණු 36ක් ලබා ගත්තේය. ඒ දැවැන්ත හයේ පහර 4ක් සමඟිනි. ඔහු දැවී ගියේ ද හතරේ සීමාවට උඩින් පියඹා යන්නට තිබූ පන්දුවක් ඩේවිඩ් මිලර් විශිෂ්ට අන්දමින් ග්‍රහණය කර ගැනීම නිසයි.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 137කට නිමා විය. ඒ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 45ක ජයක් හිමිකර දෙමිනි. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ අද තරගය නැරඹීමට පිටියට පැමිණ සිටි සුපිරි ගායක එඩ් ශීරන් ඇතුළු ප්‍රේක්ෂකයින් තම පිතිකරණයෙන් අමන්දානන්දයට පත්කළ ඩ්වේන් ප්‍රිටෝරියස්ටයි. තරගාවලියේ වීරයා ලෙස රීසා හෙන්රික්ස් පිදුම් ලැබීය. ඒ අනුව ජාත්‍යන්තර තරග 9ක් ඇතුළත් වූ දීර්ඝ දකුණු අප්‍රිකානු සංචාරය අදින් නිමාවට පත්වන්නේ සීමිත පන්දුවාර තරග ගැන ගැටලු රැසක් පිලිතුරු නැතිවම ඉතිරිව තිබෙන වටපිටාවකයි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
South Africa
198/2
(20 overs)
Result
Sri Lanka
137/10
(15.4 overs)
SA won by 45 runs (D/L)
South Africa’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Aiden Markram | c L Malinga b S Lakmal | 15 | 12 | |||
Reeza Hendricks | b J Vandersay | 66 | 52 | |||
Dwaine Pretorius | not out | 77 | 42 | |||
JP Duminy | not out | 34 | 14 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Lasith Malinga | 4 | 0 | 40 | 0 | 10.00 |
Isuru Udana | 4 | 0 | 36 | 0 | 9.00 |
Dhananjaya de Silva | 1 | 0 | 5 | 0 | 5.00 |
Suranga Lakmal | 4 | 0 | 38 | 1 | 9.50 |
Akila Dananjaya | 4 | 0 | 42 | 0 | 10.50 |
Jeffrey Vandersay | 3 | 0 | 35 | 1 | 11.67 |
Sri Lanka’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c S Qeshile b A Phehlukwayo | 38 | 22 | |||
Dhananjaya de Silva | lbw by D Pretorius | 8 | 9 | |||
Avishka Fernando | lbw by A Phehlukwayo | 1 | 3 | |||
Kamindu Mendis | c D Miller b J Dala | 1 | 2 | |||
Angelo Perera | c D Miller b J Dala | 15 | 10 | |||
Thisara Perera | (runout) R Hendricks | 8 | 8 | |||
Isuru Udana | c D Miller b A Phehlukwayo | 36 | 23 | |||
Akila Dananjaya | c R Hendricks b L Sipamla | 9 | 11 | |||
Lasith Malinga | c C Morris b A Phehlukwayo | 0 | 4 | |||
Suranga Lakmal | b L Sipamla | 0 | 3 | |||
Jeffrey Vandersay | not out | 0 | 0 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Chris Morris | 3 | 0 | 22 | 0 | 7.33 |
Junior Dala | 3 | 0 | 29 | 2 | 9.67 |
Andile Phehlukwayo | 3 | 0 | 24 | 4 | 8.00 |
Dwaine Pretorius | 1 | 0 | 12 | 1 | 12.00 |
Tabraiz Shamsi | 4 | 0 | 20 | 0 | 5.00 |
Lutho Sipamla | 1.4 | 0 | 22 | 2 | 15.71 |