ක්‍රිකට් යනු සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රීඩාවකි. එහි තනි ක්‍රීඩකයෙකුට සමස්ත කණ්ඩායමක් පරාජය කිරීමට ඇති හැකියාව අල්පය. කෙසේ වෙතත් කලාතුරකින් බිහිවන සමහරක් ක්‍රීඩකයෝ ඒ සඳහා තමන්ට හැකි උපරිමයෙන් උත්සාහ දරති.
එවන් උත්සාහයක් අද (23) අලුයම සෙන්චූරියන් හිදී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස තරගයේ දී ද දැකගන්නට ලැබුණු අතර විශිෂ්ට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඉසුරු උදාන සමස්ත කණ්ඩායමේම ගෞරවය බේරා දීමට සමත් විය. කෙසේ වෙතත් තරගය ලකුණු 16කින් ජය ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
එංගලන්තය සමඟ ඔට්ටු වන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක්
සංචාරක එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ එළඹෙන 24 වැනිදා සිට කොළඹ දී පැවැත්වීමට…
පිතිකරුවන්ටම ඔබින ලෙස සකසා තිබූ තණතිල්ල මත දී කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළේ මුලින් පන්දු යැවීමටයි. එය ප්‍රතිවාදීන්ට අමතර වාසියක් වනු ඇතැයි මුල සිටම පෙනුනත් අහස් කුස වසා පැතිරුණු කළු වළාකුළු නිසා මාලිංග මෙම තීරණයට එළඹුණා විය හැකිය. අනෙක් අතට අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිත IPL තරගාවලියට සහභාගි වීම සඳහා ඩි කොක්, ප්ලෙසිස්, රබාඩා, තහීර් වැනි සුපිරි ක්‍රීඩකයින් රාශියක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබීම නිසා නවක ක්‍රීඩකයින් පිරිවරාගත් දකුණු අප්‍රිකාව පහසුවෙන් පැරදවීමට හැකි වෙතැයි ඔවුන් සිතන්නට ඇත.
Photos: Sri Lanka Vs South Africa 2nd T20I in Super Sports Park
කෙසේ වෙතත් තරගය ඇරඹී වැඩිකල් යන්නට පෙර දකුණු අප්‍රිකානුවන්ගෙන් එල්ල වන තර්ජනය ක්‍රම ක්‍රමයෙන් වැඩි වූවා මිස බිඳකින්වත් අඩු වූයේ නම් නැත. ඔවුන් මුල සිටම විශාල පහරවල් කරා යොමු වෙමින් වේගයෙන් ලකුණු පුවරුව ඉහළ දැමුවේ මෙම තණතිල්ලේ ලකුණු ඇති බව හොඳින් වටහාගෙනයි. දකුණු අප්‍රිකානු පිළේ එකම අසාර්ථක පිතිකරුවා බවට පත්වූ ඒඩන් මාර්ක්‍රම් ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ලකුණු 3කට දැවී යාමෙන් අනතුරුව රීසා හෙන්රික්ස් සහ වැන්ඩර් ඩුසේන් අතරේ ඇතිවුනු ශතක සබඳතාවය නිසා තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියේය.
IPL වලට වඩා මාලිංග රට ගැන සිතා තීරණයක් ගනී
වර්තමාන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අද (23) ආරම්භ වන ඉන්දීය…
පන්දු යැවීමේ දී මාලිංග, උදාන සහ අකිල ධනංජය අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේ සිටම පිතිකරණයෙන් සාර්ථක නොවූවද පන්දු යැවීමෙන් ප්‍රගතියක් පෙන්නුම් කළ ධනංජය ද සිල්වාට ඊයේ දිනයේ එකදු පන්දුවාරයක් හෝ යැවීමට නොලැබීම ගැටලුකාරී තත්ත්වයකි. ඒ වෙනුවට වේගපන්දු යවන්නන් ගැන ශ්‍රී ලංකා පිළ වැඩි විශ්වාසයක් තබන බව පෙනී ගිය ද ඊයේ ප්‍රහාරයකට ලක් නොවී ගැලවුනේ නායක මාලිංග පමණි. තිසර පෙරේරා ද කණ්ඩායමට තමන්ගෙන් ලැබෙන දායකත්වය විවාදයට ලක් කරමින් පන්දුවාර 3කට ලකුණු 45ක්ම ලබා දුන්නේය.
ලකුණු 180ක් යනු අභියෝගාත්මක ඉලක්කයක් වුවද තණතිල්ල ඉතාමත් හොඳ මට්ටමේ පැවතීමත්, පන්දුව ඉතාමත් වේගයෙන් හතරේ සීමාව කරා යාමත් නිසා ශ්‍රී ලංකා පිළ තරගයක් ලබා දෙනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු විය. නමුත් ආරම්භක පන්දුවාරයේ දී ම කඩුලු දෙකක් ප්‍රතිවාදීන්ට පූජා කළ ශ්‍රී ලංකා පිළ ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු වලට කල්තියා පයින් ගැසූ බව සඳහන් කළ යුතුය. දේශීය පිටියේ දැක්වූ දක්ෂතා ජාත්‍යන්තරයට ගෙන එන්නට නොහැකි වී සිටින අවිශ්ක ප්‍රනාන්දු ඊයේ දිනයේත් දැවී ගියේ ඉතාමත් අප්‍රසන්න අන්දමිනි.
කුසල් මෙන්ඩිස් පැමිණි විගස හතරේ පහරක් එල්ල කළ ද ස්ටේන්ගේ ප්‍රථම පන්දුවාරයේම ගොදුරක් බවට පත්වූයේ පසු දෝලන පන්දුවක් (Late Swing) යන්තමින් පිට ඉන්නේ දැවටීමත් සමඟයි. නිරෝෂන් දික්වැල්ල ඊයේ හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 20ක් රැස්කර ගත්ත ද අනවශ්‍ය කලබලයක් ඔහුගෙන් මුල සිටම දැකගන්නට ලැබුණි. අවසානයේ ඔහු මිඩ්-ඕන් පන්දු රකින්නා අතට පහසු උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ලොව හොඳම T20 ලීග් සියල්ලටම පාහේ සහභාගි වී අත්දැකීම් ඇති තිසරගෙන් දිගු ඉනිමක් ශ්‍රී ලංකා පිළ බලාපොරොත්තු වුවද ඔහු ලබා ගත්තේ ලකුණු 22ක් පමණි.
කැප් එක දාගෙන බස් එකේ ගිය වාස්
ශ්‍රී ලංකාව බිහි කළ සාර්ථකම වේගපන්දු යවන්නා ඔහුය. දැඩි හිරුරැස් පතිත වන පරිසරයක වියැලී…
මේ අයුරින් පිතිකරුවන් ලෙස කණ්ඩායමට එක් වුවද කිසිම වගකීමක් නොදැරූ ක්‍රීඩකයින් බහුතරය නිසා ශ්‍රී ලංකා පිළ ලකුණු 83කට කඩුලු 7ක් බිඳ වැටී අසරණ විය. ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණයේ සේයාවක්වත් නොපෙනුණු මේ අවස්ථාවේ කණ්ඩායමේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් ඉදිරියට ආවේ ඉසුරු උදානයි. කලකට පෙර සිංහ ලකුණ පපුවේ ගසාගෙන ජයග්‍රහණය වෙනුවෙන් තරග ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළේ විශිෂ්ටතමයින් සිහියට නැංවූ ඔහු පන්දුවාරයෙන් පන්දුවාරයට තරගය ඉදිරියට ගෙන ආවේය. පන්දු යවන්නෙකු වුවද ඔහුගෙන් දැකීමට හැකි වූයේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුගේ වගකීම තේරුම් ගත් පරිණත පිතිකරුවෙකුගේ ක්‍රීඩා විලාශයයි.
දිගින් දිගටම හතරේ පහර හයේ පහර එල්ල කළ ද දුර්වල පන්දුවක් හෝ කලාතුරකින් මඟ හැරුණු විට ඔහු ඉතාමත් කනගාටු විය. එසේම තමන්ට මංගල එක්දින සහ විස්සයි විස්ස අර්ධ ශතක ලබා ගැනීමට උපකාරී වූ පිත්ත කැඩී ගිය විට ද ඔහු ඒ ගැන දුක්විය. අනෙක් අන්තයේ සිටි අකිල ධනංජයත් මේ සටන්කාමී ක්‍රීඩකයාව නිරන්තරයෙන් දිරි ගන්වනු දැකගන්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉසුරු තරගය අවසන් වන විට පන්දු 48ක් තුල දී නොදැවී ලකුණු 84ක් රැස්කොට තිබුණි. ඒ රට ගැන සිතා තරග නරඹන ප්‍රේක්ෂකයින්ට සාධාරණයක් ඉටු කරමිනි.
පිතිකරුවෙකු විස්සයි විස්ස තරගයක පහරවල් කරා යොමු වීමේ දී දැවී යාම සාමාන්‍ය කරුණකි. නමුත් එල්ල කරන පහරවල් බොහොමයක් වරද්දාගෙන මුල සිටම ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් බවට පත්වන ශ්‍රී ලංකා “විශේෂඥ පිතිකරුවන්ට” නැවත සිතා බැලීමට යමක් ඉතිරි කළ උදාන අලංකාර හතරේ පහර 8ක් සහ දැවැන්ත හයේ පහර 6ක් තම ඉනිම තුල ඇතුළත් කළේය. “ඔහු පොල් අඩි කරුවෙකු නොවේ, ඔහු සිතා බලා පන්දුවට පහර දෙන්නෙක්” ඒ විදෙස් විචාරකයින් උදානට ලබා දුන් චරිත සහතිකයයි. තරගය දකුණු අප්‍රිකානුවන් ලකුණු 16කින් ජය ගත්ත ද ඊයේ සමස්ත ලෝකවාසීන් උදානගේ ඉනිම අගය කළේ එය පෞද්ගලික වාර්තාවලට වඩා රට ගැන සිතා ක්‍රීඩා කළ ඉනිමක් වූ බැවිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
South Africa
180/3
(20 overs)
Result
Sri Lanka
164/9
(20 overs)
SA won by 16 runs
South Africa’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Aiden Markram | c L Malinga b I Udana | 3 | 5 | |||
Reeza Hendricks | c K Mendis b L Malinga | 65 | 46 | |||
Rassie vd Dussen | b A Dananjaya | 64 | 44 | |||
JP Duminy | not out | 33 | 17 | |||
David Miller | not out | 9 | 9 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Lasith Malinga | 4 | 0 | 26 | 1 | 6.50 |
Isuru Udana | 4 | 0 | 39 | 1 | 9.75 |
Akila Dananjaya | 4 | 0 | 31 | 1 | 7.75 |
Jeffrey Vandersay | 4 | 0 | 25 | 0 | 6.25 |
Thisara Perera | 3 | 0 | 45 | 0 | 15.00 |
Kamindu Mendis | 1 | 0 | 12 | 0 | 12.00 |
Sri Lanka’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c L Sipamla b C Morris | 20 | 15 | |||
Avishka Fernando | c T Shamsi b D Steyn | 0 | 2 | |||
Kusal Mendis | b D Steyn | 4 | 3 | |||
Thisara Perera | c S Qeshile b D Pretorius | 22 | 15 | |||
Kamindu Mendis | c S Qeshile b C Morris | 0 | 1 | |||
Angelo Perera | c JP Duminy b T Shamsi | 11 | 18 | |||
Dhananjaya de Silva | (runout) JP Duminy | 10 | 13 | |||
Isuru Udana | not out | 84 | 48 | |||
Akila Dananjaya | b T Shamsi | 1 | 2 | |||
Lasith Malinga | b C Morris | 8 | 4 | |||
Jeffrey Vandersay | not out | 0 | 0 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Dale Steyn | 3 | 0 | 34 | 2 | 11.33 |
Chris Morris | 4 | 1 | 32 | 3 | 8.00 |
Lutho Sipamla | 4 | 0 | 42 | 0 | 10.50 |
Dwaine Pretorius | 4 | 0 | 22 | 1 | 5.50 |
Tabraiz Shamsi | 4 | 0 | 16 | 2 | 4.00 |
JP Duminy | 1 | 0 | 18 | 0 | 18.00 |