දකුණු අප්‍රිකාව හා සංචාරක එංගලන්ත කණ්ඩායම් අතර අද (4) පැවැත්වීමට නියමිතව තිබුණු පළමු එක්දින තරගය කල් දැමීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට COVID-19 වැළඳී ඇතැයි තහවුරු වී ඇති නිසාවෙන්. මේ තීරණය දැනුම් දෙමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා.
CONFIRMED: Cricket South Africa and @ECB_cricket confirm the postponement of the first #BetwayODI of the three-match series to Sunday, 06 December 2020. #SAvENG pic.twitter.com/wRXpr7YYA9
— Cricket South Africa (@OfficialCSA) December 4, 2020
“කණ්ඩායම් දෙකේ, තරග නිලධාරීන්ගේ හා මෙම තරගයට සම්බන්ධ හැමෝගෙම ආරක්ෂාව තකා දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ප්‍රධානි Kugandrie Govender හා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි Tom Harrison මේ තරගය ඉරිදා තෙක් කල් දමන්නට කැමැත්ත පල කළා” දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබුණා.
තවත් ක්‍රිකට් පුවත්:
- ඇන්ජලෝ මහනුවර ඇතුන් මට්ටු කරයි
- ස්වභාවධර්මය වෙනුවෙන් Jaffna Stallions නිල ඇදුම වෙනසක්
- Afridiගේ ප්‍රකාශයට Naveen-ul-Haqගෙන් පිළිතුරු
“මේ තීරණය ගන්නට හේතු වුනේ එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර පසුගිය බ්‍රහස්පතින්දා අවසන් වරට කළ COVID-19 පරීක්ෂණවලින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට COVID-19 වැළඳී ඇතැයි තහවුරු වූ නිසයි.”
කණ්ඩායම් දෙකම තරගය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණ තිබුනත්, තරගය ආරම්භ වීමට පැයකට පෙර දෙරටේ බලධාරීන් තරගය කල් දැමීමේ තීරණය ගෙන තිබුණා.
කොරෝනා වැළඳුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාගේ නම හෙළි කර නැති අතර ඔහු දකුණු අප්‍රිකානු කණ්ඩායමෙන් හුදකලා කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.
දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර දෙවන තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන සඳුදායි. තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එළඹෙන බදාදා යි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<