සත්කාරක ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකාව අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනේ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 67ක ජයක් හිමිකර දෙමිනි.
ඒ අනුව තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමකට රැගෙන ඒමට ද දකුණු අප්‍රිකානුවන්ට හැකි වුනා. පැවති අයහපත් කාලගුණය නිසා තරගයෙන් මිනිත්තු 90ක පමණ කාලයක් අහිමිව ගිය නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා වුනා.
නව තණතීරුවක් මත පැවැත්වෙන මේ තරගය සඳහා දකුණු අප්‍රිකාව වෙනස්කම් තුනක් සිදු කරමින් George Linde, Reeza Hendricks සහ Wiaan Mulder කණ්ඩායමට කැඳවා තිබුණා. ඒ අනුව පළමු එක්දින තරගය ක්‍රීඩා කළ Temba Bavuma, Kyle Verreynne සහ Anrich Nortje මේ තරගයට ක්‍රීඩා කළේ නැහැ.
George Linde ක්‍රීඩා කරනු ලබන ජාත්‍යන්තර මංගල එක්දින තරගය ද මෙයයි. ශ්‍රී ලංකාව සිය ජයග්‍රාහී කණ්ඩායමේ කිසිඳු වෙනසක් නොකොට මේ තරගයට අවතීර්ණ වුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම – Avishka Fernando, Minod Bhanuka, Bhanuka Rajapaksa, Dhananjaya De Silva, Charith Asalanka, Dasun Shanaka (නායක), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Akila Dananjaya, Praveen Jayawickrama
දකුණු අප්‍රිකානු කණ්ඩායම – Aiden Markram, Janneman Malan, Reeza Hendricks, Rassie van der Dussen, Wiaan Mulder, Heinrich Klaasen, Andile Phehlukwayo, Keshav Maharaj (නායක), Kagiso Rabada, Tabraiz Shamsi, George Linde
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුව පිතිකරණය තෝරාගනිමින් පිටියට පිවිසියා. පළමු තරගයේ දී මෙන් පළමු කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට Markram සහ Malan සමත් වුනා. එහි දී ඔවුන් දෙදෙනා ලකුණු 43ක සබඳතාවයක් ගොඩනැංවූ නමුත් එය අර්ධ ශතක සබඳතාවයක් දක්වා රැගෙන යාමට චාමික අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.
ඒ තමන් යොමු කළ පළමු පන්දුවාරයේ දීම Markramගේ කඩුල්ල දවාගෙනයි. පළමු තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වුනු Markram අද ලබා ගත්තේ ලකුණු 21ක් පමණයි.
පළමු Powerplay අවස්ථාව අවසන් වන විට, දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබාගෙන සිටි අතර ඒ වන විට ඔවුන්ගේ පන්දු 30ක් නිලකුණු පන්දු ලෙස උඳුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණා.
ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ම ඉවත් වූ නායක Temba Bavuma වෙනුවෙන් අද තරගයට ක්‍රීඩා කළ Reeza සමඟ එක්වුණු Malan දෙවැනි කඩුල්ල සඳහා පන්දු 112ක් තුල තුල ලකුණු 96ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවීමට සමත් වුනා.
දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු පන්දුවාර 26 තුල දඟපන්දු යවන්නන් සඳහා තණතීරුවෙන් එතරම් හොඳ සහයෝගයක් නොලැබුණු නමුත්, ඉන්පසුව දඟපන්දු යවන්නන් සඳහා තණතීරුවෙන් යම් සහයක් ලැබෙන බවක් පෙනී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස සිය එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි අර්ධ ශතකය ලබාගෙන සිටි Reezaගේ කඩුල්ල (ලකුණු 51) දවා ගැනීමට ධනංජයට හැකියාව ලැබුණා.
පන්දුවාර 36ක් අවසන් වන විට දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබාගෙන සිටි අතර කඩුලු රකින පිතිකරු Klaasen සමඟ පිටියට එකතු වූ Malan සිව්වැනි කඩුල්ල සඳහා පන්දු 54ක් තුල ලකුණු 86ක වේගවත් සබඳතාවයක් ගොඩනංවූවා. ඒ සඳහා ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වලතාවයන් ද විශාල සහයක් වුනා. පන්දු 27ක දී ලකුණු 43ක් ලබා ගත් Klaasenගේ කඩුල්ල දවා ගැනීමට ද සමත් වුනේ චමීරයි.
මිනිත්තු 197කට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වුනු Malan 4 පහර 9ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් තෙවැනි ශතකය ලබා ගැනීමට සමත් වුනා. පන්දු 135ක දී වාර්තා වුනු ඔහුගේ ඉනිම ලකුණු 121කට සීමා කිරීමට චමීරට හැකියාව ලැබුණා.
පන්දුවාර 40ක් අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 209ක් ලබාගෙන සිටි දකුණු අප්‍රිකානුවන් අවසන් පන්දුවාර 7 තුල ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනු අතර එහි දී ඔවුන්ගේ කඩුලු 3ක් බිඳ වැටුණා. අවසානයේ දී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී චාමික ලකුණු 24කට කඩුලු 2ක් දවා ගන්නා විට චමීර ලකුණු 52කට කඩුලු 2ක් දවා ගත්තා. එසේම පළමු තරගයේ දී අතිරේක ලකුණු 5ක් පමණක් ලබා දුන් ශ්‍රී ලංකාව මේ තරගයේ දී දුර්වල පන්දු රැකීමට අමතරව තවත් අතිරේක ලකුණු 13ක් දකුණු අප්‍රිකානු ලකුණු සටහනට එකතු කළා.
- Video – “එංගලන්තයේ දී වුන අසාර්ථකත්වය තමයි මේ සාර්ථකත්වයේ රහස” – Charith Asalanka
- දකුණු අප්‍රිකානු කණ්ඩායම කබලෙන් ලිපට; නායකත්වයේ වෙනසක්
- සුපර් ලීගයේ ලකුණු 10ක් සමඟ තරගාවලියේ පෙරමුණ ශ්‍රී ලංකාවට
- දඹුල්ලට අලුත් හිමිකාරයෙක්; නමත් වෙනස් වෙයි
- 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය අවිශ්කට
මිනෝද් සහ අවිශ්ක ලකුණු 284ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම සඳහා ආරම්භය ලබා ගත් නමුත්, ඔවුන් දෙදෙනාගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය වැඩි වෙලාවක් පැවතීමට දකුණු අප්‍රිකානු ආරම්භක වේගපන්දු යවන්නන් දෙදෙනා වුනු Mulder සහ Rabada අවස්ථාව ලබා දුන්නේ නැහැ.
පළමු තරගයේ වීරයා වෙමින් ශතකයක් ලබා ගත් අවිශ්කට මේ තරගයේ දී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 8ක් පමණයි. මිනෝද් (ලකුණු 7) සහ රාජපක්ෂ (ලකුණු 0) හට මේ තරගයේ දී ද ලකුණු අතරට පැමිණීමට නොහැකි වුනු අතර ඒ නිසාවෙන් ඔවුන් දෙදෙනා හට මීළඟ තරගයේ දී ද අවස්ථාවක් ලබා දෙනවා ද, නැද්ද යන්න පුහුණුකරුවන් සහ තේරීම් කමිටුවට විශාල හිසරදයක් වනු නිසැකය.
Powerplay අවස්ථාව අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලබාගෙන සිටියේ නිලකුණු පන්දු 42ක් වැය කරමිනි. ධනංජය සහ අසලංක සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 42ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන යම් මට්ටමකට රැගෙන ඒම සඳහා සහය වුනු නමුත් එය සාර්ථක වුනේ නැහැ.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ශ්‍රී ලංකා ඉනිමේ 25 වැනි පන්දුවාරය අවසන් වන විට ම නැවතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසාවෙන් තවත් පන්දුවාර 6ක් අඩු කිරීමට විනිසුරුවරුන් තීරණය කළා. ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 41ක් තුල ලකුණු 265ක ඉලක්කයක් හඹා යාමට ශ්‍රී ලංකාවට සිදු වුනා.
තරගය නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ක්‍රියාත්මක වූ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ලකුණු 30ක් ලබාගෙන සිටි නායක ශානකගේ ඉනිම අවසන් වීමත් සමඟ අසලංක සමඟින් එක්ව ගොඩනැංවූ ලකුණු 64 සබඳතාවය අවසන් වුනා.
සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමේ වාර්තාව නැවතත් අලුත් කර ගත් අසලංක 3 වැනි අර්ධ ශතකය වාර්තා කරගනිමින් පන්දු 69ක් තුල ලකුණු 77ක් ලබාගෙන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් වෙත යම් බලාපොරොත්තුවක් ලබා දීමට උත්සහ කළත්, එය සාර්ථක වුනේ නැහැ. ඔහුගේ එම ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුනා.
චාමික ලකුණු 36ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කළ නමුත් Maharajගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියා.
සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම වාර්තා කළ Shamsi ලකුණු 49කට කඩුලු 5ක් දවා ගත් අතර පන්දුවාර 34කුත් පන්දු 4ක් අවසානයේ දී ශ්‍රී ලංකාවට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 197ක් පමණයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Janneman Malan | lbw b Dushmantha Chameera | 121 | 135 | 9 | 1 | 89.63 |
Aiden Markram | c Minod Bhanuka b Chamika Karunaratne | 21 | 29 | 1 | 1 | 72.41 |
Reeza Hendricks | b Dhananjaya de Silva | 51 | 54 | 5 | 0 | 94.44 |
Rassie van der Dussen | st Minod Bhanuka b Wanindu Hasaranga | 16 | 25 | 1 | 0 | 64.00 |
Heinrich Klaasen | c Dasun Shanaka b Dushmantha Chameera | 43 | 27 | 4 | 1 | 159.26 |
Andile Phehlukwayo | c & b Chamika Karunaratne | 4 | 4 | 0 | 0 | 100.00 |
Wiaan Mulder | not out | 5 | 4 | 0 | 0 | 125.00 |
George Linde | not out | 9 | 5 | 1 | 0 | 180.00 |
Extras | 13 (b 1 , lb 0 , nb 1, w 11, pen 0) |
Total | 283/6 (47 Overs, RR: 6.02) |
Did not bat | Keshav Maharaj, Kagiso Rabada, Tabraiz Shamsi, |
Fall of Wickets | 1-43 (8.5) Aiden Markram, 2-139 (27.3) Reeza Hendricks, 3-177 (35.5) Rassie van der Dussen, 4-263 (44.5) Heinrich Klaasen, 5-263 (44.6) Janneman Malan, 6-269 (45.6) Andile Phehlukwayo, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dushmantha Chameera | 7 | 0 | 52 | 2 | 7.43 | |
Praveen Jayawickrama | 8 | 0 | 46 | 0 | 5.75 | |
Akila Dananjaya | 7 | 0 | 46 | 0 | 6.57 | |
Chamika Karunaratne | 5 | 0 | 25 | 2 | 5.00 | |
Wanindu Hasaranga | 10 | 0 | 63 | 1 | 6.30 | |
Dasun Shanaka | 3 | 0 | 21 | 0 | 7.00 | |
Dhananjaya de Silva | 7 | 0 | 30 | 1 | 4.29 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avishka Fernando | c Reeza Hendricks b Kagiso Rabada | 8 | 15 | 1 | 0 | 53.33 |
Minod Bhanuka | c Heinrich Klaasen b Wiaan Mulder | 7 | 13 | 0 | 0 | 53.85 |
Bhanuka Rajapaksa | c Heinrich Klaasen b Kagiso Rabada | 0 | 3 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | c Heinrich Klaasen b Tabraiz Shamsi | 12 | 24 | 0 | 0 | 50.00 |
Charith Asalanka | c Tabraiz Shamsi b Kyle Verreynne | 77 | 69 | 4 | 3 | 111.59 |
Dasun Shanaka | c George Linde b Tabraiz Shamsi | 30 | 41 | 2 | 0 | 73.17 |
Wanindu Hasaranga | c & b George Linde | 3 | 4 | 0 | 0 | 75.00 |
Chamika Karunaratne | b Keshav Maharaj | 36 | 23 | 1 | 2 | 156.52 |
Dushmantha Chameera | b Tabraiz Shamsi | 11 | 23 | 0 | 0 | 47.83 |
Akila Dananjaya | c Aiden Markram b Tabraiz Shamsi | 3 | 4 | 0 | 0 | 75.00 |
Praveen Jayawickrama | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0) |
Total | 197/10 (36.4 Overs, RR: 5.37) |
Fall of Wickets | 1-18 (4.3) Avishka Fernando, 2-18 (4.6) Bhanuka Rajapaksa, 3-19 (5.1) Minod Bhanuka, 4-61 (14.1) Dhananjaya de Silva, 5-125 (26.1) Dasun Shanaka, 6-141 (27.5) Wanindu Hasaranga, 7-147 (28.4) Charith Asalanka, 8-192 (35.3) Chamika Karunaratne, 9-194 (36.1) Dushmantha Chameera, 10-194 (36.4) Akila Dananjaya, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 6 | 0 | 16 | 2 | 2.67 | |
Wiaan Mulder | 5 | 0 | 30 | 1 | 6.00 | |
Keshav Maharaj | 8 | 0 | 32 | 1 | 4.00 | |
Tabraiz Shamsi | 7.4 | 0 | 49 | 5 | 6.62 | |
Andile Phehlukwayo | 5 | 0 | 28 | 0 | 5.60 | |
George Linde | 5 | 0 | 40 | 1 | 8.00 |
තරගයේ වීරයා – Janneman Malan
එම ජයග්‍රහණයත් සමඟින් ICC එක්දින සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුනේ ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය දක්වා පසුපසට ඇද දමමිනි.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 7 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා. එම තරගය ජයග්‍රහණය කිරීමට දෙපිලටම වැදගත් වන්නේ තරගාවලියේ ජයග්‍රහණය එම තරගය මත රඳා පවතින නිසාවෙනි. මේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com අපි සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<