දකුණු අප්රිකානු A කණ්ඩායම සහ ශ්රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (21) කොළඹ, පී. සරා ඕවල් ක්රීඩාංගණයේ දී ක්රියාත්මක වුනා.
දිනය අවසන් වන විට සිය පිළිතුරු දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 180ක් ලබාගෙන සිටියේ, දකුණු අප්රිකානු A කණ්ඩායමට වඩා ලකුණු 226ක වාසියක් ලබාගෙනයි.
ශ්රී ලංකාව ලබාගත් ලකුණු 290ට පිළිතුරු දෙමින් සිටි දකුණු අප්රිකානු A කණ්ඩායම දිනය ආරම්භ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබාගෙන සිටියා. කෙසේ නමුත් ඔවුන්ගේ අවසන් කඩුලු 4 පන්දුවාර 4කුත් පන්දු 3ක් තුල ලකුණු 7කට දවාගැනීමට ලක්ෂිත මනසිංහ ඇතුළු ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.
සිය පළමු පෙළ ක්රිකට් දිවියේ 10 වැනි කඩුලු 5 අවස්තාව සාර්ථක කරගත් මනසිංහ ලකුණු 48කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වන විට, විශ්ව ප්රනාන්දු ලකුණු 45කට කඩුලු 3ක් දවාගත්තා. ප්රවීන් ජයවික්රම කඩුලු 2යි.
- පාකිස්තාන ක්රිකට් සභාපතිගෙන් විශේෂ තීරණයක්
- එක්දින ලෝක කුසලානයේ දල කාලසටහන එළියට
- නවසීලන්ත ක්රීඩිකාවකට ශ්රී ලංකා සංචාරය අහිමි වෙයි
- ශ්රී ලංකාවට එරෙහි නවසීලන්ත සංචිතය නම් කරයි
පළමු ඉනිම තුලදී ද ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ලකුණු 59ක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවූ නිශාන් මදුෂ්ක සහ ලසිත් කෘස්පුල්ලේ මේ දෙවැනි ඉනිම තුල ලකුණු 62ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්රී ලංකා ආරම්භය සාර්ථක කළා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාටම සිය අර්ධ ශතක ලබාගැනීමට නොහැකි වුනු අතර මදුෂ්ක ලකුණු 40කට සහ කෘස්පුල්ලේ ලකුණු 30කට දැවී ගියා.
ලකුණු 72කට කඩුලු 3ක් දැවී ගොස් තිබුණු ශ්රී ලංකා ඉනිම තවදුරටත් ස්ථාවර කිරීමේ වගකීම සිය උර මතට ගත් මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර තෙවැනි දිනයේ අවසානය වන විට නොදැවුණු ලකුණු 157*ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්රී ලංකා ලකුණු සටහන ඔසවා තැබුවා.
>>Photos – Sri Lanka A Vs South Africa A | 2nd Four Dayer | Day 3<<
අයහපත් ආලෝක තත්වය මත තරගයේ තෙවැනි දිනය නියමිත වේලාවට පෙර අවසන් වුනු අතර ඒ වන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටියා. නොදැවී ක්රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින මිනෝද් සිය 25 වැනි පළමු පෙළ අර්ධ ශතකය වාර්තා කරගනිමින් නොදැවී ලකුණු 79*ක් ලබාගෙන සිටින්නේ 4 පහර 5ක් සහ 6 පහර 4ක් එල්ල කරමිනි.
මිනෝද් හට අගනා සහයක් ලබාදුන් සිය පළමු ශ්රී ලංකා A සිව්දින තරගයට ක්රීඩා කරන සූරියබණ්ඩාර සිය5 වැනි පළමු පෙළ අර්ධ ශතකය ලබාගෙන නොදැවී ලකුණු 73*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා. ඔහු දකුණු අප්රිකානු පන්දු යවන්නන්ට එරෙහිව දැනට 4 පහර 8ක් සහ 6 පහරක් එල්ල කර තිබෙනවා.
නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත මේ තරගාවලියේ 1-0ක් ලෙස ශ්රී ලංකා A කණ්ඩායම ඉදිරියෙන් සිටින අතර හෙට (22) මේ දෙවැනි සිව්දින තරගයේ අවසන් දිනයයි.
තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | lbw b Senuran Muthusamy | 33 | 41 | 6 | 0 | 80.49 |
Lasith Croospulle | st Kyle Verreynne b Senuran Muthusamy | 27 | 42 | 3 | 1 | 64.29 |
Minod Bhanuka | c Kyle Verreynne b Senuran Muthusamy | 32 | 42 | 4 | 1 | 76.19 |
Pasindu Sooriyabandara | b Lutho Sipamla | 41 | 52 | 6 | 0 | 78.85 |
Kamindu Mendis | c Kyle Verreynne b Lizaad Williams | 1 | 13 | 0 | 0 | 7.69 |
Lahiru Udara | c Zubayr Hamza b Senuran Muthusamy | 33 | 54 | 5 | 1 | 61.11 |
Ramesh Mendis | c Tshepo Moreki b Lutho Sipamla | 62 | 123 | 5 | 2 | 50.41 |
Lakshitha Manasinghe | c Zubayr Hamza b Senuran Muthusamy | 13 | 20 | 3 | 0 | 65.00 |
Milan Rathnayake | c Kyle Verreynne b Beyers Swanepoel | 35 | 58 | 5 | 1 | 60.34 |
Praveen Jayawickrama | c Beyers Swanepoel b Senuran Muthusamy | 0 | 8 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 1 , lb 3 , nb 7, w 2, pen 0) |
Total | 290/10 (75.1 Overs, RR: 3.86) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lutho Sipamla | 11 | 1 | 36 | 2 | 3.27 | |
Lizaad Williams | 6 | 0 | 26 | 1 | 4.33 | |
Beyers Swanepoel | 13 | 1 | 67 | 1 | 5.15 | |
Tshepo Moreki | 16 | 3 | 45 | 0 | 2.81 | |
Senuran Muthusamy | 26.1 | 4 | 101 | 6 | 3.87 | |
Tristan Stubbs | 2 | 0 | 9 | 0 | 4.50 | |
Tony de Zorzi | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | lbw b Vishwa Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Matthew Breetzke | lbw b Vishwa Fernando | 10 | 14 | 2 | 0 | 71.43 |
Tristan Stubbs | lbw b Vishwa Fernando | 117 | 181 | 15 | 1 | 64.64 |
Keegan Petersen | b Lakshitha Manasinghe | 50 | 143 | 4 | 0 | 34.97 |
Zubayr Hamza | b Lakshitha Manasinghe | 46 | 76 | 6 | 0 | 60.53 |
Kyle Verreynne | not out | 38 | 50 | 2 | 2 | 76.00 |
Senuran Muthusamy | lbw b Lakshitha Manasinghe | 10 | 23 | 1 | 0 | 43.48 |
Beyers Swanepoel | c Pasindu Sooriyabandara b Praveen Jayawickrama | 4 | 12 | 1 | 0 | 33.33 |
Lizaad Williams | c Milan Rathnayake b Praveen Jayawickrama | 2 | 5 | 0 | 0 | 40.00 |
Lutho Sipamla | c & b Lakshitha Manasinghe | 1 | 5 | 0 | 0 | 20.00 |
Tshepo Moreki | lbw b Lakshitha Manasinghe | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 16 (b 5 , lb 6 , nb 4, w 1, pen 0) |
Total | 294/10 (84.3 Overs, RR: 3.48) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 13.4 | 2 | 45 | 3 | 3.36 | |
Milan Rathnayake | 11.2 | 1 | 30 | 0 | 2.68 | |
Praveen Jayawickrama | 29 | 3 | 102 | 2 | 3.52 | |
Ramesh Mendis | 14 | 0 | 58 | 0 | 4.14 | |
Lakshitha Manasinghe | 16.3 | 2 | 48 | 5 | 2.94 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Beyers Swanepoel b Tristan Stubbs | 40 | 76 | 3 | 2 | 52.63 |
Lasith Croospulle | c Keegan Petersen b Tshepo Moreki | 30 | 72 | 3 | 1 | 41.67 |
Minod Bhanuka | c Tony de Zorzi b Lizaad Williams | 130 | 207 | 10 | 5 | 62.80 |
Pasindu Sooriyabandara | not out | 113 | 147 | 12 | 2 | 76.87 |
Extras | 14 (b 4 , lb 3 , nb 3, w 4, pen 0) |
Total | 327/3 (83.1 Overs, RR: 3.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Beyers Swanepoel | 11 | 2 | 28 | 0 | 2.55 | |
Lizaad Williams | 10.1 | 1 | 52 | 1 | 5.15 | |
Senuran Muthusamy | 30 | 5 | 121 | 0 | 4.03 | |
Lutho Sipamla | 5 | 0 | 18 | 0 | 3.60 | |
Tshepo Moreki | 13 | 2 | 33 | 1 | 2.54 | |
Tristan Stubbs | 14 | 0 | 68 | 1 | 4.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | run out (Pasindu Sooriyabandara) | 35 | 49 | 6 | 0 | 71.43 |
Matthew Breetzke | c Milan Rathnayake b Praveen Jayawickrama | 38 | 108 | 4 | 0 | 35.19 |
Tristan Stubbs | lbw b Ramesh Mendis | 12 | 20 | 0 | 1 | 60.00 |
Keegan Petersen | c Nishan Madushka b Praveen Jayawickrama | 29 | 97 | 1 | 0 | 29.90 |
Zubayr Hamza | not out | 24 | 75 | 1 | 0 | 32.00 |
Kyle Verreynne | not out | 8 | 12 | 1 | 0 | 66.67 |
Extras | 10 (b 9 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 156/4 (60 Overs, RR: 2.6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 7 | 0 | 26 | 0 | 3.71 | |
Lakshitha Manasinghe | 16 | 3 | 51 | 0 | 3.19 | |
Milan Rathnayake | 5 | 2 | 6 | 0 | 1.20 | |
Praveen Jayawickrama | 18 | 3 | 43 | 2 | 2.39 | |
Ramesh Mendis | 14 | 5 | 21 | 1 | 1.50 |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<