ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (20) කොළඹ, පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.
දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 3ක් පමණක් පසුපසින් සිටිමින්.
දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 257ක් ලබාගෙන සිටියා. රමේෂ් මෙන්ඩිස් සහ මිලාන් රත්නායක අතර 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 65 සබඳතාවයට තිත තබමින් ලකුණු 35ක් ලබාගෙන සිටි රත්නායක Beyers Swanepoelගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර එම සබඳතාවය ශ්‍රී ලංකා ඉනිම තුල ගොඩනැංවුණු හොඳම සබඳතාවය ද වුනා.
එහි දී පසුපෙළ පිතිකරුවන් සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු රමේෂ් මෙන්ඩිස් අංක 7 පිතිකරු ලෙස 4 පහර 5ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 62ක් ලබා ගත්තා. එය ඔහුගේ 18 වැනි පළමු පෙළ අර්ධ ශතකයයි.
අවසානයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා කිරීමට Senuran Muthusamy ඇතුළු දකුණු අප්‍රිකානු A පන්දු යවන්නන් සමත් වුනා. පළමු සිව්දින තරගයේ දී කඩුලු 12ක් දවා ගත් Muthusamy මේ තරගයේ පළමු ඉනිම තුල කඩුලු 6ක් දවාගෙන දස්කම් දැක්වූවා.
- වනිඳුගේ නැගිටීම හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දරුණු පරාජයක්!
- දිමුත් සහ කුසල්ගෙන් ශතක; මතීෂගෙන් හොඳ පන්දු යැවීමක්
- දසුන් සහ දිමුත් පුහුණු තරගයේ ජය තහවුරු කරයි
- සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අපේ ප්‍රතිවාදීන්
- දකුණු අප්‍රිකාව අභිබවා ගිය ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට
ශ්‍රී ලංකා A පළමු ඉනිමට පිළිතුරු දීම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක Tony de Zorzi තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා.
ඉන් නොනැවතුණු ප්‍රනාන්දු ඔවුන්ගේ ආරම්භක පිතිකරණ යුගලයේ අනෙක් ක්‍රීඩකයා වුනු Matthew Breetzke ද දවා ගනිමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. Tristan Stubbs සමඟ එක්වූ Keegan Petersen තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අභියෝගයට එරෙහිව සාර්ථක ප්‍රතිප්‍රහාර ලබා දුන්නා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වුනු එම සබඳතාවය අවසන් කරමින් පන්දු 143ක් තුල ලකුණු 50ක් ලබා ගත් Keegan Petersenගේ කඩුල්ල ලක්ෂිත මනසිංහ විසින් දවා ගනිමින් යම් සහනයක් ශ්‍රී ලංකාවට රැගෙන ආවා. ඔහු අද දිනයේ දී ලබාගත්තේ සිය 37 වැනි පළමු පෙළ අර්ධ ශතකයයි.
සිය තෙවැනි පළමු පෙළ ශතකය වාර්තා කර ගත් දකුණතින් පිතිකරණයේ නිරත වන Tristan Stubbs 4 පහර 15ක් සහ 6 පහරක් සමඟ ලකුණු 117ක් ලබාගෙන දකුණු අප්‍රිකානු ඉනිමේ කොඳුනාරටිය බවට පත්වුණු අතර විශ්ව ප්‍රනාන්දු ඔහුගේ කඩුල්ල දවා ගනිමින් දෙවැනි දිනයේ අවසානය වන විට කඩුලු 3ක් දවා ගත්තා.
Zubayr Hamza ලකුණු 46කට දැවී ගියා. දිනයේ අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Kyle Verreynne සහ Beyers Swanepoel පිළිවෙළින් ලකුණු 34*ක් සහ ලකුණු 4*ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටිනවා.
විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගන්නා විට, දකුණතින් පිට දඟපන්දු යවන ලක්ෂිත මනසිංහ ද කඩුලු 3ක් දවාගෙන දස්කම් අතරට පැමිණියා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | lbw b Senuran Muthusamy | 33 | 41 | 6 | 0 | 80.49 |
Lasith Croospulle | st Kyle Verreynne b Senuran Muthusamy | 27 | 42 | 3 | 1 | 64.29 |
Minod Bhanuka | c Kyle Verreynne b Senuran Muthusamy | 32 | 42 | 4 | 1 | 76.19 |
Pasindu Sooriyabandara | b Lutho Sipamla | 41 | 52 | 6 | 0 | 78.85 |
Kamindu Mendis | c Kyle Verreynne b Lizaad Williams | 1 | 13 | 0 | 0 | 7.69 |
Lahiru Udara | c Zubayr Hamza b Senuran Muthusamy | 33 | 54 | 5 | 1 | 61.11 |
Ramesh Mendis | c Tshepo Moreki b Lutho Sipamla | 62 | 123 | 5 | 2 | 50.41 |
Lakshitha Manasinghe | c Zubayr Hamza b Senuran Muthusamy | 13 | 20 | 3 | 0 | 65.00 |
Milan Rathnayake | c Kyle Verreynne b Beyers Swanepoel | 35 | 58 | 5 | 1 | 60.34 |
Praveen Jayawickrama | c Beyers Swanepoel b Senuran Muthusamy | 0 | 8 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 1 , lb 3 , nb 7, w 2, pen 0) |
Total | 290/10 (75.1 Overs, RR: 3.86) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lutho Sipamla | 11 | 1 | 36 | 2 | 3.27 | |
Lizaad Williams | 6 | 0 | 26 | 1 | 4.33 | |
Beyers Swanepoel | 13 | 1 | 67 | 1 | 5.15 | |
Tshepo Moreki | 16 | 3 | 45 | 0 | 2.81 | |
Senuran Muthusamy | 26.1 | 4 | 101 | 6 | 3.87 | |
Tristan Stubbs | 2 | 0 | 9 | 0 | 4.50 | |
Tony de Zorzi | 1 | 0 | 2 | 0 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | lbw b Vishwa Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Matthew Breetzke | lbw b Vishwa Fernando | 10 | 14 | 2 | 0 | 71.43 |
Tristan Stubbs | lbw b Vishwa Fernando | 117 | 181 | 15 | 1 | 64.64 |
Keegan Petersen | b Lakshitha Manasinghe | 50 | 143 | 4 | 0 | 34.97 |
Zubayr Hamza | b Lakshitha Manasinghe | 46 | 76 | 6 | 0 | 60.53 |
Kyle Verreynne | not out | 38 | 50 | 2 | 2 | 76.00 |
Senuran Muthusamy | lbw b Lakshitha Manasinghe | 10 | 23 | 1 | 0 | 43.48 |
Beyers Swanepoel | c Pasindu Sooriyabandara b Praveen Jayawickrama | 4 | 12 | 1 | 0 | 33.33 |
Lizaad Williams | c Milan Rathnayake b Praveen Jayawickrama | 2 | 5 | 0 | 0 | 40.00 |
Lutho Sipamla | c & b Lakshitha Manasinghe | 1 | 5 | 0 | 0 | 20.00 |
Tshepo Moreki | lbw b Lakshitha Manasinghe | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 16 (b 5 , lb 6 , nb 4, w 1, pen 0) |
Total | 294/10 (84.3 Overs, RR: 3.48) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 13.4 | 2 | 45 | 3 | 3.36 | |
Milan Rathnayake | 11.2 | 1 | 30 | 0 | 2.68 | |
Praveen Jayawickrama | 29 | 3 | 102 | 2 | 3.52 | |
Ramesh Mendis | 14 | 0 | 58 | 0 | 4.14 | |
Lakshitha Manasinghe | 16.3 | 2 | 48 | 5 | 2.94 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Beyers Swanepoel b Tristan Stubbs | 40 | 76 | 3 | 2 | 52.63 |
Lasith Croospulle | c Keegan Petersen b Tshepo Moreki | 30 | 72 | 3 | 1 | 41.67 |
Minod Bhanuka | c Tony de Zorzi b Lizaad Williams | 130 | 207 | 10 | 5 | 62.80 |
Pasindu Sooriyabandara | not out | 113 | 147 | 12 | 2 | 76.87 |
Extras | 14 (b 4 , lb 3 , nb 3, w 4, pen 0) |
Total | 327/3 (83.1 Overs, RR: 3.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Beyers Swanepoel | 11 | 2 | 28 | 0 | 2.55 | |
Lizaad Williams | 10.1 | 1 | 52 | 1 | 5.15 | |
Senuran Muthusamy | 30 | 5 | 121 | 0 | 4.03 | |
Lutho Sipamla | 5 | 0 | 18 | 0 | 3.60 | |
Tshepo Moreki | 13 | 2 | 33 | 1 | 2.54 | |
Tristan Stubbs | 14 | 0 | 68 | 1 | 4.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | run out (Pasindu Sooriyabandara) | 35 | 49 | 6 | 0 | 71.43 |
Matthew Breetzke | c Milan Rathnayake b Praveen Jayawickrama | 38 | 108 | 4 | 0 | 35.19 |
Tristan Stubbs | lbw b Ramesh Mendis | 12 | 20 | 0 | 1 | 60.00 |
Keegan Petersen | c Nishan Madushka b Praveen Jayawickrama | 29 | 97 | 1 | 0 | 29.90 |
Zubayr Hamza | not out | 24 | 75 | 1 | 0 | 32.00 |
Kyle Verreynne | not out | 8 | 12 | 1 | 0 | 66.67 |
Extras | 10 (b 9 , lb 0 , nb 1, w 0, pen 0) |
Total | 156/4 (60 Overs, RR: 2.6) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 7 | 0 | 26 | 0 | 3.71 | |
Lakshitha Manasinghe | 16 | 3 | 51 | 0 | 3.19 | |
Milan Rathnayake | 5 | 2 | 6 | 0 | 1.20 | |
Praveen Jayawickrama | 18 | 3 | 43 | 2 | 2.39 | |
Ramesh Mendis | 14 | 5 | 21 | 1 | 1.50 |
හෙට (21) තරගයේ තෙවැනි දිනයයි. තරගාවලියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<