Home Sinhala දකුණු අප්‍රිකාව අභිබවා ගිය ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

දකුණු අප්‍රිකාව අභිබවා ගිය ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3818

අද (14) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු නිල නොවන සිව්දින තරගයෙන් ලකුණු 160ක දැවැන්ත ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගැනිමට සමත් වුනා.

තෙවැනි දිනයේ ආරම්භයත් සමඟ දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වුවත්, පළමු ඉනිමේ ලද ලකුණු 194ක වාසිය නිසා තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 346ක් ලබා ගත යුතුව තිබුණා. එහි දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 151කට සීමා කිරීමට සෙනුරන් මුතුසාමි ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වුනා.

පන්දුවාර 38.4ක දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම හමාර වෙද්දී, පළමු ඉනිමේ පරිදිම කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු වමතින් දඟපන්දු යවන මුතුසාමි ලකුණු 53කට කඩුලු 5ක් දවා ගත්තා. ඒ අනුව ඔහු පළමු ඉනිමේ ලද කඩුලු 7 ද සමඟින් සමස්ත තරගය පුරාවට ලකුණු 175කට කඩුලු 12ක් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැය කරන ලද පන්දුවාර 38න් පන්දුවාර 16.4ක් ක්‍රියාත්මක කළ මුතුසාමි නිලකුණු පන්දුවාර 3ක් ද සමඟ ලකුණු 53කට බිඳ දැමූ කඩුලු ගණන 5ක්. තණතීරුවේ සහයෝගය එන්න එන්නම දඟපන්දු යවන්නන් වෙත හිමි වෙද්දී, ඉන් උපරිම වාසිය ලබා ගත් මේ වමත් දඟපන්දු යවන්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රමේෂ් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගනිමින් දෙවැනි වතාවටත් කඩුලු 5 සම්පූර්ණ කරගත්තා. මුත්තුසාමි පළමු ඉනිමේ දී දවා ගත් කඩුලු 7 ද සමඟ මේ තරගය පුරාවට කඩුලු 12ක් දවා ගැනීම කැපී පෙනුණා.

>>Photos – South Africa ‘A’ tour to Sri Lanka 2023 – 1st Four Dayer | Day 2<<

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 3කට ක්‍රීඩා කර ඇති මුතුසාමි අද සිය පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරන්නට සමත් වුනා. ඉන්දීය සම්භවයක් ඇති 29 හැවිරිදි ඔහුගේ මීට පෙර හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 90කට කඩුලු 10ක් දවා ගැනීම සටහන් වී තිබුණා.

පළමු ඉනිමේ ලකුණු 98ක් ලබා ගත් ලසිත් කෲස්පුල්ලේ අද දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වුනා. වේගපන්දු යවන ලිසාඩ් විලියම්ස් විසින් කෲස්පුල්ලේව (ලකුණු 02) දවා ගනිද්දී, තණතීරුවේ සහය දඟපන්දු යවන්නන් වෙත වැඩි වශයෙන් නැඹුරු වී තිබීම නිසා දකුණු අප්‍රිකානු නායකයා සිය ප්‍රධානම අවිය වන මුතුසාමිව 6 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට කැඳවූවා. නුවනිඳු ප්‍රනාන්දුව (05) දවා ගත් මුතුසාමි නායකයාගේ බලාපොරොත්තුව අකුරටම ඉටු කළා.

එතැනින් නොනැවතුණු මුතුසාමි ළහිරු උදාර (09) සහ ජනිත් ලියනගේ (02) දෙදෙනාගේ ද කඩුලු දවා ගනිද්දී, 17 හැවිරිදි වමත් වේගපන්දු යවන්නා වූ ක්වේනා මපාකා නිපුන් ධනංජයගේ (11) කඩුල්ල දවා ගත්තා. ඒ වන විටත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 61කට කඩුලු 5ක් වශයෙන් දැක්වූ අතර එතෙක් වේලා හොඳින් පන්දුවට පහර දුන් කමිඳු මෙන්ඩිස් ද (35) මුතුසාමිගේ ගොදුරක් වූ නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 70කට කඩුලු 6ක් ලෙස අසීරු තත්ත්වයකට පත් වුනා.

කෙසේ වෙතත් පළමු ඉනිමේ පරිදිම මැදපෙළ ශක්තිමත් කළ රමේෂ් මෙන්ඩිස් ඉනි‌මේ වැඩිම ලකුණු ලාභියා වූයේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ද සමඟින් පන්දු 63ක දී ලකුණු 46ක් ලබා ගනිමින්. ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් මෙන්ඩිස් දැවී ගියේ මුතුසාමිගේ පස්වැනි ගොදුර බවට පත් වෙමින්.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 151කට සීමා වුවත්, පළමු ඉනිමේ ලද වාසියත් සමඟම දකුණු අප්‍රිකාවට ලකුණු 346ක ඉලක්කයක් හිමිවුවත් ඔවුන්ට සිය දෙවැනි ඉනිම තුල සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 185ක් පමණයි. ඒ අනුව අද දිනය තුල ලකුණු 336කට කඩුලු 20ක් බිඳ වැටීම කැපී පෙනුණා.

Keegan Petersen සහ මුතුසාමි දෙදෙනාම ලකුණු 29 බැගින් ලබා ගැනීමට සමත් වුවත් එම ලකුණු ප්‍රමාණය අභිබවා ලකුණු ලබා ගන්නට ඔවුන්ගේ අනෙක් පිතිකරුවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස්, ලක්ෂිත මනසිංහ සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු දෙක බැගින් දවා ගත් අතර මනසිංහ තරගය පුරාවට කඩුලු 7ක් බිඳ දැමුවා.

Result


Sri Lanka A Team
325/10 (83) & 151/10 (38.4)

South Africa A Team
131/10 (40) & 185/10 (50)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle lbw b Senuran Muthusamy 98 119 11 4 82.35
Lahiru Udara c Jordan Hermann b Kwena Maphaka 42 61 7 0 68.85
Nuwanidu Fernando c Tristan Stubbs b Senuran Muthusamy 10 32 1 0 31.25
Kamindu Mendis c Sinethemba Qeshile b Senuran Muthusamy 28 41 2 1 68.29
Nipun Dhananjaya c Keegan Petersen b Tristan Stubbs 13 25 1 0 52.00
Janith Liyanage  lbw b Senuran Muthusamy 1 8 0 0 12.50
Lakshitha Manasinghe b Kwena Maphaka 4 33 0 0 12.12
Ramesh Mendis lbw b Senuran Muthusamy 78 89 12 0 87.64
Lasith Embuldeniya lbw b Senuran Muthusamy 15 38 2 0 39.47
Milan Rathnayake not out 23 44 3 0 52.27
Dilshan Madushanka c Kwena Maphaka b Senuran Muthusamy 4 9 1 0 44.44


Extras 9 (b 3 , lb 4 , nb 1, w 1, pen 0)
Total 325/10 (83 Overs, RR: 3.92)
Fall of Wickets 1-66 (16.3) Lahiru Udara, 2-106 (28.4) Nuwanidu Fernando, 3-154 (38.2) Kamindu Mendis, 4-189 (45.3) Nipun Dhananjaya, 5-197 (46.4) Lasith Croospulle, 6-198 (48.6) Janith Liyanage , 7-217 (56.5) Lakshitha Manasinghe, 8-272 (68.6) Lasith Embuldeniya, 9-319 (80.4) Ramesh Mendis, 10-325 (82.6) Dilshan Madushanka,

Bowling O M R W Econ
Lizaad Williams 11 2 45 0 4.09
Gerald Coetzee 12 4 28 0 2.33
Kwena Maphaka 11 3 43 2 3.91
Senuran Muthusamy 31 4 122 7 3.94
Dewald Brevis 7 0 31 0 4.43
Tristan Stubbs 11 0 49 1 4.45
Batsmen R B 4s 6s SR
Jordan Hermann b Dilshan Madushanka 0 2 0 0 0.00
Tony de Zorzi c Kamindu Mendis b Lasith Embuldeniya 9 24 1 0 37.50
Matthew Breetzke not out 59 93 5 0 63.44
Keegan Petersen c Nipun Dhananjaya b Dilshan Madushanka 19 42 2 0 45.24
Tristan Stubbs c Lahiru Udara b Dilshan Madushanka 0 3 0 0 0.00
Sinethemba Qeshile lbw b Lasith Embuldeniya 4 2 1 0 200.00
Dewald Brevis lbw b Lakshitha Manasinghe 16 23 2 0 69.57
Senuran Muthusamy c Kamindu Mendis b Lakshitha Manasinghe 7 17 0 0 41.18
Gerald Coetzee b Lakshitha Manasinghe 4 12 0 0 33.33
Lizaad Williams c Kamindu Mendis b Lakshitha Manasinghe 4 9 1 0 44.44
Kwena Maphaka st Lahiru Udara b Lakshitha Manasinghe 4 13 1 0 30.77


Extras 5 (b 3 , lb 1 , nb 0, w 1, pen 0)
Total 131/10 (40 Overs, RR: 3.27)
Fall of Wickets 1-0 (0.2) Jordan Hermann, 2-22 (7.2) Tony de Zorzi, 3-57 (18.3) Keegan Petersen, 4-57 (18.6) Tristan Stubbs, 5-66 (19.6) Sinethemba Qeshile, 6-93 (25.6) Dewald Brevis, 7-109 (31.4) Senuran Muthusamy, 8-125 (37.3) Lizaad Williams, 9-131 (39.6) Kwena Maphaka, 10-119 (3502) Gerald Coetzee,

Bowling O M R W Econ
Dilshan Madushanka 9 2 31 3 3.44
Milan Rathnayake 4 0 16 0 4.00
Lasith Embuldeniya 17 0 61 2 3.59
Lakshitha Manasinghe 10 0 19 5 1.90
Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Tony de Zorzi b Lizaad Williams 2 5 0 0 40.00
Lahiru Udara lbw b Senuran Muthusamy 9 24 1 0 37.50
Nuwanidu Fernando b Senuran Muthusamy 5 11 1 0 45.45
Kamindu Mendis lbw b Senuran Muthusamy 35 50 4 0 70.00
Nipun Dhananjaya c Sinethemba Qeshile b Kwena Maphaka 11 25 1 0 44.00
Janith Liyanage  b Senuran Muthusamy 2 9 0 0 22.22
Ramesh Mendis c & b Senuran Muthusamy 46 63 5 2 73.02
Lakshitha Manasinghe c Matthew Breetzke b Lizaad Williams 4 9 1 0 44.44
Lasith Embuldeniya c Sinethemba Qeshile b Gerald Coetzee 10 20 1 1 50.00
Milan Rathnayake c Sinethemba Qeshile b Gerald Coetzee 7 17 0 1 41.18
Dilshan Madushanka not out 0 0 0 0 0.00


Extras 20 (b 17 , lb 1 , nb 1, w 1, pen 0)
Total 151/10 (38.4 Overs, RR: 3.91)
Bowling O M R W Econ
Lizaad Williams 7 0 16 2 2.29
Gerald Coetzee 8 3 31 2 3.88
Senuran Muthusamy 16.4 3 53 5 3.23
Kwena Maphaka 6 2 27 1 4.50
Tony de Zorzi 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Tony de Zorzi lbw b Dilshan Madushanka 11 11 2 0 100.00
Jordan Hermann c Lakshitha Manasinghe b Lasith Embuldeniya 16 31 3 0 51.61
Matthew Breetzke lbw b Milan Rathnayake 14 17 2 0 82.35
Keegan Petersen c Janith Liyanage  b Ramesh Mendis 29 88 2 0 32.95
Senuran Muthusamy c Nuwanidu Fernando b Lakshitha Manasinghe 29 38 3 0 76.32
Sinethemba Qeshile run out (Ramesh Mendis) 23 43 4 0 53.49
Dewald Brevis c Lakshitha Manasinghe b Lasith Embuldeniya 20 33 3 0 60.61
Gerald Coetzee b Lakshitha Manasinghe 12 34 3 0 35.29
Lizaad Williams not out 19 27 1 0 70.37
Kwena Maphaka c Lakshitha Manasinghe b Ramesh Mendis 0 10 3 0 0.00
Tristan Stubbs retired 0 0 0 0 0.00


Extras 12 (b 4 , lb 4 , nb 2, w 2, pen 0)
Total 185/10 (50 Overs, RR: 3.7)
Bowling O M R W Econ
Dilshan Madushanka 6 0 34 1 5.67
Lakshitha Manasinghe 10 2 36 2 3.60
Milan Rathnayake 7 0 21 1 3.00
Lasith Embuldeniya 13 1 36 2 2.77
Ramesh Mendis 14 2 50 2 3.57



තරගාවලියේ දෙවැනි සිව්දින තරගය එළඹෙන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳෙන්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<