Home Sinhala මනසිංහගේ පෙරළිකාර පන්දු යැවීමෙන් දකුණ අප්‍රිකානුවන් අසරණ වෙයි

මනසිංහගේ පෙරළිකාර පන්දු යැවීමෙන් දකුණ අප්‍රිකානුවන් අසරණ වෙයි

දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3598
දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

ශ්‍රී ලංකා A සහ දකුණු අප්‍රිකානු A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (13) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා.

දිනය අවසන් වන විට ශ්‍රී ලංකා A පළමු ඉනිමට (ලකුණු 325) පිළිතුරු දුන් දකුණු අප්‍රිකානු A පළමු ඉනිම ලකුණු 131කට සීමා කරමින් සාර්ථක දිනයක් අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ දෙවැනි දිනය ආරම්භය තරමක් ප්‍රමාද වුනේ ඇදහැලුණු වර්ෂාව නිසයි. ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් තරගකාරී ලකුණු 325ට පිළිතුරු ලබා දීම ආරම්භ කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

>>Photos – South Africa ‘A’ tour to Sri Lanka 2023 – 1st Four Dayer | Day 2<<

වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුසංක සහ දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පළමු පන්දුවාර 8 තුල දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් යුගලයම ක්‍රීඩාගාරයට හරවා යැවීමට කටයුතු කළා.

22/2ක් ලෙස සටහන් වුනු දකුණු අප්‍රිකානු ලකුණු සටහන ස්ථාවර කිරීම වෙනුවෙන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් තරමක හෝ සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ Matthew Breetzke සහ Keegan Petersen ලකුණු 35ක සබඳතාවයක් ගොඩනංවමින් කඩුලු බිඳ වැටීම යම් මට්ටමකට පාලනය කළා. නමුත් ඉන් පසුපසට නොගිය මනසිංහ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 74 තුල බිඳ දැමුවා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ප්‍රබල අභියෝගය හමුවේ සටන්කාමී පිතිකරණයක නිරත වුනු අංක 3 පිතිකරු Breetzke පන්දු 93කට මුහුණ දෙමින් 4 පහර 5ක් සමඟ නොදැවී ලකුණු 59*ක් ලබාගෙන ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටියා. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් 14 වැනි අර්ධ ශතකයයි.

අවසානයේ දී දකුණු අප්‍රිකානු A පළමු ඉනිම පන්දුවාර 40ක් තුල ලකුණු 131කට සීමා කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනු අතර මනසිංහ පන්දුවාර 10ක් පමණක් ක්‍රියාත්මක කරමින් ලකුණු 19කට කඩුලු 5ක් දවාගෙන සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ දැක්වූ 9 වැනි කඩුලු 5 දස්කම දැක්වීමට සමත් වුනා. ඊට අමතරව ඇඹුල්දෙණිය සහ මදුශංක අතරේ පිළිවෙළින් කඩුලු 2ක් සහ කඩුලු 3ක් බෙදී ගියා.

ඒ අනුව ලකුණු 194ක පළමු ඉනිමේ වාසියක් සහිතව ශ්‍රී ලංකා A කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට සූදානම් වුනු නමුත් අයහපත් ආලෝක තත්වය සහ කාලගුණ තත්වය නිසාවෙන් දෙවැනි දිනය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

Result


Sri Lanka A Team
325/10 (83) & 151/10 (38.4)

South Africa A Team
131/10 (40) & 185/10 (50)

Batsmen R B 4s 6s SR
Lasith Croospulle lbw b Senuran Muthusamy 98 119 11 4 82.35
Lahiru Udara c Jordan Hermann b Kwena Maphaka 42 61 7 0 68.85
Nuwanidu Fernando c Tristan Stubbs b Senuran Muthusamy 10 32 1 0 31.25
Kamindu Mendis c Sinethemba Qeshile b Senuran Muthusamy 28 41 2 1 68.29
Nipun Dhananjaya c Keegan Petersen b Tristan Stubbs 13 25 1 0 52.00
Janith Liyanage  lbw b Senuran Muthusamy 1 8 0 0 12.50
Lakshitha Manasinghe b Kwena Maphaka 4 33 0 0 12.12
Ramesh Mendis lbw b Senuran Muthusamy 78 89 12 0 87.64
Lasith Embuldeniya lbw b Senuran Muthusamy 15 38 2 0 39.47
Milan Rathnayake not out 23 44 3 0 52.27
Dilshan Madushanka c Kwena Maphaka b Senuran Muthusamy 4 9 1 0 44.44


Extras 9 (b 3 , lb 4 , nb 1, w 1, pen 0)
Total 325/10 (83 Overs, RR: 3.92)
Fall of Wickets 1-66 (16.3) Lahiru Udara, 2-106 (28.4) Nuwanidu Fernando, 3-154 (38.2) Kamindu Mendis, 4-189 (45.3) Nipun Dhananjaya, 5-197 (46.4) Lasith Croospulle, 6-198 (48.6) Janith Liyanage , 7-217 (56.5) Lakshitha Manasinghe, 8-272 (68.6) Lasith Embuldeniya, 9-319 (80.4) Ramesh Mendis, 10-325 (82.6) Dilshan Madushanka,

Bowling O M R W Econ
Lizaad Williams 11 2 45 0 4.09
Gerald Coetzee 12 4 28 0 2.33
Kwena Maphaka 11 3 43 2 3.91
Senuran Muthusamy 31 4 122 7 3.94
Dewald Brevis 7 0 31 0 4.43
Tristan Stubbs 11 0 49 1 4.45
Batsmen R B 4s 6s SR
Jordan Hermann b Dilshan Madushanka 0 2 0 0 0.00
Tony de Zorzi c Kamindu Mendis b Lasith Embuldeniya 9 24 1 0 37.50
Matthew Breetzke not out 59 93 5 0 63.44
Keegan Petersen c Nipun Dhananjaya b Dilshan Madushanka 19 42 2 0 45.24
Tristan Stubbs c Lahiru Udara b Dilshan Madushanka 0 3 0 0 0.00
Sinethemba Qeshile lbw b Lasith Embuldeniya 4 2 1 0 200.00
Dewald Brevis lbw b Lakshitha Manasinghe 16 23 2 0 69.57
Senuran Muthusamy c Kamindu Mendis b Lakshitha Manasinghe 7 17 0 0 41.18
Gerald Coetzee b Lakshitha Manasinghe 4 12 0 0 33.33
Lizaad Williams c Kamindu Mendis b Lakshitha Manasinghe 4 9 1 0 44.44
Kwena Maphaka st Lahiru Udara b Lakshitha Manasinghe 4 13 1 0 30.77


Extras 5 (b 3 , lb 1 , nb 0, w 1, pen 0)
Total 131/10 (40 Overs, RR: 3.27)
Fall of Wickets 1-0 (0.2) Jordan Hermann, 2-22 (7.2) Tony de Zorzi, 3-57 (18.3) Keegan Petersen, 4-57 (18.6) Tristan Stubbs, 5-66 (19.6) Sinethemba Qeshile, 6-93 (25.6) Dewald Brevis, 7-109 (31.4) Senuran Muthusamy, 8-125 (37.3) Lizaad Williams, 9-131 (39.6) Kwena Maphaka, 10-119 (3502) Gerald Coetzee,

Bowling O M R W Econ
Dilshan Madushanka 9 2 31 3 3.44
Milan Rathnayake 4 0 16 0 4.00
Lasith Embuldeniya 17 0 61 2 3.59
Lakshitha Manasinghe 10 0 19 5 1.90
Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Tony de Zorzi b Lizaad Williams 2 5 0 0 40.00
Lahiru Udara lbw b Senuran Muthusamy 9 24 1 0 37.50
Nuwanidu Fernando b Senuran Muthusamy 5 11 1 0 45.45
Kamindu Mendis lbw b Senuran Muthusamy 35 50 4 0 70.00
Nipun Dhananjaya c Sinethemba Qeshile b Kwena Maphaka 11 25 1 0 44.00
Janith Liyanage  b Senuran Muthusamy 2 9 0 0 22.22
Ramesh Mendis c & b Senuran Muthusamy 46 63 5 2 73.02
Lakshitha Manasinghe c Matthew Breetzke b Lizaad Williams 4 9 1 0 44.44
Lasith Embuldeniya c Sinethemba Qeshile b Gerald Coetzee 10 20 1 1 50.00
Milan Rathnayake c Sinethemba Qeshile b Gerald Coetzee 7 17 0 1 41.18
Dilshan Madushanka not out 0 0 0 0 0.00


Extras 20 (b 17 , lb 1 , nb 1, w 1, pen 0)
Total 151/10 (38.4 Overs, RR: 3.91)
Bowling O M R W Econ
Lizaad Williams 7 0 16 2 2.29
Gerald Coetzee 8 3 31 2 3.88
Senuran Muthusamy 16.4 3 53 5 3.23
Kwena Maphaka 6 2 27 1 4.50
Tony de Zorzi 1 0 6 0 6.00


Batsmen R B 4s 6s SR
Tony de Zorzi lbw b Dilshan Madushanka 11 11 2 0 100.00
Jordan Hermann c Lakshitha Manasinghe b Lasith Embuldeniya 16 31 3 0 51.61
Matthew Breetzke lbw b Milan Rathnayake 14 17 2 0 82.35
Keegan Petersen c Janith Liyanage  b Ramesh Mendis 29 88 2 0 32.95
Senuran Muthusamy c Nuwanidu Fernando b Lakshitha Manasinghe 29 38 3 0 76.32
Sinethemba Qeshile run out (Ramesh Mendis) 23 43 4 0 53.49
Dewald Brevis c Lakshitha Manasinghe b Lasith Embuldeniya 20 33 3 0 60.61
Gerald Coetzee b Lakshitha Manasinghe 12 34 3 0 35.29
Lizaad Williams not out 19 27 1 0 70.37
Kwena Maphaka c Lakshitha Manasinghe b Ramesh Mendis 0 10 3 0 0.00
Tristan Stubbs retired 0 0 0 0 0.00


Extras 12 (b 4 , lb 4 , nb 2, w 2, pen 0)
Total 185/10 (50 Overs, RR: 3.7)
Bowling O M R W Econ
Dilshan Madushanka 6 0 34 1 5.67
Lakshitha Manasinghe 10 2 36 2 3.60
Milan Rathnayake 7 0 21 1 3.00
Lasith Embuldeniya 13 1 36 2 2.77
Ramesh Mendis 14 2 50 2 3.57



තරගය හෙට (14) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී  සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<