මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සත් සාමාජික රග්බි කණ්ඩායම තේරීම සඳහා වූ විශේෂ තේරීම් තරගාවලියක් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පසුගිය දා පැවැත්වුණා.
එම තේරීම් තරගවල දී දැක්වූ දස්කම් අනුව ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති බව ThePapare.com අපගේ අවධානයට යොමු වුනා. එම සංචිතයේ නායකත්වය ආසියානු කලාපයේ කැපී පෙනෙන ක්‍රීඩකයෙකු වන Kandy SC කණ්ඩායමේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර නැතහොත් “සූරී” හට හිමිව තිබෙනවා.
තරගාවලියට නම් කළ කණ්ඩායමේ ක්‍රීඩකයින් 20 දෙදෙනාගෙන් 08 දෙනෙකු Kandy SC නියෝජනය කරන ක්‍රීඩකයින් වන අතර ඒ සඳහා ප්‍රබල ක්‍රීඩයින් වන තරින්ද රත්වත්ත, නයිජල් රත්වත්ත සහ හිටපු නායක ධනූෂ දයාන් ඇතුළත්.
- ජාතික රග්බි තේරීම් තරගාවලියට ක්‍රීඩකයින් 56ක්
- ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට තහනමක්
- වසර 4කට පසු සේරම් පළිහ මහනුවරින් ගල්කිස්සට
එමෙන්ම ආබාධ නිසාවෙන් කලක් පිටියෙන් ඉවත්ව සිටි සත් සාමාජික පිටියේ කැපී පෙනෙන ක්‍රීඩක මිතුන් හපුගොඩ ද මෙම සංචිතයට කැඳවා තිබුණා.
පාසල් රග්බි පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක ඔවින් හෙට්ටිආරච්චි හට ද ජාතික සංචිතයට ඇතුළත් වීමට වරම් හිමිව තිබෙන අතර එය ඔහුට ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි.
ඔවුන්ට අමතරව සත් සාමාජික කණ්ඩායමේ හිටපු නායක අදීෂ වීරතුංග සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන චතුර සෙනෙවිරත්න, ඉරෝෂාන් සිල්වා සහ සුදාරක දික්කුඹුර යන ක්‍රීඩකයින් හට ද මෙම සංචිතයේ ඉඩක් වෙන්ව තිබුණා.
තරගාවලිය සඳහා නම් කළ සංචිතය (ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතුයි)
ශ්‍රීනාත් සූරියබණ්ඩාර, කවිඳු පෙරේරා, බුද්ධිම ප්‍රියරත්න, දනුශ් දයාන්, නයිජල් රත්වත්ත. තරින්ද රත්වත්ත, දිලුෂ්ක දන්ගේ, හේෂාන් ජැන්සන්, මිතුන් හපුගොඩ, ලසිඳු කරුණාතිලක, රමේෂ් ප්‍රනාන්දු, අවිශ්ක ලී, සුදම් සූරියබණ්ඩාර, රීසා රෆයිඩීන්, අදීෂ වීරතුංග, චතුර
සෙනෙවිරත්න, රවිඳු හෙට්ටිආරච්චි, ඔවින් හෙට්ටිආරච්චි, ඉරෝෂාන් සිල්වා, සුදාරක දික්කුඹුර.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<