මෑතක දී නම් කළ එකඳු ඉන්දීය ක්‍රිකට් සංචිතයකට හෝ ඇතුළත් වීමට නොහැකි වීමෙන් පසුව ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබෙනවා.
පසුගිය සඳුදා දිනයේ දී ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Ajith Agarkar විසින් එළඹෙන ඕස්ට්‍රේලියාව සමඟ එක්දින තරගාවලිය සඳහා එක්දින සංචිත දෙකක් නම් කළා. නමුත් ඉන් එකකට හෝ Sanju Samsonගේ නම ඇතුළත් වී තිබුණේ නැහැ.
මේ වන විට 28 හැවිරිදි වියේ පසුවන Samson විසින් එක්දින ජාත්‍යන්තර තරග 13ක දී ඉන්දියාව නියෝජනය කරමින් ලකුණු 390ක් ලබා ගැනීමට සමත් වී ඇත්තේ පිතිකරණ සාමාන්‍ය 55.71ක් වැනි ඉහළ අගයක රඳවා ගනිමිනුයි.
නමුත් ඔහුට පසුගිය දා නිමා වුනු ආසියානු කුසලානය වෙනුවෙන් නම් කළ ඉන්දීය සංචිතයට කැඳවීමක් ලැබුණේ නැහැ. එහි දී ඔහු ඉන්දීය කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, තරගාවලියේ මූලික වටය නිමා වීමෙන් පසු ඔහුව නැවතත් ඉන්දියාව වෙත හරවා යැවීමට පියවර ගත්තා.
එමෙන්ම චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට නියමිත ඉන්දීය ක්‍රිකට් සංචිතයට ද Samsonගේ නම ඇතුළත් නොවූ අතර, එක්දින ලෝක කුසලානය වෙනුවෙන් ද ඔහුගේ නම ඇතුළත් වුනේ නැහැ.
මේ අතරේ දීයි පසුගිය සඳුදා දිනයේ දී Agarkar විසින් ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රීඩා කිරීම සඳහා ඉන්දීය සංචිත දෙකක් නම් කළේ. මෙහි දී මෙම මස 22 සහ 24 පැවැත්වීමට නියමිත මුල් තරග දෙක සඳහා ඉන්දීය ප්‍රධාන ක්‍රීඩකයින් බහුතරයක් විවේක ගන්වමින් නම් කළ සංචිතයට ද Samsonගේ නම ඇතුළත් වුනේ නැහැ.
ලෝක කුසලානයට කෙසේ වෙතත් මෙම තරග දෙක වෙනුවෙන් හෝ Samson හට අවස්ථාවක් ලැබිය යුතු යැයි ඔහුගේ බොහෝ රසිකයින් විසින් සිය කනස්සල්ල පළ කරමින් පවසනවා.
- මානසික සහනය තකා ඉන්දියාවෙන් සංචිත දෙකක්!
- SLC වෙතින් පර්සි අබේසේකරට පරිත්‍යාගයක්
- ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්රිකට් සංචිත නම් කෙරේ
- වසර 5කට පසුව ඉන්දියාවට ආසියානු කුසලානයක්
- “කෝ ACC, කෝ ICC?” අර්ජුනගෙන් BCCI වෙත සැර විවේචනයක්!
මේ අතර සිය Instagram සහ Facebook ගිණුම් හරහා ඊයේ දිනයේ දී තම ඡායාරූපයක් පළ කරමින් Samson විසින් මෙවන් සටහනක් තබා තිබුණා.
“මේ තමයි ඒක, මම දිගටම ඉදිරියට යාමට තීරණය කළා.”
මේ අතර හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන Irfan Pathan විසින් Samson වෙනුවෙන් මෙවන් සටහනක් තබා තිබුණා.
If I’m in place of @IamSanjuSamson right now I will be very disappointed…
— Irfan Pathan (@IrfanPathan) September 18, 2023
“මම දැන් Sanju Samsonගේ තැන ඉන්නවා නම්, මම ඉතා කලකිරීමට පත් වේවි.”
Sanjuගේ අවස්ථාවන් අහිමි වීම පිළිබඳ පළ වූ තවත් Twitter සටහන් කිහිපයක්;
In search of gold we are ignoring a Diamond💎 #cricket #indiancricket #cric666 #asiacup2023 #bcci #INDvsAUS #SanjuSamson pic.twitter.com/IgywYkOVRv
— Cric666 (@Cric666official) September 19, 2023
“අපි රන් සොයා ගෙන යද්දී, දියමන්තියක් නොසලකා හැර ඇත.”
If you’re true cricket fan you have to feel for him 💔 #SanjuSamson pic.twitter.com/NiJTUJfTIq
— Finn 𝕏 (@majorbasheer_) September 20, 2023
“ඔබ සැබෑ ක්‍රිකට් රසිකයෙකු නම්, ඔහු වෙනුවෙන් ඔබට හැඟීමක් ඇති වනු ඇත.”
Head to Head
Vs
Shame On @imAagarkar @JayShah @BCCI #INDvSL #AsiaCupFinal pic.twitter.com/KOxkANlv5l
— Rohit (@___Invisible_1) September 17, 2023
දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<