ස්මිත් තනතුරු ප්‍රතික්‍ෂේප කරයි

154

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා එරට හිටපු ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් දැක්වූ උනන්දුව මේ වන විට ඔහු ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. 

රාම්ප්‍රකාශ් බෑ කියයි; ශ්‍රී ලංකා ක්‍රිකට් ආතර්ගේ පිහිට පතයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරයට දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් මහතා………….

පසුගිය බ්‍රහස්පතින්දා (14) ඔහුගේ Twitter ගිණුමේ ඔහු පල කළ පණිවිඩයක් හරහා ඔහු ඒ බව දන්වමින් පවසා සිටියේ ඔහුට අවශ්‍ය ආකාරයට එම කාර්යය සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය නිදහස ඔහුට ලබා දෙනු ඇතැයි විශ්වාසයක් ඔහු සතුව නොතිබූ හෙයින් ඔහු එම තීරණය ගත් බවයි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය මඟින් එහි ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා ඔහුව සම්මුඛ සාකච්ඡාවකට ලක්කළ බව ස්මිත් විසින් තහවුරු කර සිටි අතර එම ධුරයට ඔහු තේරීපත්වුයේ නම් ඒ හරහා දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. 

කෙසේ නමුත් පසුගිය පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ එරට පැවති ටෙස්ට් තරගාවලියේ දී අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දීමෙන් අනතුරුව පැවති තරගාවලි සියල්ලේ දීම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පෙන්නුම් කරනු ලැබුවේ ඉතා පසුගාමී ක්‍රීඩා රටාවකි. 

“එම තනතුර බාර ගන්න මම ගොඩක් කැමැත්තෙන් හිටියේ. ඒ හරහා මට ලොකු වෙනසක් කරන්න ආසාවක් තිබුනත් පසුගිය සති 10ක කාල පුරාවට පැවති දීර්ඝ, සමහර අවස්ථාවන් වල දැඩි වෙහෙසකර වූ සාකච්ඡාවන් තුළින් මට විශ්වාසයක් ඇති වුනේ නැහැ අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න මට ඕන නිදහස හෝ සහයෝගය මට ලැබෙයි කියලා.” ස්මිත් සිය Twitter පණිවිඩයේ සටහන් කර තිබුණි.

ලුවිස් සහ විලියම්ස් කොදෙව්වෝ දිනවති

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර ඊයේ (14) ලක්නව් හිදී පැවති පළමු විස්සයි විස්ස………….

එළඹෙන එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට මේ වන විට සති හයක කාලයක් පමණක් ඉතිරිව තිබියදීත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ධුරයන් සඳහා තවමත් කිසිවෙකු පත්නොකර තිබීමට අදාළව හේතූන් පිළිබඳව ස්මිත් ඉහත සඳහන් කර ඇති කාලසීමාවන් හරහා අවබෝධයක් ලබාගත හැක. 

ජාතික කණ්ඩායමේ අධ්‍යක්ෂ කටයුතු කරනු ලබන්නේ ක්‍රිකට් අධ්‍යක්ෂ යටතේ වන අතර ඔහු එහි විධායක අධ්‍යක්ෂ Thabang Moroe යටතේ කටයුතු කරනු ලබයි. 

පසුගිය දා අවසන් වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දියානු සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස එතරම් අත්දැකීම් නොමැති Enoch Nkwe පත්කරනු ලැබූ අතර එම තරගාවලිය යටතේ පැවති ටෙස්ට් තරග තුනම ඔවුන් ඉතා විශාල පරතරයක් ද සහිතව පරාජයට පත්වන්නට විය.

වැඩබලන ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය සඳහා පත්කර සිටි දකුණු අප්‍රිකාව නියෝජනය කළ හිටපු ක්‍රීඩක Corrie Van Zyl සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ පසුගිය දා වැඩ තහනම් කිරීමට ද ක්‍රියාමාර්ග ගනු ලැබීය. ඒ පසුගිය වසරේ පැවැත්වුණු Super League T20 තරගාවලියට අදාළව ක්‍රීඩකයින්ට ගෙවිය යුතු මුදල් වලට අදාළ සිදුවීමක් මුල්කරගෙනයි. 

කෙසේ නමුත් මාධ්‍ය වාර්තා කරන අන්දමට තවදුරටත් ඔහු එම ධුරය සඳහා අපේක්ෂකයෙකි. 

ස්මිත් ඔහුගේ සටහන අවසන් කරමින් තවදුරටත් පවසා තිබුණේ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළට රැගෙන යාම සඳහා ඔහුට ඇති උනන්දුව ඒ ආකාරයටම ඉදිරියටත් ඔහු රැගෙන යන බවයි.

සාන්ත ජෝසප් සහ රාජකීයයට දැවැන්ත ජයග්‍රහණ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු පෙළ දෙදින……………

“එම ධුරය සඳහා කවුරු පත්වුවත් මම ඔහුට හදවතින්ම සුබ පතනවා. ඒ වගේම මම තවදුරටත් ඉදිරියේ දීත් කණ්ඩායමට අවශ්‍ය සහයෝගය දෙනවා වගේම අවශ්‍ය අවස්ථාවන් වලදී මගේ මාර්ගෝපදේශකත්වය සහ උපදෙස් දීමටත් බලාපොරොත්තුවෙන් පසුවෙනවා.” 

එම ධුරයේ වගකීම බාර ගැනීමට ස්මිත් සූදානමෙන් සිටින බවට පුවත් පැතිර යාමත් සමඟ Rassie Erasmus විසින් පසුගිය දා ලෝක රග්බි ශූරයින් ලෙස කිරුළු පැලඳී එරට ජාතික Springboks රග්බි කණ්ඩායම පරිවර්තනය කළ ආකාරයට ම ස්මිත් විසින් එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම ද පරිවර්තනය කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්‍ෂා ඇති කරගන්නට විය. 

කෙසේ නමුත් පෙනී ගිය අන්දමට Erasmus හට කිසිදු දේශපාලනමය හෝ පරිපාලනමය අතපෙවීමකින් තොරව කණ්ඩායමේ කටයුතු කළමනාකරණය කිරීමට අවශ්‍ය අවස්ථාව සහ නිදහස බලධාරීන් විසින් ලබා දී තිබුණි. 

ටෙස්ට් තරග 117ක දී දකුණු අප්‍රිකාව නියෝජනය කළ ස්මිත් එහි දී ශතක 27ක් ද ඇතුළත්ව ලකුණු 9,265ක් වාර්තා කරගන්නට සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<