සෞඛ්‍ය සහ තැපැල් රාජ්‍ය සේවා අරගලයක

SLSSCA Annual T20 Tournament

150

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන රාජ්‍ය සේවා වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 8 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගය සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම සහ තැපැල් දෙපාර්තුමේන්තු කණ්ඩායම සුදුසුකම් ලබා සිටිනවා.  

මේ අතර එදින ම පෙරවරුවේ තරගාවලියේ 3 වැනි ස්ථානයට පත් වෙන කණ්ඩායම තෝරා ගැනීම සඳහා අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සහ විදුලිබල මණ්ඩල කණ්ඩායම අතර තරගය ද පැවැත්වේ.  

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 9ක් කාණ්ඩ 2ක් යටතේ එක් වූ අතර අවසන් මහා තරගය නියෝජනය කරන කණ්ඩායම් ද්විත්වය ම සුදුසුකම් ලබා ගන්නේ B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ කණ්ඩායම් වීම විශේෂත්වයක්.  

තරගාවලියේ පළමු වටය අවසන් වන විට A කාණ්ඩයෙන් විදුලිබල මණ්ඩල කණ්ඩායම ද සහ කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම ද B කාණ්ඩයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම සහ තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම ද පළමු ස්ථාන ද්විත්වයන්ට පත් වෙමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.  

තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව   

  Teams  M  W  L  T  NR  PT  NRR 
  A කාණ්ඩය 
1  විදුලිබල මණ්ඩලය  4  3  1  0  0  12  2.670 
2  කොළඹ විශ්වවිද්‍යාලය  4  2  0  0  2  12  0.905 
3  රේගු දෙපාර්තමේන්තුව  4  2  1  0  1  10  0.858 
4  විදේශ සේවා නියුක්ති කාර්යාංශය  4  1  2  0  1  6  -2.698 
5  මොරටුව විශ්වවිද්‍යාලය  4  0  4  0  0  0  -1.353 
  B කාණ්ඩය 
1  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව  3  2  0  0  1  10  0.308 
2  තැපැල් දෙපාර්තමේන්තුව  3  1  0  0  2  8  2.600 
3  පොලිස් අභ්‍යාස විද්‍යාලය  3  0  1  0  2  4  0.000 
4  බන්ධනාගාර දෙපාර්තමේන්තුව  3  0  2  0  1  2  -1.641 

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ දී තම පළමු වටය අවසන් කරන්නේ තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම සමඟ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමමින්, බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායම සමඟ තරගයෙන් ලකුණු 12ක ජයග්‍රහණය ලබා ගනිමින් සහ පොලිස් අභ්‍යාස විද්‍යාලයීය කණ්ඩායම සමඟ තරගය ලකුණු සම කිරීමෙන් අනතුරු ව වැඩි ම සීමා ලකුණු එල්ල කළ කණ්ඩායම ලෙසින් ඔවුන්ට ජයග්‍රහණය හිමි වීමෙනුයි. 

ඒ අනුව ඔවුන් පළමු වටයේ දී ප්‍රසාද ලකුණු 10ක් ලබා ගනිමින් B කාණ්ඩයේ 1 වැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. 

අනතුරු ව අවසන් පූර්ව වටයට එක් වූ ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට එරෙහි ව ලකුණු 110ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

  1. වැනි අවසන් පූර්ව තගරය 

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව – කඩුලු 7ක් දැවී 166 (20.0) චන්දන ධනපාල 56, තරිඳු ජයසිංහ නොදැවී 48, රුක්ෂාsන් සේනානායක 22, ලක්ෂිත රණතුංග 1/19 

 

කොළඹ විශ්වවිද්‍යාලය – සියලුම දෙනා දැවී 56 (13.4) දිනූෂ මදුශංක 11, සිතුම් තරංග 2/14, අමිල පුන්සර 4/11, ලකිත් වීරසෙනෙවි 2/09 

 

සෞඛ්‍ය අමාත්‍යාංශය කණ්ඩායමට ලකුණු 110ක ජයක්.  

සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම 

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම තම පළමු වටය අවසන් කරන්නේ සෞඛ්‍ය දෙපාර්තමේන්තු කණ්ඩායම සහ පොලිස් අභ්‍යාස විද්‍යාලයීය කණ්ඩායම අතර තරග වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තු කණ්ඩායමට එරෙහි ව ලකුණු 52ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි. ඒ අනුව ඔවුන්ට එම වටයේ දී ප්‍රසාද ලකුණ 8ක් හිමිවෙන අතර කාණ්ඩයේ 2 වැනි ස්ථානයට ද හිමි වෙමින් අවසන් පූර්ව වටය නියෝජන කිරීම සඳහා සුදුසුකම් ලබා ගන්නවා. 

එම වටයේ දී ඔවුන් ගේ ප්‍රතිවාදීන් වෙන්නේ A කාණ්ඩයේ ප්‍රමුඛයන් වූ ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායමයි. එම තරගයේ දී කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

2. වැනි අවසන් පූර්ව තරගය 

ලංකා විදුලිබල මණ්ඩලය – සියලුම දෙනා දැවී 84 (19.2) බුද්ධික රාජපක්ෂ 19, අමිල සංජය 16, තෙවරාසා සත්‍යන් 2/10, තරංග ප්‍රනාන්දු 2/18, අරුල් ප්‍රගාෂ් 3/11 

 

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම – කඩුලු 4ක් දැවී 85 (16.2) සුනෙත් ද සිල්වා 19, තරංග ප්‍රනාන්දු 27, කසුන් රුක්ශාන් නොදැවී 19, පසිඳු ලක්ෂාන් 1/15 

 

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායමට කඩුලු 6ක ජයක්.  

තැපැල් දෙපාර්තමේන්තු කණ්ඩායම 

 දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<