ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කාන්තා විස්සයි – විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරේ තරග 4ක් ඊයේ මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී සහ රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදි පැවැත්විය.
එහිදි යුධ හමුදා A, නාවික හමුදා A, ගුවන් හමුදා A සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. අර්ධ අවසන් වටයේ තරග ජුලි 13 වැනිදා එම්. සි. ඒ. ක්‍රීඩාංගණයේදි පැවැත්වේ.
පසුගිය ලිපි: කෝල්ට්ස් ක්‍රීඩිකාවෝ නාවික හමුදාව පරාජය කරයි
A කාණ්ඩය
යුධ හමුදා A සහ මාතර ක්‍රීඩා සමාජ අතර තරගය
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදි පැවති තරගයෙන් කාසියේ වාසිය දිනා ගැනීමට යුධ හමුදා ක්‍රීඩිකාවෝ සමත් වු අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 154ක් වාර්තා කිරීමට සමත් විය. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ප්‍රතිවාදීන් සාර්ථකව මර්ධනය කල යුධ හමුදා ක්‍රීඩිකාවෝ, කඩුළු 6ක් දැවී ලකුණු 56ක් පමණක් වාර්තා කිරීමට ප්‍රතිවාදීන්ට අවස්තාව ලබා දෙන ලදි. යුධ හමුදාව වෙනුවෙන් දමයන්ති සිල්වා ලකුණු 53ක් වාර්තා කිරීමට සමත් විය.
යුධ හමුදා A ක්‍රීඩා සමාජය ලකුණු 97කින් තරගය ජයග්‍රහණය කරන ලදි.
යුද හමුදා A ක්‍රීඩා සමාජය – 154/7 (20): දමයන්ති සිල්වා 53, ඉමල්කා මෙන්ඩිස් 36, ශයනි දිලක්ෂිකා 2/33.
මාතර ක්‍රීඩා සමාජය – 57/6 (20): අප්සරා බැද්දගේ 21, ශෙරීන් රවිකුමාර් 2/7, ලක්මාලි මතානන්ද 1/4.
නාවික හමුදා A සහ ගුවන් හමුදා B ක්‍රීඩා සමාජ අතර තරගය
ප්‍රථමයෙන්ම පිටියට පිවිසි නාවික හමුදා සෙබලියන් තරගය අවසානය දක්වාම දක්ෂ ලෙස ක්‍රීඩා කල අතර පන්දුවාර 20 අවසානයේ කඩුළු දෙකක් පමණක් දැවි ලකුණු 147ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. දක්ෂ පිතිහරඹයක නිරත වු ප්‍රසාදිනි වීරක්කොඩි ලකුණු 63ක් වාර්තා කල අතර ඉෂානි ලොකුසූරිය විසින් තවත් ලකුණු 42ක් නාවික හමුදා ක්‍රීඩා සමාජයට එකතු කරන ලදි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට නියමිත පන්දුවාර 20 අවාසනයේ වාර්තා කිරීමට හැකි වුයේ ලකුණු 89ක් පමණි.
නාවික හමුදා A ක්‍රීඩා සමාජය ලකුණු 58කින් තරගය ජයග්‍රහණය කරන ලදි.
නාවික හමුදා A ක්‍රීඩා සමාජය – 147/2 (20): ප්‍රසාදිනි වීරක්කොඩි 63, ඉෂානි ලොකුසූරිය 42, හර්ශණි මධුවන්ති 1/18.
ගුවන් හමුදා B ක්‍රීඩා සමාජය – 89/7 (20): මිහිරි මධුශානි 34, දර්ශණි ධර්මසිරි 27, ඉනෝකා රණවීර 3/16.
පසුගිය ලිපි: 20-20 අාරම්භක තරගයේ ජය ත්‍රිවිධ හමුදා සෙබලියන්ට
B කාණ්ඩය
කොල්ට්ස් ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා B සමාජ අතර තරගය
තරගය සරේ ක්‍රීඩා පිටියේදි පැවති අතර කඩුළු 4ක් දැවී ලකුණු 132 වාර්තා කරමින් කොල්ට්ස් ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය සිය කණ්ඩායම වෙතට ලබා ගැනීමට සමත් විය. දක්ෂ පිතිහරඹයක නිරත වු ශමින් ශයිලා විසින් අර්ධ ශතකයක් වාර්තා කල අතර පන්දු යැවීමේදි ආර්. පේශලා ලකුණු 12කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 133ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි යුධ හමුදා සෙබලියන්ට නියමිත ඉලක්කය කරා ලගා වීමට නොහැකි විය. ඔවුන්ට පන්දුවාර 20ක් තුල ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 98ක් පමණි. නිලූකා කුෂාන්ති ලකුණු 30ක් යුධ හමුදාව වෙනුවෙන් රැස් කල අතර පන්දු යැවීමේදි පූජානි ලියනගේ ලකුණු 19කට කඩුළු 6ක් දවා ගැනීමට සමත් විය.
කොල්ට්ස් ක්‍රිකට් සමාජය ලකුණු 34කින් තරගය ජයග්‍රහණය කරන ලදි.
කෝල්ට්ස් ක්‍රීඩා සමාජය – 132/4 (20): ශමීන් ශයිලා 52, හර්ෂිතා සමරවික්‍රම 42, ආර්. පේශලා 1/12.
යුධ හමුදා B ක්‍රීඩා සමාජය – 98/9 (20): නිලූකා කුෂාන්ති 30, අයේෂා සදමාලි 22, පූජා ලියනගේ 6/19.
ගුවන් හමුදා A සහ නාවික හමුදා B ක්‍රීඩා සමාජ අතර තරගය
නාවික හමුදා සෙබලියන් අසරණ කරමින් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් විය. පන්දුවාර 15 පන්දු 4කදි නාවික හමුදා ක්‍රීඩිකාවන් සියළු දෙනා ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ගුවන් හමුදා සෙබලියෝ සමත් විය.
ලකුණු 48ක ඉතාමත් පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ නියමිත ඉලක්කය කිසිවෙකුත් නොදැවී පන්දුවාර 7 පන්දු 3කදි සපුරා ගැනීමට හැකි විය. යශෝධා මෙන්ඩිස් සහ චමරි අතපත්තු පිලිවෙලින් ලකුණු 23ක් සහ 19ක් ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා කරන ලදි.
ගුවන් හමුදා A ක්‍රීඩා සමාජය කඩුළු 10කින් තරගය ජයග්‍රහණය කරන ලදි.
නාවික හමුදා B ක්‍රීඩා සමාජය – 47 (15.4): ශානිකා ලියනගෙදර 15, ඕෂදි රණසිංහ 3/4, ඉනෝෂී ෆර්නැන්ඩෝ 2/0.
ගුවන් හමුදා A ක්‍රීඩා සමාජය – 48/0 (7.3): යශෝධා මෙන්ඩිස් 23, චමරි අතපත්තු 19.
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට