සංජුල විසින් නොදැවී ශතකයක්

490
SLC U23 cricket tournament 2016

බදුරලිය ක්‍රිකට් සමාජය, හලාවත මේරියන්ස් සමාජය සහ සැරසන්ස් ක්‍රිකට් සමාජවලට වැඩි ගෞරවය හිමිවෙමින් ඊයේ දිනයේ පැවති අන්තර් සමාජය වයස අවුරුදු 23 පහල ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් වුයේ තරගාවලිය පැවැත්වු සත්වැනි දිනය ලෙසිනි.

පසුගිය ලිපි: කළුතර සමාජය පරදා හලාවත මේරියන්ස් ඉදිරියටම

තරගයේ කැපි පෙනෙන දස්කම් දැක්වු ක්‍රීඩකයින් ලෙස සංජුල අබේවික්‍ර‍ම (ලංකන් ක්‍රිකට් සමාජය), රුක්ෂාන් ෆර්නැන්ඩෝ (හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය) සහ ඉෂාන් නිලක්ෂ (සැරසන්ස් ක්‍රීඩා සමාජය) යන ක්‍රීඩකයින් දැක්විය හැකිය.

ඊයේ දිනයේ කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් තරග ත්‍රිත්වයක් පැවති අතර තරගවල සංක්ෂිප්ත විස්තරයක් පහත පරිදි වේ.

බදුරලිය ක්‍රිකට් සමාජය සහ ගාල්ල ක්‍රිකට් සමාජය අතර තරගය – සරේ ක්‍රීඩා පිටිය

තරගාවලියේ දක්ෂ ලෙස සටන් වදින කණ්ඩායම් අතර සිටින කණ්ඩායමක් වන බදුරලිය සමාජය ලකුණු 26කින් තරගයේ ජයග්‍ර‍හණය වාර්තා කිරීමට සමත් විය.

ගාල්ල ක්‍රිකට් සමාජය කාසියේ වාසිය දිනා ගත් නමුත් පන්දු රැකීමට තීරණය කරන ලදි. ඒ අවසරයෙන් පිටියට පැමිණි බදුරලිය ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් පන්දුවාර 36ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 180ක් රැස් කිරීම සමත් විය. එහිදි පැතුම් මදුශංක ලකුණු 34ක් ලබා ගැනීමට 4 පහරවල් 3ක් සමග එක් 6 පහරක් වාර්තා කල අතර මධුශංක රවිචන්ද්‍ර‍කුමාර් ලකුණු 21 ලබා ගැනීමට සමත් විය.

ලකුණු 181ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගාල්ල ක්‍රිකට් සමාජය ප්‍ර‍තිවාදීන්ගේ දක්ෂ පන්දු රැකීමත්, පන්දු යැවීමත් හමුවේ අසරණ වු ඔවුන්හට පන්දු වාර 33 පන්දු 3කදි සියළු දෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 154ක් පමණි. එහිදි ඉෂාර අකලංක ලකුණු 43ක් සහ චතුර ලක්ෂාන් විසින් ලකුණු 34ක් ගාල්ල සමාජය වෙනුවෙන් රැස් කර ගන්නා ලදි. පන්දු යැවීමේදි චතුර ලියනගේ ලකුණු 32 කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

බදුරලිය ක්‍රිකට් සමාජය – 180/9 (36): පැතුම් මදුශංක 34, මදුශංක රවිචන්ද්‍රකුමාර් 21, හරිත් සමරසිංහ 21.

ගාල්ල ක්‍රිකට් සමාජය – 154 (33.3): ඉෂාන් අකලංක 43, චතුර ලක්ෂාන් 34, චතුර ලියනගේ 3/22, හරිත් සමරසිංහ 2/30.

තරගය ලකුණු 24කින් ජය ලබා ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත් විය.

පසුගිය ලිපි: පැවති තරග දහයෙන් වැඩිම ලකුණු කොල්ට්ස් පිලට


හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය – කටුනායක

ප්‍ර‍ථමයෙන්ම පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසි ලංකන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් නොදැවී අගනා ශතකයක් වාර්තා කිරීමට සංජුල අබේවික්‍ර‍ම සමත් විය. පන්දු 103කදි හතරේ පහර 7ක් සමග දර්ශණීය එක් 6 පහරකින් ඔහුගේ ඉණිම වර්ණවත් විය. සංජන සත්සර විසින් පන්දු 78කදි ලකුණු 48ක් වාර්තා කල අතර පන්දු යැවීමේදි චලන ද සිල්වා ලකුණු 33කට කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය. නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 220ක් ලබා ගැනීමට ලංකන් ක්‍රීඩා සමාජය සමත් විය.

ලංකන් ක්‍රීඩකයින්ට පිලිතුරු දීමට පිටියට එක්වු මේරියන්ස් සාමජය වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වීමට රුක්ෂාන් ෆර්නැන්ඩෝ සමත් විය. ඔහු පන්දු 93ක් තුල නොදැවි 4 පහර 10ක් සහ 6 පහර 2ක් සමගින් ලකුණු 89ක් වාර්තා කිරීමට සමත් විය. මේරියන්ස් සමාජයේ ජයග්‍ර‍හණයට රිසිත් උපමල් ද නොදැවී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් විය. පන්දු යැවීමේදි මාධව ෆර්නැන්ඩො විසින් ලකුණු 27කට කඩුළු 2ක් වාර්තා කිරීමට සමත් විය.

ලංකන් ක්‍රිකට් සමාජය – 220/8 (50): සංජුල අබේවික්‍රම 100*, සංජන සත්සර 41, චලන ද සිල්වා 3/36, රවීන් යසස් 2/33, කසුන් විදුර 2/44.

හාලවත මේරියන්ස් – 223/4 (42): රුක්ෂාන් ෆර්නැන්ඩො 89*, රිසිත් උපමාල් 50*, කසුන් විදුර 20, මාධව ෆර්නැන්ඩො 2/27.

තරගය කඩුළු 4කින් ජය ලබා ගැනීමට හලාවත මේරියන්ස් සමාජය සමත් විය.

පසුගිය ලිපි: හෙට්ටිවත්ත සහ රන්දික දිනුම කරා සිය කණ්ඩායම රැගෙන යයි


ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය – වැලිසර

පන්දුවාර 34 පන්දු 3 ක් අවසානයේ ගුවන් හමුදාව හඹා ගිය සැරසන්ස් ක්‍රීඩා සමාජය මෙම තරගය ජයග්‍ර‍හණය කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනා පිටියට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ පන්දුවාර 36ක් අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 171ක් වාර්තා කිරීමට සමත් විය. එහිදි පන්දු 56කදි 4 පහර 4ක් සහ එක් 6 පහරක් සමගින් ලකුණු 42ක් වාර්තා කිරීමට තුෂාන් එරන්ද සමත් විය. අවිශ්ක රත්නායකද ලකුණු 32ක් සිය කණ්ඩායමට වාර්තා කරන අතර පන්දු යැවීමේදි චානක දේවින්ද ලකුණු 12කට කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට එක්වු සැරසන්ස් සමාජය විසින් ගුවන් භටයින් හඹා ගොස් පන්දුවාර 34 පන්දු 3කදි කඩුළු 6ක් දැවී ලකුණු 175ක් වාර්තා කරන ලදි. එහිදි ඉෂාන් නිලක්ෂ විසින් අර්ධ ශතකයක් වාර්තා කල අතර නොදැවී ක්‍රීඩා කල දුෂාන් හේමන්ත ලකුණු 32ක් සැරසන්ස් වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.  පන්දු යැවීමේදි ලකුණු 24කට කඩුළු 3ක් දවා ගැනීමට චානක දේවින්ද සමත් විය.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 171/9 (36): තුෂාන් එරංද 42 , අවිශ්ක රත්නායක 32, චානක දේවින්ද 3/12.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – 175/6 (34.3): ඉෂාන් නිලක්ෂ 86, දුෂාන් හේමන්ත 32*, දුලීප් තාරක 3/24.

තරගය කඩුළු 3කින් ජය ලබා ගැනීමට සැරසන්ස් ක්‍රිකට් සමාජය සමත් විය.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට