දින 9ක පමණ අලුත් අවුරුදු විවේකයෙන් අනතුරුව යළිත් දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම්කාරීත්වය ආරම්භ කරවමින් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ දෙකක් අද (20) අවසන් වූ අතර, එම තරඟ වලින් කොළඹ හා දඹුල්ල යන කණ්ඩායම් ද්විත්වය ජයග්‍රහණ ලබාගැනීමට සමත් විය.මේ ජයග්‍රහණ අතුරින් දඹුල්ල කණ්ඩායමේ ජයග්‍රහණය ප්‍රේක්ෂකයන්ගේ විමතියට හේතු විය.
විලියම්සන්ගේ ආගමනයත් සමඟින් සන්රයිසර්ස් පිළට තවත් ජයක්
සන්රයිසර්ස් පිළට එරෙහිව ඊයේ (19) පැවති තරගයෙන් ලකුණු 15ක පරාජයක් උරුම කර ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස්…
කොළඹ හා මහනුවර අතර තරඟය
ලකුණු 106ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගත් දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කර කොළඹ NCC පිටියේදී ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.
ඩිල්ශාන් මුණවීර හා ළහිරු තිරිමාන්න පළමු කඩුල්ල සඳහා ලකුණු 86ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එහිදී මුණවීර වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 52ක් ලබාගත්තේය. ඔහුගේ ඉනිමට 4 පහර 6ක් හා දැවැන්ත 6 පහර 2ක් අන්තර්ගත විය. තිරිමාන්න 4 පහර 3ක් සමගින් ලකුණු 49ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීගියේය.
ශෙහාන් ජයසූරියට හා කිත්රැවන් විතානගේ හට මෙම තරඟයේදී සාර්ථක වීමට අවස්ථාවක් නොලැබිණි. නායක දිනේෂ් චන්දිමාල් හා එක්වූ යොවුන් ක්‍රීඩක වනිදු හසරංග 5 වන කඩුල්ල සඳහා ලකුණු 103ක සබඳතාවයක් ගොඩ නැංවූ අතර එම සබඳතාවය අඩිතාලමක් කරගෙන ලකුණු 250 ක සීමාව පසුකිරීමට කොළඹ කණ්ඩායමට හැකිවිය. චන්දිමාල් පන්දු 77කදී ලකුණු 76ක් රැස්කරගත්තේ 4 පහර 5ක් හා 6 පහර 2ක් ලකුණු පුවරුවට එක් කරවමිනි. ඔහුට නොමද සහයක් දුන් වනිදු 4 පහර 5ක් සමගින් ලකුණු 49ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.
පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් කඩුලු 3ක් දවා ගත් අතර, චරිත් අසලංක කඩුලු 2ක් දවාලීමට සමත් විය.
ලකුණු 289ක දැවැන්ත ඉලක්කයක් හඹායාමේ දී මුල් අඩිතාලම සාර්ථක ලෙස දමාගැනීමට මහේල උඩවත්තට හා දනුෂ්ක ගුණතිලකට අද දිනයේදී නොහැකි විය. ඇන්ජලෝ පෙරේරා, වනිදු හසරංග හා කොළඹ කණ්ඩායමේ අනුකුත් ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් පළමු පන්දුවාර 15 වන විට මහනුවර කණ්ඩායමේ කඩුලු 5ක් දවාලීමට ඔවුන්ට හැකිවූ අතර ඒ වන විට මහනුවර ලකුණු පුවරුව ලකුණු 66ක් ලෙස දැක්විණි.
නායක චාමර කපුගෙදර හා එක්වූ සචිත් පතිරණ සටන්කාමී ලකුණු 74ක් 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලදි. එහිදී කපුගෙදර විසින් ලකුණු 36ක් අත් කර ගත් අතර, පතිරණ ලකුණු 46ක් තම ලකුණු පුවරුවේ සටහන් කරවිය. අවසානයේ කොළඹ දඟ පන්දු බල ඇණිය ප්‍රබල මහනුවර පිතිකරුවන්ව පන්දුවාර 38ක් තුල ලකුණු 182කට සීමා කරවමින් ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේදී වනිදු හසරංග හා සචිත්‍ර සේනානායක කඩුලු 3 බැගින් දවාලන විට, ඩිල්ශාන් මුණවීර කඩුලු 2ක් තමන් සතුකරගත්තේය.
Colombo - Batting | Toss: Colombo | |
---|---|---|
Dilshan Munaweera | c Dumindu b Asalanka | 52 (55) |
Lahiru Thirimanne | b Rambukwella | 49 (72) |
Shehan Jayasuriya | Run Out | 12 (15) |
Dinesh Chandimal | Run Out | 76 (77) |
Kithruwan Vithanage | b Asalanka | 12 (18) |
Wanindu Hasaranga | c Weerakkody b Pradeep | 49 (44) |
Thisara Perera | c Pathirana b Pradeep | 1 (6) |
Angelo Perera | Not Out | 4 (3) |
Sachithra Senanayake | LBW b Pradeep | 18 (7) |
Dushmantha Chameera | Not Out | 2 (3) |
Vishwa Fernando | ||
Total | Extras (13) | 288/8 (50 overs) |
Kandy - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Lahiru Gamage | 7 | 0 | 55 | 0 |
Chathura Peiris | 8 | 1 | 45 | 0 |
Nuwan Pradeep | 10 | 0 | 56 | 3 |
Sachith Pathirana | 9 | 0 | 52 | 0 |
Charith Asalanka | 9 | 0 | 32 | 2 |
Ramith Rambukwella | 7 | 0 | 37 | 1 |
Kandy - Batting | Toss: Colombo | |
---|---|---|
Danushka Gunathilaka | b Jayasuriya | 6 (13) |
Mahela Udawatte | LBW b Senanayake | 7 (13) |
Sandun Weerakkody | c Senanayake b Chameera | 29 (34) |
Hashan Dumindu | c Perera b Hasaranga | 10 (26) |
Charith Asalanka | c Perera b Hasaranga | 1 (4) |
Chamara Kapugedara | c & b Hasaranga | 36 (39) |
Sachith Pathirana | c Senanayake b Munaweera | 46 (55) |
Chathura Peiris | st Chandimal b Senanayake | 19 (30 |
Ramith Rambukwella | LBW b Munaweera | 2 (4) |
Lahiru Gamage | LBW b Senanayake | 13 (12) |
Nuwan Pradeep | Not Out | 1 (2) |
Total | Extras (12) | 182/10 (38 overs) |
Colombo - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Vishwa Fernando | 4 | 0 | 32 | 0 |
Sachithra Senanayake | 9 | 0 | 39 | 3 |
Shehan Jayasuriya | 8 | 1 | 28 | 1 |
Dushmantha Chameera | 5 | 0 | 28 | 1 |
Wanindu Hasaranga | 8 | 0 | 37 | 3 |
Dilshan Munaweera | 4 | 0 | 18 | 2 |
දඹුල්ල හා ගාල්ල අතර තරගය
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල දඹුල්ල කණ්ඩායම් නායක මිලින්ද සිරිවර්ධන ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි.
ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සුපුරුදු ලෙස ඉණිම ආරම්භ කල සධීර සමරවික්‍රම හා උපුල් තරංග ගේ සබඳතාවය දිගු දුරක් ගෙන යාමට නුවන් කුලසේකර ඉඩ ලබා නොදුන් අතර, ඉණිමේ පළමු කඩුල්ල ලෙස සධීරව එක් ලකුණකට දවා ගැනීමට කුලසේකර සමත් විය. අනතුරුව පිටියට පැමිණි දිමුත් කරැණාරත්න හා එක්වූ නායක උපුල් තරංග ලකුණු 30ක සබඳතාවයක් දෙවන කඩුල්ල සඳහා ගොඩනැංවීමට සමත් වූ අතර, 4 පහර 5ක් සමගින් ලකුණු 26ක් ලබාගෙන ස්ථාවර තත්වයක සිටි තරංගව දෙවන කඩුල්ල ලෙස දවාලීමට දිල්රුවන් පෙරේරා සමත් විය.
දිමුත් ලකුණු 24කට,මිනෝද් භානුක ලකුණු 11කට, ධනංජය ද සිල්වා ලකුණු 17කට හා දසුන් ශානක එක් ලකුණකටත් ලෙස දැවීගිය අතර, ඒ වන විට ගාල්ල ලකුණු පුවරුව ලකුණු 97කට කඩුලු 6ක් ලෙස ඉතා දුර්මුඛ ලෙස දිස්විය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ දඹුලු පන්දු යවන්නන් හමුවේ ගාල්ල කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ට ලකුණු 250ක ඉලක්කයක් ගැන සිතීමටවත් ඉඩකඩක් නොලැබිණි.
නමුත් ඒ මත සියල්ලම දුරුකර නැගීසිටි චතුරංග ද සිල්වා හා සීකුගේ ප්‍රසන්න 7 වන කඩුල්ල සඳහා ලකුණු වේගවත් ලකුණු 90ක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එහිදී දක්ෂ ලෙස තම පිත්ත ක්‍රියාත්මක කල චතුරංග 4 පහර 5ක් හා 6 පහර 2ක් සමගින් වර්ණවත් හා වැදගත් ලකුණු 56ක් තම ලකුණු පුවරුවට එක් කරවන ලද්දේ, ගාල්ල කණ්ඩායමේ ක්‍රීඩාගාරයට නව ජවයක් ලබා දෙමිනි. ඔහුට අගනා සහයක් ලබාදුන් සීකුගේ ප්‍රසන්න 4 පහර 6ක් සමගින් ලකුණු 46ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දැවීයන ලදි.
තවද 9 වන කඩුල්ල සඳහා සුරංග ලක්මාල් හා එක්වූ චාමික කරුණාරත්න ලකුණු 58*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනංවමින් යම් ස්ථාවර මට්ටමක ලකුණු පුවරුවක් ගාල්ල කණ්ඩායම වෙත අත් කර දීමට සමත් විය. එහිදී නොදැවී ක්‍රීඩා කළ ලක්මාල් 4 පහර 2ක් හා එක් 6 පහරක් සමගින් නොදැවී ලකුණු 33*ක් ලබාගන්නා විට, අනෙක් අන්තය රැකගත් චාමික 4 පහර 2ක් සමගින් නොදැවී ලකුණු 24*ක් රැස්කරගන්නා ලදි. පන්දු යැවීමේදී මිලින්ද සිරිවර්ධන, දිල්රුවන් හා ළහිරු කුමාර අතරේ කඩුලු දෙක බැගින් බෙදීයන ලදි.
ලකුණු 251ක අභියෝගාත්මක ලකුණක් හඹායාම සඳහා පිටියට පැමිණි දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ලට ලකුණු 58ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට අවිශ්ක ප්‍රනාන්දු හා උදාර ජයසුන්දර සමත් විය. අවිශ්ක ගේ දැවීයාමට මොහොතකට පසුව 4 පහර 5ක් සමගින් මනරම් පිතිකරණයක නිරත වූ උදාර ලකුණු 33ක් ලබාගෙන සිටියදී දෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි. ලකුණු 99ක් වන විට කඩුලු 4ක් දැවී තිබූ දඹුල්ල ඉණිම ගොඩනැංවූ හර්ෂ කුරේ හා මිලින්ද 5 වන කඩුල්ලට ලකුණු 60ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් තම කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇතිකරවන ලදි. හර්ෂ 4 පහර 6ක් සමගින් ලකුණු 46කටත්, මිලින්ද ලකුණු 39කටත් දැවීගිය පසුව, ලකුණු 50 ක සබඳතාවයක් ගොඩනංවමින් හොඳ තරගයක් ලබාදීමට අශාන් ප්‍රියන්ජන (33) හා දිල්රුවන් (29) සමත් විය. අවසන් පන්දුවට එක් ලකුණක් ලබාගැනීමට නියමිතව තිබූ මෙම තරගය ළහිරු හා හසිත ප්‍රනාන්දු සාර්ථකව අවසන් කිරීමට සමත් වුයේ දඹුලු කණ්ඩායමට එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවි
Galle - Batting | Toss: Dambulla | |
---|---|---|
Sadeera Samarawickrama | c Cooray b Kulasekara | 1 (5) |
Upul Tharanga | b Perera | 26 (33) |
Dimuth Karunarathne | c Mendis b Priyanjan | 24 (49) |
Dhananjaya De Silva | b Siriwardena | 17 (23) |
Minod Bhanuka | c Perera b Kumara | 11 (22) |
Dasun Shanaka | LBW b Perera | 1 (4) |
Chathuranga De Silva | b Kumara | 56 (59) |
Seekkuge Prasanna | LBW b Siriwardena | 46 (49) |
Chamika Karunarathne | Not Out | 24 (30) |
Suranga Lakmal | Not Out | 33 (27) |
Malinda Pushpakumara | ||
Total | Extras (11) | 250/8 (50 overs) |
Dambulla - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Nuwan Kulasekara | 10 | 2 | 38 | 1 |
Asitha Fernando | 10 | 0 | 61 | 0 |
Dilruwan Perera | 8 | 0 | 28 | 2 |
Lahiru Kumara | 8 | 0 | 52 | 2 |
Ashan Priyanjan | 9 | 0 | 46 | 1 |
Milinda Siriwardena | 5 | 0 | 18 | 2 |
Dambulla - Batting | Toss: Dambulla | |
---|---|---|
Avishka Fernando | c & b Pushpakumara | 19 (19) |
Udara Jayasundera | c Samarawickrama b C Karunarathne | 33 (37) |
Kusal Mendis | LBW b C De Silva | 21 (42) |
Lahiru Milantha | c D Karunarathne b C Karunarathne | 4 (6) |
Harsha Cooray | LBW b Pushpakumara | 46 (60) |
Milinda Siriwardena | c Prasanna b C De Silva | 39 (46) |
Ashan Priyanjan | c Shanaka b Lakmal | 33 (48) |
Dilruwan Perera | b Prasanna | 29 (35) |
Nuwan Kulasekara | c Samarawickrama b Prasanna | 11 (6) |
Lahiru Kumara | Not Out | 5 (2) |
Asitha Fernando | Not Out | 1 (2) |
Total | Extras (10) | 251/9 (50 overs) |
Galle - Bowling | O | M | R | W |
---|---|---|---|---|
Suranga Lakmal | 8 | 0 | 49 | 1 |
Dasun Shanaka | 2 | 0 | 23 | 0 |
Dhananjaya De Silva | 5 | 0 | 26 | 0 |
Malinda Pushpakumara | 10 | 0 | 47 | 2 |
Chamika Karunarathne | 6 | 0 | 23 | 2 |
Chathuranga De Silva | 10 | 0 | 36 | 2 |
Seekkuge Prasanna | 9 | 0 | 46 | 2 |