ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් සමත් විය. දඹුල්ල ක්‍රීඩකයෝ අද තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීම කැපී පෙණුනි.
ෂෙහාන්ගෙන් ශතකයක් සහ කඩුලු දෙකක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (05) නිමා වූ අතර එහි දී පිට පිටම ලත් දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට…
දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ සධීර සමරවික්‍රම ය. 22 හැවිරිදි දකුණත් පිතිකරු සමරවික්‍රම කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 130ක් වාර්තා කළේය. දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ජෙෆ්රි වැන්ඩර්සේ ය. ඔහු ලකුණු 07කට කඩුලු 4ක් දවා ගත්තේය.
දඹුල්ල සහ නුවර අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී දඹුල්ල කණ්ඩායම කඩුලු 5ක පහසු ජයක් ලැබුවේය.
කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 127ක් පමණි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් ලබා ගත්හ. ඒ තවත් පන්දු 187ක් ඉතිරිව තිබිය දී ය.
නුවර ඉනිමේ පළමු කඩුලු හතර ලකුණු 16ක් වෙද්දී දවා ගැනීමට දඹුලු ක්‍රීඩකයෝ සමත් වූහ. කඩා වැටුණ ඉනිම යම් තරමකින් හෝ ගොඩගැනීමට සමත් වූයේ චාමර කපුගෙදර සහ සචිත් පතිරණ පමණි. කපුගෙදර පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් රැස් කළ අතර පතිරණ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 39කි. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය.
ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් දිස්ත්‍රික් තරගාවලිය මැයි මාසයේ
ලෝකය තුළ ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ක්‍රිකට් ආකෘතියේ 2018 ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ ප‍්‍රථම අදියර වන දිස්ත්‍රික් මට්ටමේ තරග…
ඔවුන් දෙදෙනාට අමතරව ප්‍රියමාල් පෙරේරා ලකුණු 12ක් ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට පැමිණීමට දඹුලු පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.
කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 07කට කඩුලු 4ක් දවා ගත්තේ පන්දු 25ක් පමණක් යවමිනි. ඊට අමතරව ලහිරු ගමගේ සහ ෂෙහාන් මධුශංක කඩුලු 2 බැගින් දවා ගත්හ.
දඹුල්ල ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට නායක කුසල් ජනිත් පෙරේරා සහ රුවිඳු ගුණසේකර සමත් වූහ. කුසල් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 41ක් රැස් කළ අතර රුවිඳු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී සචිත් පතිරණ ලකුණු 21කට කඩුලු 3ක් දවා ගත් අතර ඉසුරු උදාන ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තේය.
නුවර කණ්ඩායම; සියලුම දෙනා දැවී 127 (29.1): චාමර කපුගෙදර 40, සචිත් පතිරණ 38, ලහිරු ගමගේ 2/29, ෂෙහාන් මධුශංක 2/35, ජෙෆ්රි වැන්ඩර්සේ 4/07
දඹුල්ල කණ්ඩායම; කඩුලු 5ක් දැවී 130 (18.5) කුසල් ජනිත් පෙරේරා 41, රුවිඳු ගුණසේකර 38, ඉසුරු උදාන 2/21, සචිත් පතිරණ 3/21
ගාල්ල සහ කොළඹ අතර තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 147ක ජයග්‍රහණයක් ලැබීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනූ ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 347ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 200ක් පමණි.
ගාලු ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ සධීර සමරවික්‍රම ය. ඔහු පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තේය. ලකුණු 7 දී පළමු කඩුල්ල දැවී ගිය පසු පිටියට පිවිසි සධීර ආරම්භක පිතිකරු රමිත රඹුක්වැල්ල සමඟ එක් වී දෙවැනි කඩුල්ලට ලකුණු 129ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. රඹුක්වැල්ල පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර 6 බැගින් එල්ල කරමින් ලකුණු 87ක් ලබා ගත්තේය.
ඔවුන් දෙදෙනාට අමතරව චතුරංග ද සිල්වා මැද පෙළ ශක්තිමත් කරමින් ලකුණු 57ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට පන්දු 35ක් වැය වී තිබූ අතර හතරේ පහර සහ හයේ පහර 3 බැගින් ඉනිමට ඇතුළත්ව තිබුණි.
කඩුලු ලබා ගැනීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 66කට කඩුලු 3ක් ද, විශ්ව ප්‍රනාන්දු ලකුණු 80කට කඩුලු 2ක් ද දවා ගත්හ.
කොළඹ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 2 දී දැවී ගිය ද, දෙවැනි කඩුල්ලට ලකුණු 127ක සබඳතාවක් එක් කිරීමට ෂෙහාන් ජයසූරිය සහ ලහිරු තිරිමාන්න සමත් වූහ. තිරිමාන්න පන්දු 53ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තේය. ජයසූරිය පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේය.
එම කඩුලු දැවී යෑමෙන් අනතුරුව ලකුණු 6ක් තුළ තවත් කඩුලු 3ක් දවා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වෙමින් තරගය සියතට ගත්හ. එතැන් සිට කිසිදු පිතිකරුවෙක්ට දැවැන්ත ඉනිම් ගොඩනැගීමට ඉඩ නොදුන් ගාලු ක්‍රීඩකයෝ කොළඹ ඉනිම 43 වැනි පන්දුවාරයේ දී අවසන් කළහ.
මැතිව්ස්, තරංග, කුසල් සහ තිසර සුපිරි පළාත් තරගාවලිය පිළිබද දක්වන අදහස්
ගාල්ල, මහනුවර, කොළඹ හා දඹුල්ල යන කණ්ඩායම්වල සහභාගීත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන “2018 සුපිරි පළාත් එක්දින ක්‍රිකට්…
කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත් අතර සුරංග ලක්මාල්, දසුන් ශානක සහ සීකුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් දවා ගත්හ.
ගාල්ල කණ්ඩායම; කඩුලු 7ක් දැවී 347 (50.0): රමිත රඹුක්වැල්ල 87, සධීර සමරවික්‍රම 130, රොෂේන් සිල්වා 23, චතුරංග ද සිල්වා 57, සීකුගේ ප්‍රසන්න 19, විශ්ව ප්‍රනාන්දු 2/80, ලක්ෂාන් සඳකැන් 3/66
කොළඹ කණ්ඩායම; සියලුම දෙනා දැවී 200 (42.4): ෂෙහාන් ජයසූරිය 70, ලහිරු තිරිමාන්න 48, තික්ෂිල ද සිල්වා 21, සුරංග ලක්මාල් 2/40, දසුන් ශානක 2/25, මාලින්ද පුෂ්පකුමාර 4/24, සීකුගේ ප්‍රසන්න 2/21
තරගාවලියේ සෑම කණ්ඩායමක්ම මේ වන විට සෑම කණ්ඩායමක් සමඟින් තරග කර ඇති අතර ගාලු සහ කොළඹ ක්‍රීඩකයෝ තරග දෙක බැගින් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසු වෙන අතර අනෙකුත් කණ්ඩායම් දෙක ලබා ගෙන ඇත්තේ ජයග්‍රහණ එකක් බැගින් පමණි. මෙම සෑම කණ්ඩායමක්ම නැවත වතාවක් අනෙකුත් කණ්ඩායම් සමඟින් තරග වැදීමට නියමිත තරගාවලියේ මීළඟ තරග මැයි මස 11 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව ගාල්ල සහ නුවර කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද, දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් අතර තරගය කොළඹ සී. සී. සී. පිටියේ දී ද පැවැත්වීමට නියමිත ය.
මේ තරග අතුරින් කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන ගාල්ල සහ නුවර කණ්ඩායම් අතර තරගය සජීවී ව ඔබ වෙත සමීප කරවීමට ThePapare.com කටයුතු යොදා ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















