මුවර්ස්ට පූර්ණ ජයක්; මීගමුව සහ ලංකන් ගෞරවය රැකගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් Tier ‘A’ 2020

381

පළමු පෙළ Tier A ක්‍රිකට් තරගාවලියේ පලිහ කොටසේ තවත් තරග තුනක් අද (18) කොළඹ දී නිමා වූ අතර ඉන් එක් තරගයක් නිමා වූයේ මුවර්ස් කණ්ඩායමට ලකුණු 44ක ජයක් හිමිකර දෙමිනි.

රාගම සහ හලාවත මේරියන්ස් ජය ලබයි

මුවර්ස් – ටැමිල් යූනියන් තරගයේ දී ධනංජය ද සිල්වා සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ අතර එහි දී ඔහු පළමු ඉනිම තුල ලකුණු 95ක් ලබාගෙන දස්කම් දක්වන ලදි. ඊට අමතරව මුවර්ස් පළමු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 59ක් තුල දවා ගත් ධනංජය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ එක් ඉනිමක වාර්තා කරන ලද හොඳම පන්දු යැවීමේ දස්කම් ද දැක්වූයේ තරගය තුල ලොකු පෙරළියක් කරමින් වුවත් ඒ හා සමානව ඔවුන්ගේ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් හට නැගී සිටීමට නොහැකි වූ නිසා මේ තරගයේ දී  වැළඳ ගැනීමට සිදු විය.  

මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 6ක් දවා ගනිමින් ටැමිල් යූනියන් පිතිකරණ බල ඇණිය සුන්කර දමන ලදි.

ලංකන් සහ එස්. එස්. සී තරගය කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වූ අතර එම තරගය තුල දී ලංකන් නායක චානක රුවන්සිරි ලකුණු 165ක් ලබා ගනිමින් දස්කම් දක්වන ලදි. ඒ නිසාවෙන් එස්. එස්. සී ඉනිම අභිබවා ලකුණු 375ක පළමු ඉනිමේ ලකුණු සටහනක් වාර්තා කර ගැනීමට ලංකන් කණ්ඩායමට හැකියාව ලැබුණි. ගීත් කුමාර ලකුණු 60යි. පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණ 117කට කඩුලු 5ක් දවා ගත්තේය. අවසානයේ ප්‍රබල එස්. එස්. සී. කණ්ඩායම අභිබවා පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ලංකන් ක්‍රිකට් සමාජයට හැකි විය.

ශානකගේ ශතකයට ධනංජයගෙන් කඩුලු වැස්සක්

මීගමුව ක්‍රිකට් සමාජ නායක ඩිල්ෂාන් මුණවීර ලබා ගත් ලකුණු 91 නිසාවෙන්  බදුරලිය කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. මුණවීරට අමතරව මාධව වර්ණපුර, ඇන්ජලෝ ජයසිංහ, ලක්ෂිත රසාංජන සහ උපුල් ඉන්ද්‍රසිරි මීගමුව කණ්ඩායම වෙනුවෙන් වැඩි දස්කම් දක්වන ලදි. බදුරලිය කණ්ඩායම වෙනුවෙන් තරගය පුරාවට කැපී පෙනුණ ක්‍රීඩකයා බවට පත්වූ දුශාන් හේමන්ත දෙවන ඉනිමේ ලකුණු 145ක් සහ මීගමුව පළමු ඉනිමේ කඩුලු 4ක් තමන් සතු කරගත්තේය.

පලිහ තරග

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය

  • මුවර්ස් පළමු ඉනිම – 206 (71.2): නිපුන් කරුණානායක 44, දිනුක ඩිල්ශාන් 43, ධනංජය ද සිල්වා 7/59.
  • ටැමිල් යූනියන් පළමු ඉනිම – 178 (52): ධනංජය ද සිල්වා 95*, ප්‍රවීන් ජයවික්‍රම 5/53.
  • මුවර්ස් දෙවන ඉනිම – 171 (46.1): පබසර වඩුගේ 44, කවිෂ්ක අංජුල 43, අයන සිරිවර්ධන 42.
  • ටැමිල් යූනියන් දෙවන ඉනිම – 155 (36.3): සුරංග ලක්මාල් 40, ප්‍රවීන් ජයවික්‍රම 6/91.

මුවර්ස් කණ්ඩායමට ලකුණු 44ක ජයක්


දුරලිය ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය

  • බදුරලිය පළමු ඉනිම – 267 (84.5): දුනිත් ජයතුංග 57, සාලින්ද උෂාන් 51, දමිත් පෙරේරා 43, උපුල් ඉන්ද්‍රසිරි 5/65.
  • මීගමුව පළමු ඉනිම – 381 (105.2): ඩිල්ශාන් මුණවීර 91, මාධව වර්ණපුර 87, ඇන්ජලෝ ජයසිංහ 66, දුශාන් හේමන්ත 4/82.
  • බදුරලිය දෙවන ඉනිම – 276 (69.1):  දුශාන් හේමන්ත 115, දුනිත් ජයතුංග 48, ලක්ෂිත රසාංජන 5/97.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


එස්. එස්. සී. සහ ලංකන් ක්‍රිකට් සමාජය

  • එස්. එස්. සී. පළමු ඉනිම – 332 (76.2): දසුන් ශානක 112, සම්මු අශාන් 54, චානක රුවන්සිරි 3/53, කේෂාන් විජේරත්න 3/93, දුනිත් වෙල්ලාලගේ 3/97.
  • ලංකන් පළමු ඉනිම – 375 (119.4): චානක රුවන්සිරි 165, ගීත් කුමාර 60, ජෙෆ්රි වැන්ඩසේ 5/117.
  • එස්. එස්. සී. දෙවන ඉනිම – 226/4 (48): සඳුන් වීරක්කොඩි 67, නුවනිඳු ප්‍රනාන්දු 45, ගීත් කුමාර 3/49.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Photos : Lankan CC v SSC | Premier Plate Tournament 2020

තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<