ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන පළමු පෙළ Tier A ක්රිකට් තරගාවලිය අද (27) නිල වශයෙන් නිමාවට පත්වූයේ සී. සී. සී කණ්ඩායම එහි ලීග් ශූරතාව ජයග්රහණය කරමිනි. පලිහ ශූරතාව දිනා ගත්තේ මුවර්ස් කණ්ඩායමයි.
අද නිමා වූ තරග අතරින් පූර්ණ තරග ජයග්රහණ වාර්තා වූයේ එකක් පමණි. එම තරගයේ දී කෝල්ට්ස් අභිබවා ඉනිමක සහ ලකුණු 79ක දැවැන්ත ජයක් ලබා ගැනීමට එන්. සී. සී සමත් වූයේ තරගාවලියේ ලීග් අනුශූරතාව සඳහා හිමිකම් කියමිනි.
එම තරගයේ දී කෝල්ට්ස් දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සධීර සමරවික්රම 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 72ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4ක් ඇතුළුව කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
හලාවත මේරියන්ස් සහ සී. සී. සී. තරගය කොළඹ එස්. එස්. සී. පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරව වුවත් තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ අද දිනයේ දී සී. සී. සී. නායක කුසල් මෙන්ඩිස් 4 පහර 14ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් ලකුණු 157ක් වාර්තා කරගන්නා විට ඔහු සමඟ එක්වෙමින් සී. සී. සී ඉනිම ගොඩනැංවූ අශාන් ප්රියන්ජන් 4 පහර 24ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් ලකුණු 170ක් ලබා ගත්තේය. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 172ක් පමණි.
අවසානයේ සී. සී. සී කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවමින් හලාවත මේරියන්ස් කණ්ඩායමට ජයග්රහණය සඳහා ලකුණු 324ක ඉලක්කයක් ලබා දුන් නමුත් ප්රතිඵලයක් ලබා ගැනීම සඳහා කාලය ප්රමාණවත් වූයේ නැත. ඊට අමතරව ලසිත් අබේරත්න සහ වනිඳු හසරංග යන දෙදෙනා අර්ධ ශතක ලබා ගන්නා ලදි.
තවත් ක්රිකට් පුවත්:
- දේශීය ක්රිකට් බිමේ ඉනිමක වැඩිම ලකුණු වාර්තාව චන්දිමාල්ට
- Video – 2019/2020 අන්තර් සමාජ පළමු පෙළ ක්රිකට් තරගාවලිය අවසන්
- ඉදිරි දේශීය ක්රිකට් තරග කාලසටහන එළියට
- පළමු පෙළ තුළ පරිනත වූ පරණවිතාන ක්රිකට් බිමට සමුදෙයි
- පළමු පෙළ වේගවත්ම ශතකයේ හිමිකරු “සඳුන්”
තරගයේ තෙවැනි දිනය තුල සීකුගේ ප්රසන්නගේ පන්දු යැවීමේ දස්කම්වලින් අලංකාරවත් වූ යුද හමුදා සහ සැරසන්ස් තරගය ජය ගැනීම සඳහා යුද හමුදා කණ්ඩායමට වැඩි අවස්ථාවක් තිබූ නමුත් සැරසන්ස් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ අවසන් කඩුලු 5 දවා ගැනීමට තරම් කාලයක් නොතිබූ නිසාවෙන් ඔවුන්ට පූර්ණ තරග ජය නොලැබී ගියත් පළමු ඉනිමේ ජයග්රහණය ඔවුන් සතු විය.
යුද හමුදාව වෙනුවෙන් තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ ප්රසන්න පළමු ඉනිමේ කඩුලු 5ක් සහ දෙවන ඉනිමේ කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.
රාගම සහ බී. ආර්. සී තරගයේ දී 4 පහර 12ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් ශානුක දුලාජ් ලබා ගත් ලකුණු 143 නිසාවෙන් බී. ආර්. සී පළමු ඉනිම ලකුණු 406ක් දක්වා රැගෙන ඒමට හැකි විය.
ඊට අමතරව නායක භානුක රාජපක්ෂ, හශේන් රාමනායක, භානුක රාජපක්ෂ සහ නිසල් ෆ්රැන්සිස්කෝ අර්ධ ශතක ලබා ගත්තේය. පන්දු යැවීමේ දී රාගම වෙනුවෙන් වැඩි දස්කම් දැක්වූ ශෂික දුල්ශාන් කඩුලු 4ක් තමන් සතු කර ගන්නා ලදි.
තරගාවලිය තුල ක්රීඩකයින් දැක්වූ දස්කම් අනුව පහත පරිදි සම්මාන බෙදී ගියේය,
- තරගාවලියේ ලීග් ශූරතාවය – සී. සී. සී කණ්ඩායම
- ලීග් අනු ශූරතාවය – එන්. සී. සී
- පලිහ ශූරතාවය – මුවර්ස් ක්රීඩා සමාජය
- හොඳම පිතිකරු – ලහිරු උදාර
- හොඳම පන්දු යවන්නා – දුවිඳු තිලකරත්න
එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්රිකට් සමාජය
- එන්. සී. සී. පළමු ඉනිම – 458 (88.2): ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිශාර 72*, ලහිරු උදාර 66, නිරෝෂන් දික්වැල්ල 57, දිල්රුවන් පෙරේරා 4/117.
- කෝල්ට්ස් පළමු ඉනිම – 222 (51): ඇන්ජලෝ මැතිව්ස් 52, චතුරංග ද සිල්වා 5/56.
- කෝල්ට්ස් දෙවන ඉනිම (F/O) – 157 (37): සධීර සමරවික්රම 72, චතුරංග ද සිල්වා 4/81, අශේන් ඩැනියල් 3/30.
එන්. සී. සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 79ක ජයක්
හලාවත මේරියන්ස් සහ සී. සී. සී
- සී. සී. සී. පළමු ඉනිම – 287 (59.5): ලසිත් අබේරත්න 68, ලහිරු මධුසංක 45, නිමේෂ් විමුක්ති 5/59.
- හලාවත මේරියන්ස් පළමු ඉනිම – 458/9d (87): ශෙහාන් ජයසූරිය 108, ඕෂධ ප්රනාන්දු 85, කසුන් විදුර 61, රුමේෂ් බුද්ධික 56, ලසිත් කෘස්පුල්ලේ 50, මලින්ද පුෂ්පකුමාර 4/106.
- සී. සී. සී. දෙවන ඉනිම – 494/8d (97): අශාන් ප්රියන්ජන් 170, කුසල් මෙන්ඩිස් 157, ලසිත් අබේරත්න 56, වනිඳු හසරංග 51,
- හලාවත මේරියන්ස් දෙවන ඉනිම – 52/2 (9):
තරගය ජය පරාජයෙන් තොරව අවසන්
යුද හමුදා ක්රීඩා සමාජය සහ සැරසන්ස් ක්රීඩා සමාජය
- යුද හමුදා පළමු ඉනිම – 642/8d (90): දිනේෂ් චන්දිමාල් 354*, පැතුම් ඩිල්ශාන් 67, අශේන් රන්දික 63, ලක්ෂාන් එදිරිසිංහ 45.
- සැරසන්ස් පළමු ඉනිම – 259 (69.5): ගමිඳු කනිෂ්ක 95, සාලිය සමන් 45, සීකුගේ ප්රසන්න 5/72, දුශාන් විමුක්ති 3/55.
- සැරසන්ස් දෙවන ඉනිම (F/O) – 76/5 (35): සීකුගේ ප්රසන්න 3/29.
තරගය ජය පරාජයෙන් තොරව අවසන්
බී. ආර්. සී. සහ රාගම ක්රිකට් සමාජය
- රාගම පළමු ඉනිම – 491 (134.1): උදාර ජයසුන්දර 158, ලහිරු තිරිමාන්න 140, බිනුර ප්රනාන්දු 52, දුවිඳු තිලකරත්න 3/136.
- බී. ආර්. සී. – 406 (110.4): ශනුක දුලාජ් 143, හශේන් රාමනායක් 56, භානුක රාජපක්ෂ 50, නිසල් ෆ්රැන්සිස්කෝ 50, ශසික දුල්ශාන් 4/127.
- රාගම දෙවන ඉනිම – 23/0 (5):
තරගය ජය පරාජයෙන් තොරව අවසන්
තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම Subscribe කරන්න.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<