ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රිකට් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 7ක දෙවැනි දිනය අද (11) ක්‍රියාත්මක විය. කොරෝනා වසංගත තත්වය තරමක් පාලනය වූ පසුබිමක මෙම තරගාවලිය නැවතත් ආරම්භ වූයේ මාස 5කට පසුවයි. තරග සියල්ලම සියලු සෞඛ්‍ය උපදෙස් සහ ICCයේ නව රෙගුලාසිවලට අනුව පැවැත්වීමට තරග සංවිධායකයින් කටයුතු කර ඇත.
කොරෝනාවලට පසුව පළමු දේශීය ශතකය පොඩි කුසල්ගෙන්
ඒ අනුව තරගාවලිය හරහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් නැවතත් දේශීය ක්‍රිකට් පිටියට අවතීර්ණ වී ඇති නිසා තරගාවලියේ උණුසුම සහ තරගකාරීත්වය වැඩි වී ඇත. ඇන්ජලෝ මැතිව්ස් වසර 7කට පසුව නැවතත් පළමු පෙළ දේශීය තරගයක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 173*ක් වාර්තා කරගත්තේ දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
එන්. සී. සී. කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් දෙදෙනෙකු වන උපුල් තරංග සහ ලහිරු උදාර ශතක රැස්කර ගනිමින් ඔවුන්ගේ ඉනිම සවිමත් කළේ යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිවයි.
සී. සී. සී. සහ රාගම ක්‍රීඩා සමාජය අතර තරගය තුළ රාගම කණ්ඩායම ඉනිමක පරාජයක් අභියස සිටින අතර මේ වන විට ඔවුන් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටියි. රාගම කණ්ඩායම තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 4ක් රැස්කර ගෙන සිටින්නේ සී. සී. සී. පළමු ඉනිමට වඩා ලකුණු 363ක් පසුපසින් සිටිමිනි. එම තරගයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 139ක් රැස්කර ගනිමින් දස්කම් දක්වන ලදි.
මැතිව්ස් සහ සංතුෂ් රැස්කර ගත් ශතක නිසාවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 408ක් වාර්තා කරගත් කෝල්ට්ස් කණ්ඩායම, සිය පළමු ඉනිම අවසන් කළ අතර දෙවැනි දිනය අවසන් වන විට සැරසන්ස් කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 113ක් රැස්කර ගෙන සිටියි.
ඊට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලකුණු 136ක් රැස්කර ගනිමින් බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව දිනය තුළ කැපී පෙනෙන දස්කම් දක්වන ලදි.
සුපිරි අට වටයේ තරග
සී. සී. සී. සහ රාගම ක්‍රීඩා සමාජය
සී. සී. සී පළමු ඉනිම – 499/7d (86): කුසල් මෙන්ඩිස් 139, මිනෝද් භානුක 88, වනිඳු හසරංග 88, අශාන් ප්‍රියන්ජන් 58, බිනුර ප්‍රනාන්දු 4/72.
රාගම පළමු ඉනිම – 132 (41.2): ජනිත් ලියනගේ 43*, මලින්ද පුෂ්පකුමාර 4/43.
රාගම දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 4/2 (5.5)
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ බී. ආර්. සී.
හලාවත මේරියන්ස් පළමු ඉනිම – 195 (47.2): ඕෂධ ප්‍රනාන්දු 42, පුලින තරංග 40, භානුක රාජපක්ෂ 3/26, හශේන් රාමනායක 3/26, දුවිඳු තිලකරත්න 3/54.
බී. ආර්. සී. පළමු ඉනිම – 87 (34.2): දේශාන් ඩයස් 24, අසිත ප්‍රනාන්දු 4/42.
හලාවත මේරියන්ස් දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 359/6 (81): කමිඳු මෙන්ඩිස් 136* , කසුන් විදුර 87, තික්ෂිල ද සිල්වා 40*, භානුක රාජපක්ෂ 3/40.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය
කෝල්ට්ස් පළමු ඉනිම – 408/6d (128.2): ඇන්ජලෝ මැතිව්ස් 173*, සන්තුෂ් ගුණතිලක 100, අවිශ්ක ප්‍රනාන්දු 66, කසුන් රාජිත 3/85.
සැරසන්ස් පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 113/3 (44): ගමිඳු කනිෂ්ක 45.
යුද හමුදා ක්‍රීඩා සමාජය සහ එන්. සී. සී.
යුද හමුදා පළමු ඉනිම – 269 (84.1): අසේල ගුණරත්න 50, හිමාෂ ලියනගේ 46, දිලේෂ් ගුණරත්න 5/42.
එන්. සී. සී. පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 323/6 (75): ලහිරු උදාර 105, උපුල් තරංග 100.
සංගාට අභියෝගයක් වූ පන්දු යවන්නෝ
පලිහ තරග
මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය
මුවර්ස් පළමු ඉනිම – 340 (100.2): අයන සිරිවර්ධන 83, අදීශ තිලංචන 53, දිනුක ඩිල්ශාන් 46, කවිෂ්ක අංජුල 42, ලහිරු සමරකෝන් 5/86.
බදුරලිය පළමු ඉනිම – 149 (45.5): සාලින්ද උෂාන් 67, කවිෂ්ක අංජුල 5/39.
මුවර්ස් දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 74/1 (19)
ලංකන් ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය
ලංකන් පළමු ඉනිම – 270 (68.2): චානක රුවන්සිරි 124*, ලහිරු ඩිල්ශාන් 43, ලක්ෂිත රසාංජන 5/85.
මීගමුව පළමු ඉනිම – 238 (69.2): මාධව වර්ණපුර 64, රොස්කෝ තටිල් 63, අශේන් සිල්වා 53, දුනිත් වෙල්ලාලගේ 3/66.
ලංකන් දෙවන ඉනිම (දෙවන දිනය අවසානයේ) – 67/5 (33)
එස්. එස්. සී. ක්‍රීඩා සමාජය සහ ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය
එස්. එස්. සී. පළමු ඉනිම – 254 (77.5): සචිත්ර සේනානායක 81, අකාෂ් සේනාරත්න 37, සුරංග ලක්මාල් 4/36.
ටැමිල් යුනියන් පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 294/5 (86): රන්මිත් ජයසේන 82, තරංග පරණවිතාන 71, ධනංජය ද සිල්වා 53.
මෙම තරග සියල්ලම හෙට (12) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ. තරගාවලියේ විශේෂ වීඩියෝ, සේයා රූ, ලකුණු සටහන් ඇතුළු සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<