ඕස්‌ට්‍රේලියාවේ විස්‌සේ ඇරයුම භාරගන්න ශ්‍රී ලංකාව එක්‌දින තරග තුනක් ඉල්ලයි

460
SL V AUS

ඕස්‌ට්‍රේලියානු ක්‍රිකට්‌ ආයතනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එක්‌දින සහ විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියකට ලබන පෙබරවාරි මස ඕස්‌ට්‍රේලියාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක්‌ දෙරටේ ක්‍රිකට්‌ ප්‍රධාන විධායකයන් අතර ඩුබායි හිදී සාකච්ඡාවට බඳුන්ව තිබේ.

අදාළ සාකච්ඡාව ඩුබායිහීදි පැවැති ක්‍රිකට්‌ ආයතන විධායකයන්ගේ රැස්‌වීමේදී මාර්තෘකාවට බඳුන්ව තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මොහාන් ද සිල්වා මහතාගෙන් “දිවයින” විමසන ලදුව, “අපි ඕස්‌ට්‍රේලියාවේ සංචාරය සඳහා තවත් එක්‌දින තරග කිහිපයක්‌ ඉල්ලුවා. ඒ පිළිබඳව ක්‍රිකට්‌ විධායකවරයා දැනුවත් කළා. ඔහු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක්‌ ගනීවි.” යෑයි පැවසීය.

 එංගලන්ත ක්‍රිකට් සංචාරයට 20න් 15ක් 

ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට්‌ විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මේ සම්බන්ධව සාකච්ඡා පවත්වන අතර එහි ප්‍රතිඵලය රැගෙන ඔහු ඊයේ (25 දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. ඕස්‌ට්‍රේලියානු ක්‍රිකට්‌ ආයතනය විස්‌සයි විස්‌ස තරග තුනකට මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට ඇරියුම් කර තිබුණද එම තරගාවලියට ශ්‍රී ලංකා කණ්‌ඩායම සහභාගි කරවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මේ වන තෙක්‌ ස්‌ථිර ප්‍රතිචාරයක්‌ නොදක්‌වා තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

 ශ්‍රී ලංකාව එලඹෙන පෙබරවාරියේ ඕස්ට්‍රේලියාවට 

අපිට විස්‌සයි විස්‌ස තරග තුනකට විතරක්‌ ඕස්‌ට්‍රේලියාවේ යැම අපරාධයක්‌. මොකද අපි දකුණු අප්‍රිකාව සමග ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගාවලියකට සහභාගි විමෙන් පසු දින කිහිපයක්‌ අතරතුරදී තමයි ඔය තරගාවලිය තියෙන්නෙ. ඒ නිසා අපි විස්‌සයි විස්‌ස තරග තුනට අමතරව එක්‌දින තරග තුනක්‌ ඉල්ලුවා. ඒකට ඕස්‌ට්‍රේලියානු ක්‍රිකට්‌ ආයතනය කැමැති වුණොත් කණ්‌ඩායම සහභාගි කරවනවා.”

ඕස්‌ට්‍රේලියානු ක්‍රිකට්‌ ආයතනය ලබන පෙබරවාරි මස 17, 19 සහ 22 යන තෙදින මෙම විස්‌සයි විස්‌ස තරග තුන සඳහා දින වකවානු වෙන්කර තිබුණද එම තරග මෙල්බන් සහ සිඩ්නි නුවරදී පැවැත්වීම කෙරෙහි ඔවුන් සාකච්ඡා කරමින් සිටින බවද වාර්තා වේ.

 තවත් ප්‍ර‍වෘත්ති සඳහා පිවිසෙන්න