සංචාරක පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත දෙදින පුහුණු තරගයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම අද (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
ජූලි 11 සහ 12 හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ නායකත්වය කමිඳු මෙන්ඩිස් හට හිමිව තිබෙන අතර කඩුලු රකින්නා ලෙස නිරෝෂන් දික්වැල්ල නම් කර තිබෙනවා.
ජාතික ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ ඕෂධ ප්‍රනාන්දු සහ ප්‍රවීන් ජයවික්‍රම ද මෙම සංචිතයට ඇතුළත් වන අතර ඔවුන්ට අමතරව පිතිකරුවන් ලෙස සඳුන් වීරක්කොඩි, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය කණ්ඩායමට ඇතුළත්.
- පාකිස්තාන ටෙස්ට් කණ්ඩායම දිවයිනට
- ස්කොට්ලන්ත සිහින බොඳ කරමින් නෙදර්ලන්තය ලෝක කුසලානයට
- බංග්ලාදේශ ක්‍රිකට් ප්රධානියාගෙන් Tamimට විශේෂ ඉල්ලීමක්
මෑත කාලයේ ඉහළ දස්කම් අතර සිටින ලක්ෂිත මනසිංහ, ශෂික දුල්ෂාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ් සහ මොහොමඩ් ශිරාස් පන්දු යවන්නන් ලෙස කණ්ඩායම නියෝජනය කරන අතර මෙම සංචිතයට ක්‍රීඩකයින් 14ක් ඇතුළත්.
පාකිස්තාන කණ්ඩායම මෙම තරගයෙන් පසු පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල බලා පිටත් වීමට නියමිත අතර ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.
- පුහුණු තරගයට නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම: කමිඳු මෙන්ඩිස් (නායක), නිරෝෂන් දික්වැල්ල, සඳුන් වීරක්කොඩි, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, නිපුන් ධනංජය, ඕෂධ ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂිත මනසිංහ, ශෂික දුල්ෂාන්, මිලාන් රත්නායක, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්.
පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<