එස්. එස්. සී. ක්‍රීඩකයෝ වරාය වේලාසනින්ම ගිල්වා දමති

302

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A  සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ තෙවැනි දිනයේ දී ම ජයග්‍රහණයක් වාර්තා කිරීමට එස්. එස්. සී. ක්‍රීඩකයෝ අද (27) සමත් වූහ. වරාය අධිකාරිය කණ්ඩායම සමඟ පැවති මෙම තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී අද නිමා විය.

මේ අතර අද පැවති පළඟ වටයේ තරගවල දී සී. සී. සී. කණ්ඩායම නියෝජනය කරන මාධව වර්ණපුර සහ ලසිත් අබේරත්න ශතක ලබමින් කැපී පෙණුණි.  

කෞෂාල්, කපුගෙදර සහ රොන් ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier A ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරගාවලියේ දෙවැනි දිනයට (26) බේල්ස් ඉවත් කෙරෙන විට එස්. එස්. සී. කණ්ඩායමේ…

එස්. එස්. සී. සහ වරාය අධිකාරිය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දිවා විවේකයට පෙරම තරගයේ විසඳුම තීරණය වූයේ එස්. එස්. සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 82ක ජයග්‍රහණයක් ලෙසිනි. තරගයේ තෙවැනි දිනය ආරම්භ වූයේ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා වරාය අධිකාරී ක්‍රීඩකයන්ට තවත් ලකුණු 170ක අවශ්‍යතාවක් සමඟිනි. එහෙත් අද දිනයේ දී ඔවුන්ට රැස්කර ගත හැකි වූයේ ලකුණු 88ක් පමණි. ඒ අනුව ඔවුන්ගේ ඉනිම 166 දී නතර විය.

මෙම ඉනිමේ දී හුදකලා සටනක නිරත වූ යසෝද ලංකා පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී අවශ්‍ය ම අවස්ථාවන් හී දී පන්දුව සියතට ගත් නායක සචිත්‍ර සේනානායක ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත්තේය. දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩර්සේ ද කඩුලු 3 බැගින් දවා ගත්හ.  

ශ්‍රී ලංකා වරයා අධිකාරිය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 165 (44.2) යොහාන් ද සිල්වා 24,  යසෝද ලංකා 21, ගිහාන් රූපසිංහ 36, අනුක් ද අල්විස් නොදැවී 39, දසුන් ශානක 3/26, සචිත්‍ර සේනානායක 3/40, ජෙෆ්රි වැන්ඩර්සේ 3/28

එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 413 (110.4) මිනෝද් භානුක 20, කෞෂාල් සිල්වා 120, මිලින්ද සිරිවර්ධන 49, කවිඳු කුලසේකර 78, චාමර කපුගෙදර 109, අකලංක ගනේගම 3/99, චානක කොමසාරු 4/119, චලනක වීරසිංහ 2/79

ශ්‍රී ලංකා වරාය අධිකාරිය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 166 (40.1) යසෝද ලංකා 67, ගිහාන් රූපසිංහ 24, දසුන් ශානක 3/64, සචිත්‍ර සේනානායක 3/11, ජෙෆ්රි වැන්ඩර්සේ 3/40


එන්. සී. සී. සහ රාගම අතර තරගය

කෝල්ට්ස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය නිමා වන විට දෙපිලේ ම ක්‍රීඩකයෝ ජයග්‍රහණය තමන් වෙත ලබා ගැනීමට උපරිම වෙහෙස දරමින් සිටින අයුරක් දකින්නට ලැබුණි.

එන්. සී. සී. ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම අද දිනයේ දී ම නිමාවට පත් වීම තරගය විවෘත වීමට හේතු විය. ඔවුන් දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 215ක් පමණි.  එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ චාමික කරුණාරත්න ය. ඔහු පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී 20 හැවිරිදි දකුණතින් දඟපන්දු යවන නිශාන් පීරිස්  ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත්තේය.

ලකුණු 126ක ඉලක්කයකට පිටියට පිවිසි රාගම ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට ලබා සිටියේ කඩුලු 4ක් දැවී ලකුණු 45ක් පමණි. දැවී ගිය කඩුලු 4න් 3කම හිමිකාරීත්වය තරිඳු කෞෂාල් සතු විය. ජයග්‍රහණය සඳහා රාගම ක්‍රීඩකයන් තවත් ලකුණු 81ක් අවශ්‍ය අතර එන්. සී. සී. ක්‍රීඩකයන්ට කඩුලු 6ක් අවශ්‍ය ය.

එන්. සී. සී; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 247 (76.1) සඳුන් වීරක්කොඩි 24, චතුරංග ද සිල්වා 90, ෆර්වීස් මහරූෆ් 24, චාමික කරුණාරත්න 32, තරිඳු කෞෂාල් නොදැවී 23, ඉෂාන් ජයරත්න 4/46, ජනිත් ලියනගේ 2/41, අමිල අපෝන්සු 3/72

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (108.3) උදාර ජයසුන්දර 57, ෂෙහාන් ප්‍රනාන්දු 23,  ලහිරු තිරිමාන්න 56, ජනිත් ලියනගේ 69, සමීර ද සොයිසා 39, ආක්ෂු ප්‍රනාන්දු 32, ෆර්වීස් මහරූෆ් 2/48, චාමික කරුණාරත්න 4/80

එන්. සී. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 215 (57.1) මාලිංග අමරසිංහ 34, මහේල උඩවත්ත 20, චතුරංග ද සිල්වා 37, චාමික කරුණාරත්න 51, ෆර්වීස් මහරූෆ් 28,  ඉෂාන් ජයරත්න 2/33, නිශාන් පීරිස් 5/56, අමිල අපොන්සු 2/37

රාගම ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 45 (19.0) ලහිරු මිලන්ත 15, තරිඳු කෞෂාල් 3/19

බී. ආර්. සී. සහ කෝල්ට්ස් අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ද හෙට දිනයේ දී විසඳුමක් අපේක්ෂාවෙන් අද දිනය නිමා වූයේ ලකුණු 202ක ඉලක්කයක් පසු පස යන කෝල්ට්ස් ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 106ක් තිබිය දී ය.

බී. ආර්. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිමේ දී දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට ගිය ද කවිශ්ක අංජුලගේ සහ ප්‍රභාත් ජයසූරියගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ දෙවැනි ඉනිම ලකුණු 122කට සීමා විය. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු ලසිත් ලක්ෂාන් පන්දු 79ක දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය.  

බී. ආර්. සී. පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (90.2) හර්ෂ විතාන 41, හෂේන් රාමනායක 66, ශෂීන් දිල්රංග 124, නිසල තාරක 6/71, ප්‍රභාත් ජයසූරිය 2/62

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (97.1) ඇන්ජලෝ ජයසිංහ 37, ප්‍රියමාල් පෙරේරා 88, විශාද් රන්දික 22, නිසල තාරක 31, හෂේන් රාමනායක 3/47, නෙරංජන වන්නිආරච්චි 4/38, සුරාජ් රන්දිව් 2/36

බී. ආර්. සී; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 122 (38.4) ලසිත් ලක්ෂාන් 64, රනේෂ් බුද්ධික 22, නිසල තාරක 2/26, කවිෂ්ක අංජුල 4/35, ප්‍රභාත් ජයසූරිය 4/15

කෝල්ට්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 106 (29.0) පසිඳු ලක්ශංක 26, සංගීත් කුරේ 39, සදීර සමරවික්‍රම නොදැවී 20, සුරාජ් රන්දිව් 2/31


මේරියන්ස් සහ සැරසන්ස් අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය අවසාන වූයේ හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ලබා දුන් ලකුණු 425ක් පිටුපස යන සැරසන්ස් ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 92ක්ව තිබිය දී ය.

සැරසන්ස් ක්‍රීඩකයන්ගේ පළමු ඉනිමෙන් අනතුරුව ලකුණු 165ක් ඉදිරියෙන් සිටි මේරියන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 236ක් ලබා තිබිය දී අත්හිටුවා ප්‍රතිවාදීන්ට නැවත පන්දුවට පහර දීමට අවස්ථාව ලබා දුන්නේය.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් හෙට දිනයේ දී පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 333ක් ලබා ගත යුතුය.  

හලාවත මේරියන්ස්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 401 (109.2) අශේන් සිල්වා 47, ඔෂාද ප්‍රනාන්දු 112, සචිත්‍ර සේරසිංහ 109, තීක්ෂිල ද සිල්වා  45, සාලිය සමන් 5/76

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 236 (65.5) ඇන්ඩි සොලමන්ස් 31, කනිෂ්ක අමරසිංහ 43, හර්ෂ කුරේ 41, චතුර රන්දුණු 25, රනිත ලියනාරච්චි 36, මාලින්ද පුෂ්පකුමාර 3/71, අසිත ප්‍රනාන්දු  5/47

හලාවත මේරියන්ස්; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 259(ෂෙශාන් ජයසූරිය 40, සචිත්‍ර සේරසිංහ 87, අශේන් සිල්වා 32, රිසිත් උපමාල් 39, තීක්ෂිල ද සිල්වා 29, චතුර රන්දුණු 4/68

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි  ඉනිම කඩුලු 5ක් දැවී 92 (31.0) ප්‍රමෝද් මධුවන්ත නොදැවී 21, හර්ෂ කුරේ නොදැවී 34, මාලිංග පුෂ්පකුමාර 2/35

මහින්දට හා මාරිස් ස්ටෙල්ලාවට දැවැන්ත ජයග්‍රහණ

ගාල්ල මහින්ද විද්‍යාලය හා මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ වාර්තා කර අද (26) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම පැවත්විය.


 පළඟ ශූරතා තරගාවලිය 

බ්ලුම්ෆීල්ඩ් සහ යුද හමුදා අතර තරගය

මුවර්ස් පිටියේ දී දෙවැනි දිනය නිමා වූ මෙම තරගයේ ජයග්‍රහණය සොයා යන ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 52ක් ලබා සිටියහ. තරගයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ලෙසින් මේ වන විට දුශාන් විමුක්ති පත් ව සිටින්නේ තරගයේ දී ලකුණු 127කට කඩුලු 10ක් දවා ගැනීම හේතුවෙනි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 163 (38.3) නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, අදීශ නානායක්කාර 35, ප්‍රමුද් හෙට්ටිවත්ත 33, රමේෂ් මෙන්ඩිස් 24, ලහිරු සමරකෝන් 21, දුශාන් විමුක්ති 6/77

ශ්‍රී ලංකා යුද හමුදාව; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 153 (49.0) අශාන් රන්දික 30, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31,  ඩිල්ශාන් ද සොයිසා 31, අජන්ත මෙන්ඩිස් නොදැවී 24,  මලිත් ද සිල්වා 3/66, කසුන් රාජිත 2/30, රමේෂ් මෙන්ඩිස් 2/23

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 206 (60.0) නිපුන් කරුණානායක 91, නිසල් ෆ්‍රැන්සිස්කෝ 23, අනුක් ප්‍රනාන්දු 20, දුශාන් විමුක්ති 4/50, මල්ක මධුශංක 3/38

ශ්‍රී ලංකා යුද හමුදාව; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 52 (22.0) මලිත් ද සිල්වා 2/14


සී. සී. සී. සහ බදුරලිය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 480ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ප්‍රතිවාදී ක්‍රීඩකයෝ දෙවැනි දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 171ක් ලබා සිටියහ.

සී. සී. සී. ඉනිම වෙනුවෙන් අද දිනයේ දී මාධව වර්ණපුර පන්දු 233කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 138ක් ලබා ගත්තේ ය. ඊට අමතර ලසිත් අබේරත්න ද පන්දු 97ක දී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේය.

සී. සී. සී; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 480 (110.0) රොන් චන්ද්‍රගුප්ත 130, අශාන් ප්‍රියංජන් 66, මාධව වර්ණපුර නොදැවී 138, ලසිත් අබේරත්න 105, මධුර ලක්මාල් 2/90, අලංකාර අසංක 2/85

බදුරලිය ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 171 (71.0) පැතුම් නිශ්ශංක 42, සාලන්ද උෂාන් නොදැවී 51, නදීර නාවල 56, දිනුක් හෙට්ටිආරච්චි 2/49

“හූ හූ!” “ඉන්දියාව හූ හූ!”

“ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම” ශ්‍රී ලාංකික අපගේ ප්‍රියතම ක්‍රිකට් කණ්ඩායම නම් නොවේ. වසර 2500ක නොනවතින කරදර අතරේ මෑත කාලීනව ශ්‍රී ලංකාවට වැඩිම ඉන්දියානු කරදර සිදුවූයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළිනි.

මුවර්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජය ලබා ගත් ලකුණු 260ට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 243ක් ලබා ගත් අතර දෙවැනි දිනය නිමා වන විට දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 149ක් ලබා සිටියහ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 260 (67.4) පබසර වඩුගේ 40, ඉරෝෂ් සමරසූරිය 44, ශනුක දුලාජ් 82, ප්‍රමොද් මධුශාන් 4/53, ජීවන් මෙන්ඩිස් 4/97

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (65.5) සිතාර ගිම්හාන් 22, බිනුර ප්‍රනාන්දු 56, ජිවන් මෙන්ඩිස් 30, මනෝජ් සරත්චන්ද්‍ර 46, ශිරාන් ප්‍රනාන්දු 4/74, තරිඳු රත්නායක 5/87

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 149 (39.0) පබසර වඩුගේ 49, ප්‍රිමෝෂ් පෙරේරා 41, ඉරෝෂ් සමරසිංහ නොදැවී 51

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<