ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League – Tier A සහ Tier B තරගාවලියේ අද (6) පැවති තරග අතරින් වැඩි දක්ෂතා දැක්වීමට Tier B කාණ්ඩයේ ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.
ඒ අනුව කුරුණෑගල යූත් ක්‍රීඩා සමාජයේ නායක රන්දීර රණසිංහ පන්දු 150කට මුහුණ දී හතරේ පහර 12ක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 138ක් ලබා ගත්තේය. මෙම ශතකය අද දවසේ වාර්තා වූ එකම ශතකය ද විය.
පවන් ද්විත්ව ශතකයකට පසුව නැවත ශතකයකට
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටස
එම ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 108ක්ව තිබිය දී ඔහු ලහිරු ජයරත්න සමඟ එක්වෙමින් 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 189ක සබඳතාවක් එක් කිරීමට ද රන්දීර රණසිංහ සමත් විය.
පන්දු යැවීමේ දී බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ ගයාන් සිරිසෝම ලකුණු 32කට කඩුලු 7ක් දවා ගනිමින් දිනයේ කැපී පෙණෙන පන්දු යවන්නා බවට පත් විය.
මේ අතර මීගමුව ක්‍රිකට් සමාජයේ උපුල් ඉන්ද්‍රසිරි ද බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 107කට කඩුලු 7ක් දවා ගත්තේය.
Tier A – Group A
සී. සී. සී. සහ කෝල්ට්ස් (සී. සී. සී. පිටියේ දී)
කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (53.2) සංතුශ් ගුණතිලක 67, විශාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 29, විශ්ව ප්‍රනාන්දු 3/40, සොනාල් දිනූෂ 6/55
සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 128 (22) මිනෝද් භානුක නොදැවී 53, ලසිත් අබේරත්න නොදැවී 24, ඩිල්රුවන් පෙරේරා 3/36
මීගමුව සහ බී. ආර්. සී. (මුවර්ස් ක්‍රිකට් පිටියේ දී)
බී. ආර්. සී.; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 282 (91) ලසිත් ලක්ෂාන් 59, ලිසුල ලක්ෂාන් 49, ශනුක දුලාජ් 68, දේශාන් ඩයස් 36, උපුල් ඉන්ද්‍රසිරි 7/102
යුද හමුදාව සහ මුවර්ස් (පනාගොඩ දී)
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 349 (90) අශාන් රන්දික 77, ලක්ෂාන් එදිරිසිංහ 86, දිනේෂ් චන්දිමාල් 84, දුශාන් විමුක්ති නොදැවී 54, යශෝධ මෙන්ඩිස් නොදැවී 26, ධනුශ්ක රණසිංහ 67/4
86 වැනි සාන්තුවරුන්ගේ සටනට කණ්ඩායම් දෙකේම අවි සූදානම්
කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය
Tier A – Group B
බදුරලිය සහ එන්. සී. සී. (මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
එන්. සී. සී.; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 133 (41.3) පැතුම් නිස්සංක නොදැවී 83, හසිත බෝයගොඩ 33, ටී. එන්. සම්පත් 2/59
සැරසන්ස් සහ හලාවත මේරියන්ස් (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (83) පැතුම් මධුශංක 29, සාලිය සමන් 35, චාමිකර එදිරිසිංහ නොදැවී 24, .තික්ෂිල ද සිල්වා 2/74, චතුරංග කුමාර 3/25, නිමේෂ් විමුක්ති 4/39
රාගම සහ ලංකන් (එන්. සී. සී. පිටියේ දී)
ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (77) ප්‍රිමෝෂ් පෙරේරා 57, කේශාන් විජේරත්න 51, සහන් නානායක්කාර නොදැවී 20, ශෂික දුල්ශාන් 5/26, අමිල අපොන්සු 2/42
රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 33 (12) ලහිරු තිරිමාන්න නොදැවී 21
Tier B
පොලිසිය සහ ගාල්ල (තිඹිරිගස්යාය පොලිස් උද්‍යාන පිටියේ දී)
ගාල්ල ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (81.3) දමිත හුණුකුඹුර 55, විනුර දුල්සර 49, නිමේෂ් පෙරේරා 24, රවිශ්ක විජේසිරි 50, අකලංක ගනේගම 20, අසේල් සිගේරා 3/55, මහේෂ් ප්‍රියදර්ශන 2/55, සුපුන් මධුශංක 3/36
පොලිස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 19 (6)
කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ (රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
නුගේගොඩ ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (82.3) පැතුම් මධුශංක 43, ඉරෝෂ් සමරසූරිය 42, මොහොමඩ් ෂිල්මි 64, ජලට් ඛාන් 75, බසිට් අලි 49, උමේග චතුරංග 2/64, සචිත්‍ර පෙරේරා 6/104
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 22 (11)
නාවික හමුදාව සහ කුරුණෑගල යූත් (වැලිසර නාවික හමුදා පිටියේ දී)
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 297 (81.5) අනුරුද්ධ රාජපක්ෂ 24, රන්දීර රණසිංහ නොදැවී 138, ලහිරු ජයරත්න නොදැවී 68, සතික් නිමල්ශ 3/80, ඩිලංක අවර්ඩ්ට් 3/79
තෝමස්ට බියවූ ශ්‍රී ලංකාවට සිත් බිඳෙන පරාජයක්!
එක්දින තරගාවලියේ දී ලබාගත් ජයග්‍රහණ රිද්මයට විරාමයක් තබමින් අද (04) ඇරඹුනු පළමු
බ්ලූම්ෆීල්ඩ් සහ කළුතර නාගරික (බ්ලුම්ෆීල්ඩ් පිටියේ දී)
කළුතර නාගරික සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 120 (46.3) ඉසුරු ප්‍රදීප් 23, මොටෂිම් අලි 28, එරංග රත්නායක 25, ගයාන් සිරිසෝම 7/32, චතුර ඔබේසේකර 3/35
බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 212 (43) නිපුන ගමගේ නොදැවී 90, චාමර සිල්වා 37, සමීන් කඳනාරච්චි නොදැවී 48, එරංග රත්නායක 2/73, ඉෂාන් අබේසේකර 2/71
පානදුර සහ ගුවන් හමුදාව (පානදුර දී)
පානදුර ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234 (38.5) විශ්ව චතුරංග 23, මින්හාජ් ජලීල් 90, සංජික රිද්ම 51, අරවින්ද ප්‍රේමරත්න 4/51, අමිත කෞෂල්‍ය 5/41
ශ්‍රී ලංකා ගුවන් හමුදාව; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 140 (43) රවිඳු සෙම්බකුට්ටිගේ 20, අරවින්ද ප්‍රේමරත්න නොදැවී 44, මාධව නිමේෂ් 28, චලන ද සිල්වා 2/33
මෙම තරග සියල්ලම හෙට (07) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<