ඇන්ජෙලෝ, ලසිත් සහ රමේෂ්ගෙන් ශතක ත්‍රිත්වයක්!

536

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග 4ක් සහ පළඟ ශූරතාවයේ තරග 3ක් අද (01) ක්‍රියාත්මක විය.

[rev_slider LOLC]

එහි දී විශිෂ්ට ශතක ත්‍රිත්වයක් රැස් කරගත් ඇන්ජෙලෝ පෙරේරා, ලසිත් අබේරත්න සහ රමේෂ් මෙන්ඩිස් අද දිනයේ පිතිකරණ වීරයින් බවට පත්වූහ. මීට අමතරව ජීවන් මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6 බැගින් බිඳ හෙලමින් අද දිනයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ හෙලූ පන්දු යවන්නන් දෙදෙනා බවට පත්විය.

විකුම්ගේ දස්කම් BRC බලාපොරොත්තු රැකදෙයි

දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලද විකුම් සංජය තුන් …

සුපිරි 8 වටයේ තරග


සිංහල ක්‍රීඩා සමාජය සහ NCC කණ්ඩායම අතර තරගය

NCC පිළේ ඇරයුමට අනුව පිතිකරණයේ යෙදුණු සිංහල ක්‍රීඩා සමාජය ලකුණු 347ක් රැස්කර ගනිමින් සාර්ථක ආරම්භයක් සනිටුහන් කිරීමට මෙම තරගයේ දී සමත් වූහ. ඒ වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක සහ චරිත් අසලංක අර්ධ ශතක රැස් කරමින් දායක වූහ. ඒ අතරතුරේ දී ලසිත් ඇඹුල්දෙණිය SSC මුළු කඩුලු ප්‍රමාණයෙන් අඩකට වග කීවේය.

අද දිනයේ තම පිළිතුරු ඉනිම ඇරඹූ NCC කණ්ඩායම දිනය නිමා වන විට සියල්ලන්ම දැවී ලකුණු 298ක් රැස්කර ගත්හ. ඒ වෙනුවෙන් දකුණත් පිතිකරු ඇන්ජෙලෝ පෙරේරා අර්ධ ශතකයක් රැස්කර ගත්ත ද අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට සැලකිය යුතු සහයෝගයක් හිමි නොවීය. පන්දු යැවීමේ දී ආබාධ තත්ත්වය නිසාවෙන් ගිලිහුණු තම රිද්මය සොයා යෑමට උත්සාහ දරන ධම්මික ප්‍රසාද් කඩුලු 4ක් බිඳ දැමීය.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 93.1): මිලින්ද සිරිවර්ධන 70, දසුන් ශානක 63, චරිත් අසලංක 56, ශම්මු අශාන් 40*, චාමර කපුගෙදර 33, මිනෝද් භානුක 28, ෆර්වීස් මහරූෆ් 2/59, ලසිත් ඇඹුල්දෙණිය 5/81, චාමික කරුණාරත්න 2/86.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 298 (පන්දුවාර 82.2): ඇන්ජෙලෝ පෙරේරා 107, මහේල උඩවත්ත 46, සඳුන් වීරක්කොඩි 44, චතුරංග ද සිල්වා 38, තරිඳු කෞෂාල් 21, ධම්මික ප්‍රසාද් 4/37, දසුන් ශානක 3/29, ජෙෆ්රි වැන්ඩර්සේ 2/113.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ SSC පිටියේ දී ක්‍රියාත්මක වන මෙම තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට දෙපිළ අතර ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සටනක් නිර්මාණය වී තිබේ. කාසියේ වාසිය දිනාගත් හලාවත මේරියන්ස් පිළේ ඇරයුමෙන් මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් පිතිකරුවන් ලකුණු 169ක් තුල දැවී ගිය ද ඔවුන් අද තරගය පිළිබඳ බලාපොරොත්තු අත් හැරියේ නැත. ඒ වඩාත් ශක්තිමත්ව තරගයට එක් වෙමින් ප්‍රබල හලාවත මේරියන්ස් පිළ ලකුණු 162කට දවා ගනිමිනි. එහි දී කැපී පෙනෙන දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 6ක් දවාලීය. මේ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කෝල්ට්ස් පිළ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබාගෙන සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 58): පසිඳු ලක්ෂංක 37, සදීර සමරවික්‍රම 28, ප්‍රියමාල් පෙරේරා 23, මාලින්ද පුෂ්පකුමාර 5/40, ඉසුරු උදාන 3/31, අසිත ප්‍රනාන්දු 2/22.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 37.5): ශෙහාන් ජයසූරිය 50, ඕෂද ප්‍රනාන්දු 36, රුක්ෂාන් ශෙහාන් 23, චලන ද සිල්වා 22, ප්‍රභාත් ජයසූරිය 6/48, මොහොමඩ් අලි 2/30, නිසල තාරක 2/52.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 150 (පන්දුවාර 48): හශාන් දුමිඳු 57, විශාද් රන්දික 35, ප්‍රියමාල් පෙරේරා 27, ඉසුරු උදාන 2/13, ශෙහාන් ජයසූරිය 2/51.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

ඉතාමත් උණුසුම් අන්දමින් ගලායන මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දීයි. සැරසන්ස් ඇරයුමට අනුව පිති අතට ගැනීමට සිදු වූ BRC ක්‍රීඩකයින් ලකුණු 168ක් තුල දී දැවී යාමත් සමඟ මෙම සටනේ ආරම්භය සනිටුහන් විය. කෙසේ වෙතත් තමන් අතින් මුල් දිනයේ දී සිදු වූ වරද හැකි තරමින් නිවැරදි කරගත් BRC පන්දු යවන්නන් ප්‍රතිවාදී සැරසන්ස් ක්‍රීඩා සමාජය ලකුණු 173කට සීමා කරමින් නැවතත් තරගයට අවතීර්ණ විය. මේ වන විට එම නැවත පිබිදීම ජයග්‍රහණයක් බවට පත්කර ගැනීමට මාන බලන BRC කණ්ඩායම කඩුලු 7කට ලකුණු 221ක් රැස් කරගෙන සිටියි.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 57.3): විකුම් සංජය 34, හශේන් රාමනායක 30, රුමේෂ් බුද්ධික 21, රනිත ලියනාරච්චි 3/35, මොහොමඩ් ඩිල්ශාඩ් 2/38.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 173 (පන්දුවාර 49.5): ගමිඳු කණිෂ්ක 51, තානුක දාබරේ 30, සුරාජ් රන්දිව් 3/12, තිලකරත්න සම්පත් 3/28, විකුම් සංජය 2/37.

BRC (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 221 (පන්දුවාර 62): දේශාන් ඩයස් 72, ලසිත් ලක්ෂාන් 47, හර්ෂ විතාන 45, තිලකරත්න සම්පත් 23, සචිත්‍ර පෙරේරා 5/71.


රාගම ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර තරගය

කටුනායක දී පැවැත්වෙන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් රාගම ක්‍රිකට් සමාජය ලකුණු 269ක් රැස්කර ගත්ත ද මේ වන විට වරාය අධිකාරිය තරගය තුල පෙරමුණේ පසුවන බව කිව හැකිය. ඒ ඔවුන් අද දිනය නිමා වන විට කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 226ක් ලබා සිටින බැවිනි. ඒ වෙනුවෙන් යොහාන් ද සිල්වා සහ නික් කොම්ප්ටන් අර්ධ ශතක දෙකක් රැස්කර ගත්හ. හෙට දිනයේ දී වරාය අධිකාරියේ මුල් ඉනිම ඉදිරියට දිවෙන ප්‍රමාණය මත මෙම තරගයේ ජයග්‍රාහකයෙකු පිළිබඳ අනාවැකි පළ කිරීමට හැකිවනු ඇත.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 269 (පන්දුවාර 98): ලහිරු තිරිමාන්න 52, සමින්ද ප්‍රනාන්දු 42, උදාර ජයසුන්දර 39, ලහිරු මිලන්ත 37, සමීර ද සොයිසා 22, චතුර පීරිස් 20, චානක කොමසාරු 5/66, මදූක ලියනපතිරණගේ 3/74, චරිත් ජයම්පති 2/70.

වරාය අධිකාරිය – කඩුලු 4ක් දැවී ලකුණු 226 (පන්දුවාර 79): යොහාන් ද සිල්වා 66, නික් කොම්ප්ටන් 62.

ක්‍රිකට් පිටිය උණුසුම් කළ ශතක 4ක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (1) දිවයින පුර විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක…

පළඟ ශූරතාවයේ තරග


කොළඹ ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

කොළඹ BRC පිටිය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙන මෙම තරගයේ මුලින් පිත්ත හැසිරවූ CCC කණ්ඩායමට ලකුණු 333ක් රැස්කර ගැනීමට හැකි විය. ඒ වෙනුවෙන් ලසිත් අබේරත්න ලකුණු 109ක සුපිරි ඉනිමක් ක්‍රීඩා කළේය. ඒ හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟිනි. ඔහුගේ ශතකයට මලිඳු මධුරංග රැස්කළ අර්ධ ශතකය ද එක්වූ විට CCC පිළට ලකුණු 300 පසුකර යාම අපහසු නොවීය. මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා ක්‍රීඩා සමාජය එක් කඩුල්ලක් දැවී ලකුණු 20ක් ලබා සිටියි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 333 (පන්දුවාර 79.4): ලසිත් අබේරත්න 109, මලිඳු මධුරංග 63, වනිඳු හසරංග 35, සචිත් පතිරණ 27, අශාන් ප්‍රියන්ජන් 27, රොන් චන්ද්‍රගුප්ත 22, දුශාන් විමුක්ති 5/66, සීක්කුගේ ප්‍රසන්න 2/96 .

යුධ හමුදා ක්‍රීඩා සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 20 (පන්දුවාර 8)


බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

මුවර්ස් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයයි. ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ලකුණු 323ක් ලබා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් අගනා වටිනා ලකුණු 137ක් නොදැවී රැස්කර ගත්තේය. ඒ තම ඉනිම තුල දැකුම්කළු හතරේ පහර 17ක් සහ හයේ පහර 5ක් ඇතුළත් කරමිනි. පන්දු යැවීමේ දී ජීවන් මෙන්ඩිස් කඩුලු 6ක් දවා ගනිමින් ටැමිල් යූනියන් පිළට තම සේවය ලබා දුන්නේය. හෙට දිනයේ දී තම පිළිතුරු ඉනිම සාර්ථක කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ටැමිල් යූනියන් පිළ කිසිවෙකු නොදැවී ලකුණු 13ක් ලබා සිටියි.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 323 (පන්දුවාර 81.5): රමේෂ් මෙන්ඩිස් 137*, නිසල් ෆ්‍රැන්සිස්කෝ 48, නිපුන් කරුණානායක 45, ජීවන් මෙන්ඩිස් 6/76, දිස්නක මනෝජ් 2/53.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 13 (පන්දුවාර 3)

ධනංජය සහ කුසල් ගෞරවනීය ඉනිමක් දියත් කරති

දෙරට අතර පැවැත්වෙන 19 වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී තමන්ගේ ටෙස්ට් තරග දිවියේ සුවිශේෂී කඩඉම්වලට…


මුවර්ස් ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය

බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩා සමාජයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 214ක් පමණි. ඒ වෙනුවෙන් තිලක්ෂ සුමනසිරි අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේය. මේ වන විට මෙම ඉනිම පසුපස හඹායන ප්‍රබල බදුරලිය ක්‍රිකට් සමාජය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 124ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන සලිඳු උශාන් ලකුණු 58යි.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 214 (පන්දුවාර 49.1): තිලක්ෂ සුමනසිරි 53, චරිත කුමාරසිංහ 24, ඉරෝෂ් සමරසූරිය 22, සවිත් ප්‍රියාන් 2/37, දිලේශ් ගුණරත්න 2/38.

බදුරලිය ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 124 (පන්දුවාර 40): සලිඳු උශාන් 58*, ශිරාන් ප්‍රනාන්දු 2/19.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<