අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ කිහිපයකම දෙවන දිනය අද (15) සාර්ථක ලෙස අවසන් විය. අද දිනය තුල පන්දුවෙන් කැපීපෙනෙන දස්කම් දැක්වීමට කළුතර භෞතික සංස්කෘතික සමාජයේ රුචිර තරිදු හා කළුතර නගර සමාජයේ මංගල කුමාර සමත් විය.
පසුගිය ලිපි: නාවික හමුදා ක්‍රීඩා සමාජය පෙරමුණේ
පොලිස් ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරගය
B.R.C පිටියේදී කාසියේ වාසිය දිනූ කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමුව පන්දු යවන ලදි. තරගයේ දෙවන දිනය අවසානයේ දී කළුතර භෞතික සංස්කෘතික සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 41 ලබාගෙන සිටියි.
තරගයේ දෙවන දිනය ආරම්භයේ දී කළුතර භෞතික සංස්කෘතික සමාජය එක් කඩුල්ලක් දැවී ලකුණු 39ක් ලබාගෙන සිටි අතර එම ඉණිමට ලකුණු 34ක් එක් කල දමිදු අශාන් ලකුණු 139ක් දක්වා තම සමාජයේ ඉණිම ගොඩනංවන ලදි. සුවන්ජි මදනායක හා කල්‍යාණ රත්නප්‍රිය කඩුලු 3 බැගින් දවාලන ලදී. පොලිස් ක්‍රීඩා සමාජ දෙවන ඉණිම ලකුණු 85කට සීමා වූ අතරම, රුචිර තරිදු කඩුලු 7ක් දවාලමින් පළමු ඉණිමට පොලිස් සමාජය ගත් ලකුණු ප්‍රමාණය දෙවන ඉණිමේ දී සිහිනයක් බවට පත්කරවිය.
පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 70.1): සුවන්ජි මදනායක 96*, සමිත් දුශ්ශන්ත 45, ජස්දීප් සිං 4/38, තෙනුක ධනංජය 3/47
කළුතර භෞතික සංස්කෘතික සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 67): දමිදු අශාන් 34, සුවන්ජි මදනායක 3/37, කල්‍යාණ රත්නප්‍රිය 3/45, මංජුල ජයවර්ධන 2/09
පොලිස් ක්‍රීඩා සමාජ දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 25.3): තරිදු ඩිල්ශාන් 27, මංජුල ජයවර්ධන 26*, රුචිර තරිදු 7/31, ජසී ජයසිංහ 2/29
කළුතර භෞතික සංස්කෘතික සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 41 (පන්දුවාර 10):
කළුතර භෞතික සංස්කෘතික සමාජයට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 140ක් අවශ්‍ය වේ.
නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර නගර සමාජය අතර තරගය
මග්ගොන සරේ පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීම සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි. දෙවන දිනය සඳහා තරගය නතර කරන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරන කළුතර නගර සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 165ක් ලබාගෙන සිටියි.
දිනය ආරම්භයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කල නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 167ක් ලබාගෙන සිටි අතර නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 350ක් දක්වා ගිය ගමනේ දී එම ලකුණු පුවරුව තවත් වර්ණවත් කරන්නට දිනුශ්ක මාලන්ගේ ශතකය සමත් විය. ඔහු ලකුණු 113ක් ලබා ගන්නා විට, යලිත් ලකුණු අතරට පිවිසි ඉශාන් අබේසේකර ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. මංගල කුමාර කඩුලු 7ක් දවාලමින් දස්කම් දැක්වීය.
කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 143 (පන්දුවාර 42.4): තරිදු සිරිවර්ධන 33, ක්‍රිශේන් අපෝන්සු 22, සුදාරක දක්ෂින 4/09
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 350 (පන්දුවාර 85.2): දිනුශ්ක මාලන් 113, ඉශාන් අබේසේකර 80, අශාන් රණසිංහ 79 , මංගල කුමාර 7/98
කළුතර නගර සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 165 (පන්දුවාර 47): නිපුණ ගමගේ 50, තරිදු සිරිවර්ධන 45, සුදාරක දක්ෂින 2/16
කළුතර නගර සමාජය නාවික හමුදා පළමු ඉණිමට වඩා තවත් ලකුණු 42ක් පසුපසින් පසුවෙයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය
මත්තේගොඩ යුධ හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ වරාය අධිකාරි සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. අද දිනය අවසන් වන විට කඩුලු 4ක් දැවී ලකුණු 228ක් ලෙස වරාය අධිකාරියේ ලකුණු පුවරුව දිස්විය.
තරගය අද දිනට ආරම්භ කරන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරන ලංකන් ක්‍රිකට් සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටි අතර එම ඉණිමේ චානක රුවන්සිරිට හැරෙන්නට කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 40 සීමාව පසුකර යාමට චානක කොමසාරු ඇතුළු වරාය අධිකාරි පන්දු යවන්නන් අවසර දුන්නේ නැත. චානක එම ඉණිමේ දී ලකුණු 43ක් ලබා ගැනීමට සමත් විය.
අනතුරුව තම දෙවන ඉණිම දියත් කරමින් සිටින වරාය අධිකාරි ක්‍රීඩා සමාජය වෙනුවෙන් යොහාන් ද සිල්වා නැවතත් ලකුණු 90ක් වාර්තා කරන ලදී.
ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 812): ඉශාන් රංගන 69, චාමිකර එදිරිසිංහ 44*, රජීව වීරසිංහ 4/87, ලක්ෂාන් රොද්‍රිගෝ 3/28
ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 37.3): චානක රුවන්සිරි 43, ශෙහාන් ප්‍රනාන්දු 34, චානක කොමසාරු 4/16, චමින්ද බණ්ඩාර 3/53
ශ්‍රී ලංකා වරාය අධිකාරි සමාජය දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 4ක් දැවී ලකුණු 228 (පන්දුවාර 62): යොහාන් ද සිල්වා 90, ඉශාන් රංගන 70, ගිහාන් රූපසිංහ 40
වරාය අධිකාරි සමාජය ලංකන් ක්‍රිකට් සමාජ පළමු ඉණිමට වඩා ලකුණු 368ක් පෙරමුණේ පසුවෙයි.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට





















