හිටපු ICC Elite Panel විනිසුරුවකු වන Simon Taufel විසින් පසුගිය දා ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් විනිසුරුවන්, තරග තීරකවරුන් සහ විනිසුරු පුහුණුකරුවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබුවා.
ශ්‍රී ලාංකේය තරග විනිසුරු ප්රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් යුතුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන් මාලාව පසුගිය 06 වැනි දා සිට 14 වැනි දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ දී ක්‍රියාත්මක වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙම වැඩසටහන් එක් එක් කාණ්ඩය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක කර තිබූ අතර, එහි දී ඔහු විසින් විනිසුරුවරුන් 38 දෙනෙකුට, තරග තීරකවරුන් 30 දෙනෙකුට මෙන්ම විනිසුරු පුහුණුකරුවන්ට ද ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් බෙදා දී තිබෙනවා.
පස් වරක් ICC වසරේ විනිසුරුවරයා ලෙස සම්මාන දිනාගනිමින් ජාත්‍යන්තරයේ විශිෂ්ට නාමයක් සනිටුහන් කරගැනීමට සමත් වූ Simon Taufelගේ මෙම මැදිහත් වීම ඉතා අගනා මෙහෙයක් ඉටු කළ බව විශ්වාස කළ හැකි.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<