ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (21) පෙරවරුවේ පැවති තරග අතරින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ පරාජය කරමින් ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූහ.
සුපිරි වීරයෝ හලාවත මේරියන්ස්ට පරාජය වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major ….
එන්. සී. සී. සහ මුවර්ස් අතර තරගය (A කාණ්ඩය)
බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මුවර්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා ගත් මුවර්ස් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 146කි. ඊට පිළිතුරු ලෙසින් මුවර්ස් ක්‍රීඩකයෝ පන්දු 3ක් සහ කඩුලු 3ක් ඉතිරිව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය පසු කළහ.
Photos: NCC vs Moors SC | Major T20 Tournament 2018/19
එන්. සී. සී. ඉනිම වෙනුවෙන් පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් පිහිටු වීමට ලහිරු උදාර සහ දිනේෂ් චන්දිමාල් සමත් වූහ. ලහිරු උදාර පන්දු 23කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. දිනේෂ් චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 36කට මුහුණ දී හතරේ පහර 3ක් ලබා සිටියේ ය.
කඩුලු ලබා ගැනීමේ දී තරිඳු කෞෂාල් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත්තේ ය.
මුවර්ස් ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු චරිත කුමාරසිංහ පන්දු 19කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තේ ය. යටි පෙළින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් පන්දු 30කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී මාලිංග අමරසිංහ කඩුලු 2ක් දවා ගත්තේ ය.
එන්. සී. සී. කණ්ඩායම; කඩුලු 9ක් දැවී 146 (20) ලහිරු උදාර 37, දිනේෂ් චන්දිමාල් 35, අදීෂ තිලාංචන 2/24, තරිඳ කෞෂාල් 3/23
මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 147 (19.3) චරිත කුමාරසිංහ 37, චාමර සිල්වා 23, අදීෂ තිලාංචන 20, රමේෂ් මෙන්ඩිස් 29, මාලිංග අමරසිංහ 2/41
එස්. එස්. සී. සහ පානදුර අතර තරගය (A කාණ්ඩය)
පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනූ පානදුර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්හ.
එම ඉනිම වෙනුවෙන් නායක දසුන් ශානක පන්දු 36කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කවිඳු කුලසේකර පන්දු 37කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය.
පිළිතුරු පානදුර ඉනිමේ දී නායක ෂෙහාන් වීරසිංහ සහ විශ්ව චතුරංග ලකුණු අතරට පිවිසෙමින් තරගයේ ජයග්‍රහණය පහසු කළ හ. ෂෙහාන් වීරසිංහ පන්දු 33කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය. ආරම්භක පිතිකරු විශ්ව චතුරංග පන්දු 40කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 44ක් ලබා ගත්තේ ය.
කඩුලු ලබා ගැනීමේ දී තරිඳු රත්නායක ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තේ ය.
එස්. එස්. සී. කණ්ඩායම; කඩුලු 5ක් දැවී 163 (20) කවිඳු කුලසේකර 39, දසුන් ශානක 55, චාමර කපුගෙදර නොදැවී 22, තරිඳු රත්නායක නොදැවී 30, මිෂේන් සිල්වා 2/30
පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 164 (19.1) විශ්ව චතුරංග 44, ඉම්රනුල්ලා අස්ලාම් 28, ෂෙහාන් වීරසිංහ 47, තරුෂ ප්‍රනාන්දු නොදැවී 30, තරිඳු රත්නායක 3/17, ජෙෆ්රි වැන්ඩර්සේ 2/23
ඇමතිගෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් 77කට කොන්ත්‍රාත්තු
පළමු පෙළ ක්‍රිකට් සමාජ මට්ටමේ විශේෂ දක්ෂතා දැක්වූ ….
හලාවත මේරියන්ස් සහ පොලිස් අතර තරගය (B කාණ්ඩය)
කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 111ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 209ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පොලිස් ක්‍රීඩා සමාජය ලබා ගත්තේ ලකුණු 98ක් පමණි.
Photos: Chilaw Marians CC vs Police SC | Major T20 Tournament 2018/19
හලාවත මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් තික්ෂිල ද සිල්වා සහ පුලින තරංග අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දක්වමින් කැපී පෙණුනි. තික්ෂිල ද සිල්වා පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය. පුලින තරංග නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56කි. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5කින් ඔහුගේ ඉනිම සරසාගෙන තිබුණි.
කඩුලු ලබා ගැනීමේ දී චරිත් රාජපක්ෂ ලකුණු 44කට කඩුලු 4ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක කමල් පුෂ්පකුමාර ය. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී නිමේෂ් විමුක්ති ලකුණු 10කට කඩුලු 5ක් දවා ගත්තේ ය.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 209 (20) තික්ෂිල ද සිල්වා 51, නිමේෂ් පෙරේරා 21, දසුන් සෙනෙවිරත්න 24, ඉරෝෂ් ප්‍රනාන්දු 30, පුලින තරංග නොදැවී 56,
පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 98 (19) කමල් පුෂ්පකුමාර 25, නිමේෂ් විමුක්ති 5/10, පුලින තරංග 3/22
යුද හමුදාව සහ රාගම අතර තරගය (C කාණ්ඩය)
කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් රාගම ක්‍රීඩකයෝ ලකුණු 10ක ජයග්‍රහණයක් ලබා ගත්හ.
කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට රාගම ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේ ය. එම ඉනිම වෙනුවෙන් ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 46කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේ ය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යුද හමුදා ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණි. නමුත් එම ඉනිමේ දී සීක්කුගේ ප්‍රසන්න පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේ ය.
කඩුලු ලබා ගැනීමේ දී ඉෂාන් ජයරත්න ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තේ ය.
රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 160 (20) ෂෙහාන් ප්‍රනාන්දු 72, ජනිත ලියනගේ 25, ජනිත් සිල්වා 2/24
යුද හමුදා ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 150 (18.3) ලක්ෂිත මධුශාන් 22, අසේල ගුණරත්න 21, සීක්කුගේ ප්‍රසන්න නොදැවී 76, ඉෂාන් ජයරත්න 3/28, සහන් නානායක්කාර 3/30
අලුත් ක්‍රීඩකයෙක් කණ්ඩායමට; කාසියේ වාසිය සත්කාරකයින්ට
පසුගිය වසරේ…
වරාය අධිකාරිය සහ කුරුණෑගල යූත් අතර තරගය ( C කාණ්ඩය)
කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති තරගයෙන් කඩුල්ලක ජයක් ලබා ගැනීමට කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනූ වරාය අධිකාරිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6ක් දැවී ලකුණු 142ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් කුරුණෑගල ක්‍රීඩකයෝ තවත් පන්දු දෙකක් ඉතිරිව තිබිය දී කඩුලු 9ක් දැවී ලකුණු 145ක් ලබා ගත්තේ ය.
Photos: SL Ports Authority SC vs Kurunegala Youth CC | Major T20 Tournament 2018/19
වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ප්‍රිමෝෂ් පෙරේරා පන්දු 37කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ඉෂාන් රංගන (30) සහ ප්‍රශාන් වික්‍රමසිංහ (31) ද ලකුණු අතර සිටිය හ.
ජයග්‍රාහී කුරුණෑගල යූත් ඉනිම වෙනුවෙන් නායක ධනුෂ්ක ධර්මසිරි පන්දු 50කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී ෂෙහාන් නිශ්ශංක කඩුලු 3ක් දවා ගත්තේ ය.
වරාය අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 6ක් දැවී 142 (20) ප්‍රිමෝෂ් පෙරේරා 39, ඉෂාන් රංගන 30, ප්‍රශාන් වික්‍රමසිංහ 31, ලහිරු ජයරත්න 2/08
කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 145 (19.4) ධනුෂ්ක ධර්මසිරි 67, ෂෙහාන් නිශ්ශංක 3/31
ගාල්ල සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය (D කාණ්ඩය)
කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 13ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනා ගත් ගාලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 181ක් ලබා ගත් හ. ඊට පිළිතුරු ලෙසින් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 168ක් පමණි.
Photos: Galle CC vs Kandy Customs SC | Major T20 Tournament 2018/19
ගාලු ක්‍රිකට් සමාජය වෙනුවෙන් නායක සමීන් කඳනාරච්චි පන්දු 57කට මුහුණ දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තේ ය.
කැන්ඩි කස්ටම් කණ්ඩායම වෙනුවෙන් ඩී. විජේසිරි පන්දු 38කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින්ලකුණු 54ක් ලබා ගත්තේ ය. ඔහුට අමතර ව එච්. හෙන්නායක පන්දු 35කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 44ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු සබඳතාව ලකුණු 100කි.
ගාල්ල ක්‍රිකට් සමාජය; කඩුලු 5ක් දැවී 181 (20) නිසල් රන්දික 29, සමින් කඳනාරච්චි නොදැවී 91, සුමේද දිසානායක 2/35
කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 9ක් දැවී 168 (20) ඩී. විජේසිරි 54, එච්. හෙන්නායක 44, එන්. රත්නායක නොදැවී 21, කේ. කේ. කෙවින් 2/47, ගයාන් සිරිසෝම 3/36
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<