ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන් දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි සතියේ අද (23) අවසන් වීමට තිබූ සියලු තරග වර්ෂාව විසින් බිලි ගනිද්දී ඊයේ (22) ආරම්භ වූ Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගයේ පමණක් පන්දුවාර 10.3ක් ක්‍රියාත්මක වූවා.
ඒ අනුව එම තරගයේ ක්‍රියාත්මක වූ පන්දුවාර ප්‍රමාණය දින දෙකකට 29ක්. කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී නාවික හමුදාවේ ආරම්භක පිතිකරු අදීශ නානායක්කාර පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් රැස් කරගත්තා.
මේ අතර අද Group A කාණ්ඩයෙන් අවසන් වීමට තිබූ BRC පිටියේ දී පැවති BRC සහ කෝල්ට්ස් අතර තරගයත්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ CCC අතර තරගයත්, තර්ස්ටන් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ කැන්ඩි කස්ටම්ස් සහ සෙබස්තියනයිට්ස් අතර තරගයත්, කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කුරුණෑගල යූත් සහ පොලිසිය අතර තරගයත් සහ Group B කාණ්ඩයෙන් දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා යුද හමුදාව සහ සැරසන්ස් අතර තරගයත් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දමන්නට සිදුවුනා.
- දැවැන්ත ජයක් සමඟ ශ්‍රී ලංකාව සුපිරි 12 ගමන අරඹයි
- Major League පිටියට අදත් මහ වැසි
- WATCH – සාරංග vs ශලනි ගහපු අලුත් තාලේ Cricket Match එක – Rhino Powerplay
- පාකිස්තාන පිතිකරුවාගේ හිසට ආබාධයක්
පෙර දිනයේ සේ ම අද දිනය පුරා ද ඇද හැළුණු අධික වැසි හමුවේ දෙවැනි දිනයට පැවැත්වීමට නියමිතව තිබූ අනෙකුත් තරග සියල්ලම ද එකඳු පන්දුවක් හෝ නොයවා දෙවැනි දිනයටත් අතහැර දැමුනා. එසේ අතහැර දැමුනේ Group A කාණ්ඩයෙන් මුවර්ස් ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබූ මුවර්ස් සහ රාගම අතර තරගයත්, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලංකන් සහ කලුතර අතර තරගයත්, Group B කාණ්ඩයෙන් මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ බදුරලිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගයත් සහ පානදුර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පානදුර සහ NCC අතර තරගයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අද සවස 4.00ට නිකුත් කරනු ලැබූ නිවේදනයේ දැක්වෙන්නේ හෙට දවසේ ද තරග පැවැත්වෙන බස්නාහිර පළාත තුළ විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද දැක්වෙනවා.
Group B
- හලාවත මේරියන්ස් සහ මීගමුව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී
මීගමුව – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 7 (4.1): ඩිල්ශාන් මුණවීර නොදැවී 5, අශේන් සිල්වා නොදැවී 2.
- නුගේගොඩ සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී
නුගේගොඩ – පළමු ඉනිම කඩුල්ලක් දැවී 11 (9): අභිශේක් ලියනාරච්චි නොදැවී 4, Murtaza Trunkwala නොදැවී 1, මධුක ලියනපතිරණගේ 1/5.
තරගයේ විසඳුමක් නොමැත.
- Ace කැපිටල් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී
නාවික හමුදාව – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 102 (29): අදීෂ නානායක්කාර 56, සහන් කෝසල නොදැවී 21, සුපුන් ලීලාරත්න 18, Mohammad Irfan 4/40, රොහාන් ජයතිස්ස 1/11.
මෙම තරගය හෙට (24) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<