ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ නැගීඑන ක්‍රිකට් තරගාවලිය ඊයේ (18) ආරම්භ වුනා.
එහි පළමු සතියේ තරග රැසක් අද (18) අවසන් වුනු අතර එහි දී SSC කණ්ඩායම පූර්ණ තරග ජයක් ලබා ගන්නා විට BRC, මුවර්ස්, CCC, ටැමිල් යූනියන්, නුගේගොඩ සහ කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත්තා.
SSC සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරගයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක සහ මෙවර SSC නායක කවිඳු නදීශාන් තරගය පුරාවට කඩුලු 14ක් දවාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූවා. කුරුණෑගල වෙනුවෙන් ඉනිම් දෙකේ දී ම පිතිකරණයෙන් දස්කම් දැක්වූ කෝසල රවිඳු ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ඉනිම් දෙකේ දී ලකුණු 208ක් ලබා ගත්තා.
- ලහිරු සහ මිනෝද් ශතකවලින් දිනය හැඩ කරයි
- ලහිරු සහ මිනෝද්ගෙන් සුපිරි ඉනිම්
- මෙන්ඩිස් සහ කුමාරගෙන් ද්විත්ව ශතක සබඳතා
- ලහිරු සහ ශෂික පන්දුවෙන් දස්කම් දක්වයි
- මෙන්ඩිස් සහ කුමාරගෙන් ද්විත්ව ශතක සබඳතා
පළමු සතියේ අද අවසන් වූ තරගවල දී වාර්තා වුනු පූර්ණ තරග ජයග්‍රහණයට අමතරව BRC, මුවර්ස්, CCC, ටැමිල් යූනියන්, නුගේගොඩ සහ කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ගත්තා.
එහි දී ඒ ඒ කණ්ඩායම් හමුවේ පිළිවෙළින් බ්ලූම්ෆීල්ඩ්, හලාවත මේරියන්ස්, රාගම, ගාල්ල, ගුවන් හමුදාව සහ මීගමුව යන කණ්ඩායම් පරාජය වුනා. එසේම යුද හමුදා – පානදුර තරගය සහ NCC – ACE කැපිටල් අතර තරග දෙක ජය පරාජයෙන් තොරව අවසන් වුනේ කිසිඳු ප්‍රතිඵලයක් සහිතවයි.
කුරුණෑගල ක්‍රිකට් සමාජය – 176 (36.4): කෝසල රවිඳු 120, කවිඳු නදීෂාන් 6/38, කලන පෙරේරා 2/38 & 240 (49.1): කෝසල රවිඳු 88
SSC – 321/8d (57): දිනුර කළුපහන 67, චමිඳු වික්‍රමසිංහ 56, නිම්නාද කිරින්දගේ 3/71 & 96/1 (10.5): ශෙවෝන් ඩැනියල් 40*, රනුද සෝමරත්න 24*.
SSC කණ්ඩායමට කඩුලු 9ක ජයක්
යුද හමුදාව – 213 (79): ශෙශද සොයිසා 61, මල්ෂාන් ගුණතිලක 37, නිවේන් ජයලත්ගේ 3/41, විශ්ව ලහිරු 3/64
පානදුර ක්‍රීඩා සමාජය – 197/9 (82): යෂාන් අවිශ්ක 44, ශෙශද සොයිසා 4/84, පසිඳු විජයලත් 2/30.
තරගය ජය පරාජයෙන් තොරව අවසන්
බ්ලූම්ෆීල්ඩ් – 254 (63): මිනෙත් ප්‍රේමරත්න 100, අසිත වන්නිනායක 58, සවිරු බණ්ඩාර 4/46, ලක්ෂාන් ගමගේ 4/69 & 79/3 (17) සෙනුර සිල්වා 54
BRC – 278 (60.5): භාග්‍ය දිසානායක 84, වින්දුල ලියනගේ 50, අරවින්ත් රාජේන්ද්‍ර 5/89, මලින්ද පෙරේරා 5/113.
BRC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
මුවර්ස් ක්‍රීඩා සමාජය – 269 (60.2): ඔමේෂ් මෙන්ඩිස් 72, ජනිෂ්ක පෙරේරා 44, කවිඳු දිල්හාර 3/34, නිපුන් ප්‍රේමරත්න 2/45, ඉරුෂික තිමිර 2/85
හලාවත මේරියන්ස් – 250 (62.2): කේෂර නුවන්ත 62, නිපුන් ප්‍රේමරත්න 56, තරිඳු අමරසිංහ 42, ඉම්තියාස් ස්ලසා 6/85, තීෂන් විතුෂන් 4/74.
මුවර්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
රාගම ක්‍රිකට් සමාජය – 161 (45.1): දුලාජ් බණ්ඩාර 54, දුවිඳු රණතුංග 5/30 & 91/0 (14): තෙවිඳු දික්වැල්ල 54*
CCC – 301 (71.2): පවන් රත්නායක 92, සොනාල් දිනූශ 47, කල්හාර සේනාරත්න 6/79
CCC කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
ටැමිල් යූනියන් – 152 (35.3): කමේෂ් නිර්මාල් 63, හංසමාන ද සිල්වා 3/49 & 226/7d (47.4): තරිඳු හර්ෂණ 47, දිලුම් සුදීර 44, කවීෂ රාජපක්ෂ 3/47.
ගාල්ල ක්‍රිකට් සමාජය – 128 (40.3): විජයකාන්ත් වියස්කාන්ත් 4/33
ටැමිල් යූනියන් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
ACE කැපිටල් – 400/8d (100): රවිඳු රත්නායක 144, තීරක රණතුංග 134, හිරාන් ජයසුන්දර 46, ගිශාන් බාලසූරිය 5/101
තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන්
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – 280 (74.5) මොවින් සුබසිංහ 56, කෙමිර විජේනායක 53, සුවත් මෙන්ඩිස් 4/74 & 89/3 (19.5): මොවින් සුබසිංහ 43*
නුගේගොඩ ක්‍රීඩා සමාජය – 316 (77.4): අමිත දාබරේ 65, කෙවින් පෙරේරා 53, පසිඳු පැතුම් 51, මොවින් සුබසිංහ 7/120.
නුගේගොඩ ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්
කැන්ඩි කස්ටම්ස් – 272 (69.2): රශ්මික මෙවන් 70, රශ්මික මදුසංක 62, කවිඳු ලක්ෂාන් 50, ප්‍රියශාන් සිල්වා 5/95, රුවන් ජයවර්ධන 3/55 & 112/5 (34): රශ්මික මදුසංක 40
මීගමුව ක්‍රිකට් සමාජය – 196 (63.5): ජීවක රශ්මිත 46, මෙතුශාන් තිලින 4/36, නිසල ආකාශ් 3/44
කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට පළමු ඉනිමේ ජයක්
පොලිස් ක්‍රීඩා සමාජය (පළමු දිනය අවසානයේ) – 151/7 (53): රොහාන් සංජය 30
තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<