මැතිව්ස්ගෙන් ශතකයක් සහ රමේෂ් සමරු ඉනිමක්

අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

642

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ දෙවැනි දිනය නිමාවේ දී හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 104ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ අතර ඊයේ පැවති අනෙකුත් තරගවල දී කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ඇන්ජලෝ මැතිව්ස් පන්දු 263කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 172ක් ලබා ගත්තා. ඔහු මෙම තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද දෙවැනි ශතකයයි මේ. 

මූවර්ස් නියෝජනය කරන රමේෂ් මෙන්ඩිස් ඊයේ පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා ගත් අතර ඒ සමඟ ම ඔහු පළමු පෙළ තරගවල ලකුණු 4000ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහු පසුගිය සතියේ දී පළමු පෙළ කඩුලු 200ක් වාර්තා කිරීමට ද සමත් වුනා 

මේ අතර රාගම කණ්ඩායමේ නිශාන් මධුශ්ක සහ ලහිරු තිරිමාන්න, මීගමුව කණ්ඩායමේ හිමාෂ ලියනගේ සහ ශෙෂාන් ප්‍රනාන්දු, කුරුණෑගල යූත් කණ්ඩායමේ දිල්හාර පොල්ගම්පොළ, ගුවන් හමුදාවේ ප්‍රවීන් ද සිල්වා, ACE කැපිටල් කණ්ඩායමේ කවිඳු අමන්ත සහ සිතාර ගිම්හාන් ඊයේ දවසේ දී අර්ධ ශතක වාර්තා කරමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළා. 

පැවති තරගවල දී පන්දු යැවීමේ දී මූවර්ස් ක්‍රීඩා සමාජයේ වමතින් දඟපන්දු යවන තිසාන් විතුසාන් ලකුණු 41කට කඩුලු 5ක් දවා ගත්තා. එමෙන් ම හලාවත මේරියන්ස් කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන කේශර නුවන්ත ඊයේ ලකුණු 74කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ හොඳම පන්දු යැවීමයි.   

එම කණ්ඩායමේ ම වමතින් වේගපන්දු යවන නිපුන් ප්‍රේමරත්න ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල ඉහළ ම දක්ෂතාවයි. එමෙන් ම ACE කැපිටල් කණ්ඩායමේ වනුජ සහන් ද ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත්තා.  

ඊට අමතරව පන්දු යැවීමේ දී BRC කණ්ඩායමේ මොහොමඩ් ශිරාෂ්, SSC කණ්ඩායමේ නිසල තාරක, ACE කැපිටල් කණ්ඩායමේ රොෂාන් ජයතිස්ස කඩුලු 4 බැගින් දවා ගත්තා.  

A කාණ්ඩය 

කෝල්ට්ස් සහ BRC කෝල්ට්ස් පිටියේ දී 

  • BRC පළමු ඉනිම – සියලුම දෙනා දැවී 144 (47.2) ඩිල්රුවන් පෙරේරා 56, අකිල ධනංජය 3/59, ධනංජය ලක්ෂාන් 2/29, මල්ක මධුශංක 2/0 
  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 387 (102) සංගීත් කුරේ 92, ධනංජය ලක්ෂාන් 35, ඇන්ජලෝ මැතිව්ස් 172, කවිශ්ක අංජුල 28, මොහොමඩ් ශිරාෂ් 4/96, ඩිල්රුවන් පෙරේරා 3/86, සසික ඩිල්ශාන් 2/103 
  • BRC දෙවැනි ඉනිම – කඩුලු 4ක් දැවී 97 (30) ලියෝ ෆ්‍රැන්සිස්කෝ නොදැවී 44, අකිල ධනංජය 2/48 

රාගම සහ පානදුර අතර තර්ස්ටන් පිටියේ දී 

  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 396 (111) පවන් ද සිල්වා 52, රොෂාන් විජේනායක 71, සමරත් සෙත් 101, නිමේෂ් විමුක්ති 59, සංතුශ් ගුණතිලක 2/35, ශෂික දුල්ෂාන් 5/86, කල්හාර සේනාරත්න 2/95 
  • රාගම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 217 (53) නිශාන් මධුශ්ක 69, ලහිරු තිරිමාන්න 84, සමින්ද ප්‍රනාන්දු නොදැවී 23, ජනිත් ලියනගේ නොදැවී 29  

SSC සහ මීගමුව අතර තරගය SSC පිටියේ දී 

  • SSC පළමු ඉනිම කඩුලු 9ක් දැවී 442 (89.4) අවිශ්ක ප්‍රනාන්දු 76, ෂෙවෝන් ඩැනියෙල් 209, දිනුර කළුපහන 57, දනුශ්ක සඳරුවන් 3/82, සචිඳු කොළඹගේ 2/78 
  • මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 252 (84.2) දිමුත් සඳරුවන් 24, හිමාෂ ලියනගේ 58, ශෙෂාන් ප්‍රනාන්දු 97, නිසල තාරක 4/34, කළණ පෙරේරා 2/36, ප්‍රභාත් ජයසූරිය 2/34, ලක්ෂිත මනසිංහ 2/71 
  • මීගමුව – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 10 (3) 

CCC සහ නුගේගොඩ සමඟ තරගය CCC පිටියේ දී  

  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (56.1) ජේසන් පෙරේරා 72, පැතුම් ඩිල්ශාන් 23, රනිත ලියනාරච්චි 29, සොනාල් දිනූෂ 3/14, චතුරංග ද සිල්වා 2/38 
  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 250 (67.0) මිනෝද් භානුක 24, පවන් රත්නායක 103, අශාන් ප්‍රියංජන් 56, ඩිල්ශාන් අබේසිංහ 2/32, චලන ද සිල්වා 4/57, ටී. එම්. සම්පත් 4/48 
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 200 (49.1) පැතුම් ඩිල්ශාන් නොදැවී 41, ශබීර් තුන්ක්වාලා 105, දුලීක තිස්සකුට්ටිගේ 20, සොනාල් දිනූෂ 2/62, ලක්ෂාන් සඳකැන් 3/36 

B කාණ්ඩය 

යුද හමුදාව සහ කැන්ඩි කස්ටම්ස් අතර පනාගොඩ දී 

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 189 (67.4) තෙවිඳු දික්වැල්ල 20, මිතුන් ජයවික්‍රම 56, කෞමාල් නානායක්කාර 5/84, ෂෙහඳ සොයිසා 4/61 
  • යුද හමුදාව – පළමු ඉනිම කඩුල්ලක් දැවී 8 (6)  

කුරුණෑගල යූත් සහ ටැමිල් යූනියන් අතර තරගය වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී 

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 360 (96.3) නවෝද් පරණවිතාන 32, ලසිත් අබේරත්න 99, රවිඳු ප්‍රනාන්දු 107, දිලුම් සුධීර 26, ප්‍රමෝද් මධුශාන් 44, චමින්ද බණ්ඩාර 3/101, සනෝජ් දර්ශික 3/54 
  • කුරුණෑගල – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 187 (84) දිල්හාර පොල්ගම්පොළ 55, සනෝජ් දර්ශික 49, ශිරාන් ප්‍රනාන්දු 2/34, සචිත් පතිරණ 2/57, රවිඳු ප්‍රනාන්දු 2/31  

මූවර්ස් සහ ගුවන් හමුදාව අතර තරගය කටුනායක ගුවන් හමුදා පිටියේ දී 

  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 463 (111.2) සොහාන් ද ලිවේරා 130, ජනිශ්ක පෙරේරා 124, රමේෂ් මෙන්ඩිස් 84, මොහොමඩ් ෂමාස් නොදැවී 75, සනාශ් ප්‍රනාන්දු 2/76 
  • ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 200 (64) සාහිල් ඩයස් 30, සනාශ් ප්‍රනාන්දු 26, ප්‍රවීන් ද සිල්වා 59, තිසාන් විතුශාන් 5/41, ප්‍රවීන් ජයවික්‍රම 2/54 

බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් පිටියේ දී 

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 344 (89.1) කසුන් විදුර 81, නිනාද් කාදම් 106, රවීන් යසස් 54, චමෝද් සඳරු 44, ලහිරු මධුශංක 3/37, සහන් නානායක්කාර 3/89, සඳුන් වීරක්කොඩි 2/34 
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 103(37.4) අශාන් ප්‍රනාන්දු 23, නිපුන් ප්‍රේමරත්න 5/29, කේශර නුවන්ත 3/29 
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 137 (47.2) මනේල්ක ද සිල්වා 47, ජෙෆ්රි වැන්ඩර්සේ 44, කේශර නුවන්ත 5/74, අවිඳු තීක්ෂණ 3/17 

හලාවත මේරියන්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 104ක ජයක්.  

බදුරලිය සහ ACE කැපිටල් අතර තරගය මග්ගොන දී 

  • ACE කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 239 (82.3) සිතාර ගිම්හාන් 126, හර්ෂ කුරේ 29, වනුජ සහන් 32, අලංකාර අසංක 4/67, චානක කොමසාරු 3/59 
  • බදුරලිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 141 (43.1) ගිහාන් කෝරළගේ 36, රනේෂ් සිල්වා 24, වනුජ සහන් 5/63, රොෂාන් ජයතිස්ස 4/63 
  • ACE කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 165 (43) කවිඳු අමන්ත 54, සිතාර ගිම්හාන 60, සකුන ලියනගේ 29, චානක කොමසාරු 2/71 

තරගාවලියේ උණුසුම ඒ ආකාරයෙන් විඳ ගැනීමේ අවස්ථාව ThePapare.com විසින් සපයනවා. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<