ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (05) කොළඹ සහ කටුනායක ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමිනි පැවැත්වුනා.
මීගමුව ක්‍රිකට් කණ්ඩායම සහ BRC අතර පැවති තරගයේ දී මීගමුව පිතිකරුවන් වන මාධව වර්ණපුර (42), අහන් සිල්වා (40) සහ ඩිල්ෂාන් මුණවීරගේ දස්කම් නිසාවෙන් ලකුණු 172ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී සිය මංගල විස්සයි විස්ස කඩුලු 5 දවා ගැනීමට මීගමුව ක්‍රීඩක රොස්කෝ තටිල් සමත් වීම නිසාවෙන් ලකුණු 47ක ජයක් මීගමුව කණ්ඩායමට හිමි වුනා.
Lankan CC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ලසන්ද රුක්මාල් (3/34), මාධව නිමේෂ් (37) සහ සමීර ද සොයිසාගේ (30) දස්කම් නිසාවෙන් කඩුලු 6ක පහසු ජයක් ගුවන් හමුදා කණ්ඩායමට හිමි වුනා.
ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් (3/13) ඇතුළු පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් පොලිස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට Moors ක්‍රීඩකයන් සමත් වුනා.
එමෙන්ම චමින්ද බණ්ඩාරගේ (3/22) කැපී පෙනෙන පන්දු යැවීමත් චරිත දුලංජන් (62*) සහ හෂාන් දුමින්දගේ පිතිකරණයත් නිසාවෙන් පානදුර ක්‍රීඩා සමාජය අවසන් පන්දුවාරයේ දී පරදා කඩුලු 8ක ජයක් ලැබීමට Saracens කණ්ඩායම සමත් වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- දිනයේ වැඩි ගෞරව පන්දු යවන්නන් සතු වෙද්දී, සදීර, පියුමාල් ලකුණු අතරට
- ක්‍රීඩා කවුන්සිලය රැස්වෙයි; ක්‍රීඩාව වෙනුවෙන් වටිනා තීන්දු තීරණ රැසක්
- ශ්‍රී ලංකා ක්‍රිකට් විදෙස් සංචාර සඳහා JAT අත්වැල් බැඳගනී
- කොදෙව් බර අවි සමඟ ගැටෙන ශ්‍රී ලංකාවට කුමක් වෙයි ද?
ළහිරු උදාරගේ දක්ෂ පිතිකරණය (65*) සහ කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ දස්කම් නිසාවෙන් වරාය අධිකාරි කණ්ඩායම කඩුලු 8කින් පරදවමින් තරගාවලියේ දෙවන ජය ලබා ගැනීමට NCC ක්‍රීඩකයන් සමත් වුනා.
තික්ෂිල ද සිල්වාගේ තුන් ඉරියව් දස්කම් (2/26 & 38) නිසාවෙන් කළුතර කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් ලබා ගැනීමට Chilaw Marinas ක්‍රීඩකයන් සමත් වූ අතර Sebastianities කණ්ඩායම පරදා කඩුලු 8ක පහසු ජයක් ලැබීමට රාගම ක්‍රීඩකයන් සමත් වුනා.
ඉෂිත දෙව්ගේ සුපිරි පන්දු යැවීම (4/15) නිසාවෙන් තියුණු සටනකින් පසු බදුරලිය ක්‍රීඩකයන් ලකුණු 4කින් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට Kandy Customs ක්‍රීඩා සමාජය සමත් වුනා.
දිනයේ කෙටි ලකුණු සටහන,
Group – A
- Venue – Marians Cricket Ground, Katunayake
- Toss – BRC
Negombo Cricket Club 172/6 (20) – මාධව වර්ණපුර 42, අශේන් සිල්වා 40, ඩිල්ෂාන් මුණවීර 39, චමීර දිසානායක 2/27, දුවිදු තිලකරත්න 2/27
Burgher Recreation Club 125/9 (20) – ලියෝ ෆ්රැන්සිස්කෝ 26, ළහිරු සමරකෝන් 24, රොස්කෝ තටිල් 5/23, රොෂේන් ප්‍රනාන්දු 2/13, මාධව වර්ණපුර 2/20
Negombo CC කණ්ඩායමට ලකුණු 47ක ජයක්
Group – B
- Venue – CCC Ground, Colombo
- Toss – Air Force
Lankan Cricket Club – 137/6 (20) – හර්ෂ කුරේ 59, සාලිය සමන් 28, ප්‍රිමෝෂ් පෙරේරා 28, ලසන්ද රුක්මාල් 3/34
Air force Sports Club – 138/4 (17.1) – මාධව නිමේෂ් 37, සමීර ද සොයිසා 30, ගීත් කුමාර 2/22
Air force SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්
Group – C
- Venue – NCC Ground, Colombo
- Toss – Moors SC
Police Sports Club – 98/9 (20) – අසෙල් සිගේරා 21*, දුලාෂ් උදයංග 21, ජීවන් මෙන්ඩිස් 3/13, ඩිලේෂ් ගුණරත්න 2/15, අදීෂ තිලාන්චන 2/15
Moors Sports Club – 99/4 (14.3) – මොහොමඩ් ශමාස් 26*, පබසර වඩුගේ 21
Moors SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්
Group – D
- Venue – P Sara Oval, Colombo
- Toss – Saracens SC
Panadura Sports Club – 115 (19.3) – අරුණ ධර්මසේන 29, සනෝජ් දර්ශික 20, චමින්ද බණ්ඩාර 3/22, ප්‍රමෝද් මධුවන්ත 2/15
Saracens Sports Club – 119/2 (19.4) – චරිත් දුලාංජන් 61*, හෂාන් දුමින්දු 52
Saracens කණ්ඩායමට කඩුලු 8ක ජයක්
Group – A
- Venue – Marians Cricket Ground, Katunayake
- Toss – KCSC
Kandy Customs Sports Club – 158/8 (20) – අකිල් ඉන්හාම් 38, සම්පත් පෙරේරා 33, රිශී ඩහදවාජ් 27, නිමන්ද සුබසිංහ 2/29
Badureliya Cricket Club – 154/9 (20) – ටී. එම්. සම්පත් 43, නිමන්ද සුබසිංහ 23, රවිඳු රත්නායක 22, සඳුන් වීරක්කොඩි 21, ඉෂිත දෙව් 4/15, සචිත්ර පෙරේරා 2/23
Kandy Customs Sports Club කණ්ඩායමට ලකුණු 4ක ජයක්
Group – B
- Venue – CCC Ground, Colombo
- Toss – SLPA CC
Sri Lanka Ports Authority CC – 115/8 (20) – යොහාන් ද සිල්වා 33, ඉරෝෂ් සමරසූරිය 20, චතුරංග ද සිල්වා 2/16, චාමික කරුණාරත්න 2/23
Nondescripts Cricket Club – 119/2 (15.1) – ළහිරු උදාර 65*, ඇන්ජලෝ පෙරේරා 27, කමිල් මිෂාර 22*
Group – C
- Venue – NCC Ground, Colombo
- Toss – Kaluthara TC
Kaluthara Town Club – 111/9 (20) – ගීෂාන් විමලධර්ම 53, පුලින තරංග 2/13, තික්ෂිල ද සිල්වා 2/26
Chilaw Marinas CC -112/7 (16.1) – තික්ෂිල ද සිල්වා 38, ලසිත් කෲස්පුල්ලේ 33, දෙනුවන් රාජකරුණා 2/24, මිතුන් ජයවික්‍රම 2/25
Chilaw Marinas කණ්ඩායමට කඩුලු 3ක ජයක්
Group – D
- Venue – P Sara Oval, Colombo
- Toss – Ragama CC
Sebastianities Cricket & Athletics Club – 69 (16) – බිනුර ප්‍රනාන්දු 3/08, ඉශාන් ජයරත්න 2/08, අමිල අපෝන්සු 2/10
Ragama Cricket Club- 70/2 (9.5) – දිනෙත් තිමෝදය 29*, ජනිත් ලියනගේ 23*
රාගම කණ්ඩායමට කඩුලු 8ක ජයක්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<