ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (11) කොළඹ නගරයේ ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුනා.
දුෂාන් හේමන්ත (58*) සහ ළහිරු සමරකෝන්ගේ (57) අර්ධ ශතක සහ චමීර දිසානායක (3/17) සහ මොහොමඩ් ශිරාස්ගේ (2/23) පන්දු යැවීම නිසා බදුරලිය පරදා ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගැනීමට BRC ක්‍රීඩකයන් සමත් වුනා.
සචිඳු කොළඹගේ (3/21) සහ ශිරාන් ප්‍රනාන්දුගේ (2/18) පන්දු යැවීමත්, සදීර සමරවික්‍රමගේ (43) සහ සිතාර ගිම්හාන්ගේ (36) පිතිකරණයත් නිසාවෙන් පානදුර කණ්ඩායම පරදා කඩුලු 7ක පහසු ජයක් ලබා ගන්නට Tamil Union ක්‍රීඩකයින් සමත් වුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- ධනංජය ලක්ෂාන් අර්ධ ශතකයකට; අසේලගෙන් තුන් ඉරියව් දස්කම්
- දිල්හාන්, මහේල සහ හශාන් පිතිකරණයෙන් පිටිය වර්ණවත් කරයි
- මිනෝද්, ඇන්ජලෝ, නුවනිඳු පිත්තෙන් පිටිය උණුසුම් කරයි
- දිනයේ වැඩි ගෞරව පන්දු යවන්නන් සතු වෙද්දී, සදීර, පියුමාල් ලකුණු අතරට
අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ අනෙකුත් තරග වූ ගාල්ල ක්‍රිකට් සමාජය හා මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය සහ නාවික හමුදා කණ්ඩායම සහ Sebastianites කණ්ඩායම අතර තරගය අයහපත් කාලගුණය නිසාවෙන් ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට සිදු වුනා.
දිනයේ කෙටි ලකුණු සටහන,
Group – A
- Venue – P Sara Oval, Colombo
- Toss – BRC
Burgher recreation Club – 179/6 (20) – දුෂාන් හේමන්ත 58*, ළහිරු සමරකෝන් 57, භානුක රාජපක්ෂ 22, නිමන්ද මධුශංක 3/28
Badureliya Cricket Club – 158/9 (20) – මිලින්ද සිරිවර්ධන 46, සදුන් වීරක්කොඩි 33, යශෝධ ලංකා 32, චමීර දිසානායක 3/17, මොහොමඩ් ශිරාස් 2/23, ළහිරු සමරකෝන් 2/29
BRC කණ්ඩායමට ලකුණු 21ක ජයක්
Group – D
- Venue – NCC Ground, Colombo
- Toss – Tamil Union
Panadura Sports Club – 115/10 (19.2) – අශේන් මෙන්ඩිස් 26, හාන්ස් ප්‍රනාන්දු 26, සචින්දු කොළඹගේ 3/21, ශිරාන් ප්‍රනාන්දු 2/18. ඉසුරු උදාන 2/28
Tamil Union Cricket Club – 116/3 (14.4) – සදීර සමරවික්‍රම 43, සිතාර ගිම්හාන් 36, මනෝජ් සරත්චන්ද්‍ර 22
Tamil Union කණ්ඩායමට කඩුලු 3ක ජයක්
Group – A
- Venue – P Sara Oval, Colombo
- Toss – Negombo CC
Galle Cricket Club – 144/7(16) – එරංග රත්නායක 51, ඩිල්ෂාන් කාංචන 45, ඩිල්ෂාන් මුණවීර 2/24
Negombo Cricket Club –
තරගය ප්‍රතිඵලයක් රහිතයි
Group – D
- Venue – NCC Ground, Colombo
- Toss – Sebastianites CC
Sebastianites Cricket Club – 97/5 (19) – සමීන් කන්දරආරච්චි 30, තරූෂ ප්‍රනාන්දු 30, පැතුම් මධුශංක 22, සියා මොහොමඩ් 2/20, චානක රුවන්සිරි 2/22, බුද්ධික මධුෂාන් 2/32
Navy Sports Club – 10/0 (02)
තරගය ප්‍රතිඵලයක් රහිතයි
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<