Major Club තරගාවලිය නැවතත්

SLC Major Club 3 Day Tournament 2023

335
SLC Major Club 3 Day Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ ක්‍රිකට් තරගාවලිය නැවත වතාවක් හෙට (05) සිට සක්‍රීය වෙනවා.

ඒ අනුව හෙට A කාණ්ඩායෙන් තරග 4ක් ද සහ B කාණ්ඩයෙන් තරග 5ක් ද ලෙසින් තරග 9ක් ආරම්භ විමට නියමිතයි.

තරගාවලිය, පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පසුගිය ඔක්තෝබර් 2 වැනිදා සිට නතර කෙරුණ අතර මාසයක පමණ විරාම කාලයකින් පසුවයි නැවත ආරම්භ වෙන්නේ. මෙම තරගාවලිය මීට පෙර ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ද මාසයකට අධික කාලයක් නතර කර තිබුණා.

තරගාවලියේ නිමා වූ තරග අනුව මේ වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ A කාණ්ඩායෙන් පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 67.815ක් ලබා සිටින Colts කණ්ඩායම වෙත ද, දෙවැනි සහ තෙවැනි ස්ථාන රාගම (58.685) සහ SSC (52.21) කණ්ඩායම් ද හිමි කරගෙන තිබෙනවා.  

B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ලකුණු 63.58ක් ලබා සිටින Ace Capital කණ්ඩායමට හිමි ව තිබෙනවා. එහි දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 57.815ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජයට සහ තෙවැනි ස්ථානය  ප්‍රසාද ලකුණු 53.435ක් ලබා සිටින බදුරලිය ක්‍රීඩා සමාජය ද සතු කරගෙන සිටිනවා.

මේ දක්වා නිමා වූ තරග අතරින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත් ව ඇත්තේ Colts කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ මැතිව්ස්. ඔහු තරග 4ක ඉනිම් 4කට සහභාගී වෙමින් ශතක 3ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 467ක්. ඒහි සාමාන්‍ය දැක්වෙන්නේ 116.75ක් ලෙසයි.  

මේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තරග 5ක ඉනිම් 8ක දී ශතක 2ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 457ක් ලබා සිටින NCC කණ්ඩායම් ලහිරු උදාර ද සහ තෙවැනි ස්ථානය තරග 4ක ඉනිම් 7ක දී ශතක 3ක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 442ක් ලබා සිටින පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉන්දීය ජාතික Samarth Seth ද හිමි කරගෙන තිබෙනවා.  

පන්දු යැවීමේ දී Colts කණ්ඩායමේ දකුණතින් දඟපන්දු යවන අකිල ධනංජය මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස පත් ව තිබෙනවා. ඔහු තරග 6ක ඉනිම් 10ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 43ක්.

මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය තරග 6ක ඉනිම් 11ක දී කඩුලු 38ක් ලබා සිටින Ace Capital කණ්ඩායමේ දඟපන්දු යවන රොෂාන් ජයතිස්ස ද සහ තෙවැනි ස්ථානය තරග 4ක ඉනිම් 8ක දී කඩුලු 33ක් ලබා සිටින පොලිස් ක්‍රීඩා සමාජයේ දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර ද සතු කරගෙන තිබෙනවා.

හෙට ආරම්භ වන තරග විස්තර 

  Team 1  Team 2  Ground 
1  CCC  Colts CC  Colts Ground, Colombo 
2  Panadura SC  SSC  Moors Ground, Colombo 
3  Ragama CC  Sri Lanka Army SC  Thurstan Ground, Colombo 
4  Nugegoda SWC  Negombo CC  De Soysa Ground, Moratuwa 
Group B 
5  Tamil Union C&AC  Chilaw Marians CC  P. Sara Oval, Colombo 
6  Baduraliya SC   NCC  Surrey Village, Maggona 
7  Ace Capital CC  Moors SC  FTZ, Katunayake 
8  Kurunegala YCC  Sebastianites C&AC  Welagedara Ground, Kurunegala 
9  Police SC  Sri Lanka Air Force SC  Police Ground, Colombo 

තරගාවලියේ පළමු වටයේ තරග දෙසැම්බර් පළමු සතිය දක්වා පැවැත්වීමට නියමිත අතර ඒ අනුව සැකසෙන ප්‍රසාද ලකුණු පුවරුවේ A සහ B කාණ්ඩයෙන් පළමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් මහා තරගය දෙසැම්බර් 07 වැනිදා සිට 10 වැනිදා දක්වා සිව්දින තරගයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<