මාලින්ද සහ නලින් පොලිස් කණ්ඩායමට ජය ගෙනේ

SLC Major Club 3 Day Tournament 2023

526
SLC Major Club 3 Day Tournament 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමුපෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (13) දවසේත් ක්‍රීඩාංගණ කිහිපයක පැවතියා.

ඒ අතරින් තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති Police SC සහ Sebastianites C&AC අතර තරගයෙන් ලකුණු 67ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක පොලිස් ක්‍රීඩකයෝ සමත් වුනා.

මෙම තරගයේ පළමු ඉනිමේ වාසිය සංචාරක Sebastianites ක්‍රීඩකයෝ සතු වූ අතර ඉන්පසුව පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට ලකුණු 204ක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා ලකුණු 188ක හඹා යන ඉනිමක් ඔවුන්ට භාර දුන්නා.

නමුත් ඔවුන්ට එවර ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 120ක් පමණයි. එම ඉනිම පාලනය කිරිමේ දී  මාලින්ද පුෂ්පකුමාර සහ නලින් ප්‍රියදර්ශන දක්ෂතා දැක්වූවා.

පා දඟපන්දු යවන මාලින්ද පුෂ්පකුමාර Sebastianites කණ්ඩායමට එරෙහිව දෙවැනි ඉනිමේ දී කඩුලු 5ක් දවා ගත්තා. පළමු ඉනිමේ දී ද කඩුලු 7ක් දවා ගත් ඔහු තරගය අවසන් වන විට ලකුණු 142කට කඩුලු 12ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඔහු මෙම තරගයේ දී වාර්තා කළේ තම පළමු පෙළ තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 26 වැනි අවස්ථාවයි.

නලින් ප්‍රියදර්ශන මෙම ඉනිමේ දී ලකුණු 53කට කඩුලු 4ක් දවා ගත් අතර ඔහු තරගයේ දී ලකුණු 152කට කඩුලු 6ක් දවා ගත්තා.

මේ අතර Baduraliya කණ්ඩායමේ විශාර ප්‍රනාන්දු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග 8ක ඉනිම් 11ක් වැය කරමින් වාර්තා කරන ලද මංගල අර්ධ ශතකයයි. ඊට අමතරව Baduraliya කණ්ඩායමේ රනේෂ් පෙරේරා ද අද අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූවා.

අද දවසේ ද පැවති මෙම තරගවලට අවස්ථා කිහිපයකදී ම වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

Police SC සහSebastianites C & AC

  • ක්‍රීඩාංගණය – පොලිස්, තිඹිරිගස්යාය
  • කාසියේ වාසිය – Chilaw Marians CC

Police SC – පළමු ඉනිම පන්දුවාර 40.4ක දී සියලුම දෙනා දැවී 181: හේෂාන් ධනුශ්ක 45, ධනුජ ඉඳුවර 20, අශේන් බණ්ඩාර 67, චාමිකර එදිරිසිංහ 4/61, ඉසිත විජේසුන්දර 3/20

Sebastianites C&AC – පළමු ඉනිම පන්දුවාර 42.3ක දී සියලුම දෙනා දැවී 198: අභිශේක් ලියනාරච්චි 20, අදීශ නානායක්කාර 48, තරිඳු රත්නායක 61, මාලින්ද පුෂ්පකුමාර 7/88, නලින් ප්‍රියදර්ශන 2/99

Police SC – දෙවැනි ඉනිම පන්දුවාර 66.1ක දී සියලුම දෙනා දැවී 204: අශේන් බණ්ඩාර 26, ප්‍රියමාල් පෙරේරා 90, චතුරංග කුමාර 44, චාමිකර එදිරිසිංහ 2/51, දුශාන් විමුක්ති 6/68

Sebastianites C & AC – දෙවැනි ඉනිම පන්දුවාර 36.2ක දී සියලුම දෙනා දැවී 120: අදීශ නානායක්කාර 27, ඉසිත විජේසුන්දර 23, මාලින්ද පුෂ්පකුමාර 5/54, නලින් ප්‍රියදර්ශන 4/53

පොලිස් කණ්ඩායමට ලකුණු 67ක ජයක්.

දෙවැනි දිනයට පැවති තරග

Moors SC vs Moors සහ Baduraliya SC

  • ක්‍රීඩාංගණය – Moors
  • කාසියේ වාසිය – Baduraliya

Baduraliya – පළමු ඉනිම පන්දුවාර 38.0ක දී කඩුලු 4ක් දැවී 138 (විශාර ප්‍රනාන්දු 62, රනේෂ් සිල්වා නොදැවී 51, මිලාන් රත්නායක 2/26)

Bloomfield සහ  Kurunegala Youth CC

  • ක්‍රීඩාංගණය – Bloomfield
  • කාසියේ වාසිය – Bloomfield

Kurunegala Youth CC – පළමු ඉනිම පන්දුවාර 5.1ක දී කිසිවෙක් නොදැවී 17

මෙම තරග හෙට (13) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද පළමු දිනයට ආරම්භ වූ තරග

Sri Lanka Army SC සහ  Panadura SC

  • ක්‍රීඩාංගණය – Sri Lanka Army
  • කාසියේ වාසිය – Panadura

Panadura SC – පළමු ඉනිම පන්දුවාර 44.0ක දී කඩුලු 4ක් දැවී 122 (රොෂාන් විජේනායක නොදැවී 34, Samarth Seth 36, රමිඳු විජේසූරිය නොදැවී 32, සීක්කුගේ ප්‍රසන්න 2/48)

මෙම තරගය හෙට (12) දෙවැනි දිනයට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<