ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී 21 හැවිරිදි කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතා හලාවත මේරියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගැනීමට හේතු විය.
ෂෙහාන් ජයසූරිය ජයග්‍රාහී ගමනකට මඟ පාදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද…
කොළඹ 7, සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අද (31) නිමා වූ මෙම තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට ලකුණු 91ක ජයග්‍රහණක් හිමි විය. එහිදී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිඳු මෙන්ඩිස් සමත් විම කැපී පෙණුනි. ඔහු පිතිකරුවෙක් ලෙසින් ලකුණු 44ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කඩුලු 3ක් දවා ගත්තේය.
කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. නායක ඇන්ජලෝ පෙරේරාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 295ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එන්. සී. සි. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204ක් පමණි. ඔවුන්ගේ ඉනිම අවසන් වූයේ තවත් 39ක් ඉතිරිව තිබිය දී ය.
Photos: Finals – NCC Vs Chilaw MCC – SLC Invitational Limited Over Tournament 2019/20
හලාවත මේරියන්ස් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට ලසිත් කෲස්පුල්ලේ සහ සුමිට් ගාඩිගොන්කර සමත් වූහ. පළමු කඩුල්ල ලෙසින් ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 21කට දැවී ගියේ චාමික ගුණසේකරගේ පන්දුවකටය.
අනතුරුව දෙවැනි කඩුල්ල ලෙසින් විදෙස් ක්‍රීඩක සුමිට් ගාඩ්ගොන්කර් පන්දු 77කට ලකුණු 79ක් ලබා සිටිය දී දැවී ගියේය. ඒ සහන් ආරච්චිගේ පන්දුවකට මහේල උඩවත්ත අතට උඩ පන්දුවක් ලබා දෙමිනි. ගාඩිගොන්කර්ගේ ඉනිමට හතරේ පහර 14ක් ඇතුළත් විය. ගාඩිගොන්කර් සහ කමිඳු මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 65කි.
අනතුරුව කමිඳු මෙන්ඩිස් සහ රුමේෂ් බුද්ධික එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 43ක් රැස් කරමින් සිටිය දී කමිඳු මෙන්ඩිස් ද නිමේෂ ගුණසිංහගේ පන්දුවකට දැවී ගියේය. ඒ වෙද්දී කමිඳු මෙන්ඩිස් පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියේය.
වීර කාව්‍යයක් නොගැයුණු ලාංකේය ක්‍රිකට් මහානාමය
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය රාත්‍රිය එය බවට කිසිම සැකයක් නැත. 1996 මාර්තුවේ යම් දිනක ශ්‍රී…
හලාවත මේරියන්ස් කණ්ඩායමේ නායක ෂෙහාන් ජයසූරිය අද දවස එතරම් සාර්ථක වූයේ නැත. ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.
5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවක් එක් කිරීමට රොමේෂ් බුද්ධික සහ තික්ෂිල ද සිල්වා සමත් විය. තික්ෂිල ද සිල්වා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 47ක් ලබා ගනිමින් එම කඩුල්ලේ සබඳතාව අවසන් කළේය.
රොමේෂ් බුද්ධික හලාවත මේරියන්ස් ඉනිම අවසන් වෙද්දී පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා සිටියේය. අනෙක් පිතිකරුවන් වූ පුලින තරංග (6), නිමේෂ් විමුක්ති (1), ඉරෝෂ් ප්‍රනාන්දු (6) අඩු ලකුණුවලට සීමා වෙද්දී චතුරංග කුමාර පන්දු 5කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී චාමික ගුණසේකර ලකුණු 67කට කඩුලු 2ක් දවා ගත් අතර ඩිලේෂ් ගුණරත්න, සචිඳු කොළඹගේ, සහන් ආරච්චිගේ සහ සහන් ආරච්චිගේ කඩුල්ල බැගින් දවා ගත්හ.
හඹායන ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් එක් කරමින් එන්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගත්හ. නිමේෂ් විමුක්ති පන්දු යවමින් පෙරළා උඩ පන්දුවක් ද රැකගෙන ලහිරු උදාර ලකුණු 50ක් ලබා සිටිය දී දවා ගත්තේය. ඒ වෙද්දී ඔහු පන්දු 49කට මුහුණ දී සිටියේය. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් සහ හයේ පහරකින් සමන්විත විය.
අනතුරුව දැවී ගියේ පැතුම් නිස්සංක ය. පුලින තරංගගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ පැතුම් දැවී යන විට පන්දු 65කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියේය.
ඉන්දියාවට බැටදෙන්න ශ්‍රී ලංකාවෙන් හොඳ සංචිතයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතය…
අද තරගයේ දී නිමේෂ් ගුණසිංහ ලබා ගත හැකි වූයේ ලකුණු 24ක් පමණි. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව එන්. සී. සී. ඉනිමේ කඩුලු 4ක් ලකුණු 33ක් තුළ දවා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. මහේල උඩවත්ත (3), ඇන්ජලෝ පෙරේරා (1), චතුරංග ද සිල්වා (0) සහ සහන් ආරච්චිගේ (6) ඊට ගොදුරු වූහ.
අනතුරුව එන්. සී. සී. ඉනිමට යම් බලාපොරොත්තුවක් එක් කළේ චාමික කරුණාරත්න, සචිඳු කොළඹගේ සහ චාමික ගුණසේකර ය. ඔවුන් අතුරින් චාමික කරුණාරත්න පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය.
සචිඳු කොළඹගේ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත් අතර ඉනිම අවසන් වන විට චාමික ගුණසේකර පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තේය. ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් ඩිලේෂ් ගුණරත්න (0) දැවී ගියේය.
පන්දු යැවීමේ දී අවසන් පන්දු යවන්නා ලෙසින් එක් වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ තරගයේ හොඳම පන්දු යැවීමේ දක්ෂතා දැක්විය. ඊට අමතරව නායක ෂෙහාන් ජයසූරිය ලකුණු 38කට කඩුලු 3ක් දවා ගත්තේය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, තික්ෂිල ද සිල්වා සහ පුනිල තරංග කඩුල්ල බැගින් දවා ගත්හ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | b Chamika Gunasekara | 21 | 22 | 2 | 1 | 95.45 |
Sumit Ghadigaonkar | c Mahela Udawatte b Sahan Arachchige | 79 | 77 | 14 | 0 | 102.60 |
Kamindu Mendis | b Nimesha Gunasinghe | 44 | 70 | 3 | 0 | 62.86 |
Rumesh Buddika | not out | 60 | 71 | 6 | 0 | 84.51 |
Shehan Jayasuriya | st Lahiru Udara b Sachindu Colombage | 3 | 8 | 0 | 0 | 37.50 |
Thikshila de Silva | c Lahiru Udara b Chamika Gunasekara | 47 | 36 | 3 | 3 | 130.56 |
Pulina Tharanga | run out (Chaturanga de Silva) | 6 | 3 | 1 | 0 | 200.00 |
Nimesh Vimukthi | c Angelo Perera b Dilesh Gunaratne | 1 | 2 | 0 | 0 | 50.00 |
Irosh Fernando | run out (Lahiru Udara) | 6 | 6 | 0 | 0 | 100.00 |
Chathuranga Kumara | not out | 16 | 5 | 2 | 1 | 320.00 |
Extras | 12 (b 3 , lb 3 , nb 0, w 6, pen 0) |
Total | 295/8 (50 Overs, RR: 5.9) |
Did not bat | Asitha Fernando, |
Fall of Wickets | 1-63 (9.1) Lasith Croospulle, 2-128 (22.1) Sumit Ghadigaonkar, 3-171 (32.4) Kamindu Mendis, 4-178 (35.2) Shehan Jayasuriya, 5-247 (45.3) Thikshila de Silva, 6-254 (45.6) Pulina Tharanga, 7-259 (46.5) Nimesh Vimukthi, 8-278 (48.6) Irosh Fernando, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilesh Gunaratne | 6 | 0 | 38 | 1 | 6.33 | |
Chamika Karunaratne | 4 | 0 | 28 | 0 | 7.00 | |
Chaturanga de Silva | 5 | 0 | 34 | 0 | 6.80 | |
Chamika Gunasekara | 8 | 0 | 67 | 2 | 8.38 | |
Sachindu Colombage | 9 | 0 | 40 | 1 | 4.44 | |
Sahan Arachchige | 8 | 0 | 32 | 1 | 4.00 | |
Nimesha Gunasinghe | 9 | 0 | 46 | 1 | 5.11 | |
Mahela Udawatte | 1 | 0 | 4 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | lbw b Pulina Tharanga | 38 | 65 | 3 | 0 | 58.46 |
Lahiru Udara | c & b Nimesh Vimukthi | 50 | 49 | 9 | 1 | 102.04 |
Nimesha Gunasinghe | c & b Shehan Jayasuriya | 24 | 42 | 2 | 0 | 57.14 |
Mahela Udawatte | c Irosh Fernando b Kamindu Mendis | 3 | 6 | 0 | 0 | 50.00 |
Angelo Perera | st Irosh Fernando b Shehan Jayasuriya | 1 | 9 | 0 | 0 | 11.11 |
Chaturanga de Silva | b Shehan Jayasuriya | 0 | 1 | 0 | 0 | 0.00 |
Sahan Arachchige | c & b Thikshila de Silva | 6 | 9 | 1 | 0 | 66.67 |
Chamika Karunaratne | c Shehan Jayasuriya b Asitha Fernando | 32 | 29 | 1 | 4 | 110.34 |
Sachindu Colombage | lbw b Kamindu Mendis | 15 | 24 | 2 | 0 | 62.50 |
Chamika Gunasekara | not out | 24 | 24 | 4 | 0 | 100.00 |
Dilesh Gunaratne | st Irosh Fernando b Kamindu Mendis | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 0 , lb 0 , nb 0, w 11, pen 0) |
Total | 204/10 (43.3 Overs, RR: 4.69) |
Fall of Wickets | 1-70 (14.1) Lahiru Udara, 2-118 (25.1) Pathum Nissanka, 3-121 (26.2) Nimesha Gunasinghe, 4-123 (28.2) Angelo Perera, 5-123 (28.3) Chaturanga de Silva, 6-123 (29.1) Mahela Udawatte, 7-154 (33.1) Sahan Arachchige, 8-167 (36.2) Chamika Karunaratne, 9-192 (41.6) Sachindu Colombage, 10-204 (43.3) Dilesh Gunaratne, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 6 | 1 | 25 | 1 | 4.17 | |
Chathuranga Kumara | 2 | 0 | 13 | 0 | 6.50 | |
Nimesh Vimukthi | 10 | 1 | 49 | 1 | 4.90 | |
Thikshila de Silva | 7 | 0 | 34 | 1 | 4.86 | |
Shehan Jayasuriya | 6 | 0 | 38 | 3 | 6.33 | |
Pulina Tharanga | 5 | 1 | 13 | 1 | 2.60 | |
Kamindu Mendis | 7.3 | 0 | 31 | 3 | 4.25 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<