දැවැන්ත පරාජය ගැන SLC වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

970

ඊයේ (15) දිනයේ ඉන්දියාවට එරෙහිව පැවති අවසන් එක්දින තරගයේ දී ලැබූ දැවැන්ත පරාජය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම් කළමනාකරු හට දන්වා තිබෙනවා.

එම පරාජයට අදාළ වාර්තාව කණ්ඩායමේ නායකයා, කළමනාකරු, පුහුණුකරු සහ තේරීම් කමිටුවේ අදහස්වලින් සමන්විත යුතු බව ද ක්‍රිකට් ආයතනය විසින් නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එම වාර්තාව දින පහක් ඇතුළත තමන් වෙත යොමු කරන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම වාර්තාව මගින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පන්දුවාර 22ක් තුළ සියල්ලන් දැවී යමින් ලකුණු 317ක අවමන් සහගත පරාජයක් ලබා ගැනීමේ පසුබිම සමාලෝචනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකි වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<