ආසියානු ශූරියන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වටිනා ත්‍යාගයක්!

Women's Asia Cup 2024

1
Women's Asia Cup 2024

ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් කාන්තා ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

පසුගිය ඉරිදා (28) දිනයේ දී චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව පැවැත්වුණු කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ලද පළමු ආසියානු කුසලාන ජයග්‍රහණය වන අතර, මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලද ඉහළම ජයග්‍රහණයක් ලෙස ද මෙය හඳුන්වාදිය හැකි.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් (USD) 500,000ක මුදල් ත්‍යාගයක් පිරිනමා තිබෙනවා.

අපරාජිත තරගාවලියක් නිමා කරමින් ශ්‍රී ලංකාව දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙන්ම, ඔවුන්ගේ අපරිමිත කැප කිරීම් සහ කණ්ඩායම් හැඟීම අගය කරමිනුයි ක්‍රිකට් ආයතනය විසින් මෙම ත්‍යාගය පිරිනමා තිබෙන්නේ.

දේශීය ක්‍රිකට් පිටියේ උණුසුම් තතු විත්ති නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<