ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමට අනුයුක්ත කර ඇති වෛද්‍යවරියක සම්බන්ධයෙන් පැතිර යන වාර්තාවල සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සොයා බලා, වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ කළමනාකරු වන අසන්ත ද මෙල් මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.
තවත් ක්‍රිකට් පුවත්
- සංගක්කාරට IPL කණ්ඩායමක ලොකු තනතුරක්
- Rishabh Pant, MS Dhoniගේ වාර්තාව කඩයි
- දිමුත්, මෙන්ඩිස් ඇතුළු පස්දෙනෙක් ගෙදර යවයි
- කාර්යබහුල තරග කාලසටහන් නිසා ඉන්දියාව අර්බුදයක
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තම Twitter ගිණුම හරහා මේ චෝදනාවන් ප්‍රතික්ෂේප කර සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියේ, මෙහි සත්‍ය/අසත්‍යයතාවය සොයා ගැනීම සඳහා සිද්ධිය පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කණ්ඩායම් කළමනාකරු වන අසන්ත ද මෙල් මහතාට දන්වා තිබෙන බවයි.
Shame on you for believing this rubbish!Do you honestly believe this can happen in a bio secure bubble……scandalous reporting!! https://t.co/UbAQYT8j4y
— Mickey Arthur (@Mickeyarthurcr1) January 20, 2021
ද මෙල් මහතා ලබා දෙන වාර්තාවේ සඳහන් වන පරිදි අදාළ පාර්ශවවලට එරෙහිව විනය පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ නම්, චෝදනාවට ලක්ව සිටින වග උත්තරකරුවන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත්, එහි දී ඔවුන්ගේ නිරවද්‍යතාවය සනාථ කිරීමට නොහැකි වුවහොත් ඕනෑම පාර්ශවයකට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.
හෙට (22) ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරනු ලබන ද මෙල් මහතා පුද්ගලික හේතුවක් නිසාවෙන් එම තනතුරින් ඉවත්ව තිබෙන බව ඊයේ (20) වාර්තා වුනා. ඔහු එම තනතුරින් නික්ම යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත මේ වාර්තාව ලබා දිය යුතුව තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 7කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදු වූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) ගාල්ලේ දී ආරම්භ වෙනවා. එම තරගය ජයගෙන තරගාවලිය 1-1ක් ලෙස සම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි සූදානමකින් පසුවෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<