සති 3ක කාලයක් පුරා පැවති ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරගාවලියේ පළමු වටය අවසන් කරමින් කණ්ඩායම් 8ක් එහි අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.
ඒ අනුව තරගාවලියේ පළමු වටය සඳහා කණ්ඩායම් 18ක් තරග 32ක දී තරග වැදුණි.
AFC කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට 32 සංචිතයක්
2018 19න් පහළ AFC පාපන්දු ශූරතාවය සඳහා සහභාගී වීමට ක්‍රීඩකයින් තිස්දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ..
A කාණ්ඩය
ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය (SLASC) ජයග්‍රහණ 3ක් සහ එක් ජය පරාජයෙන් තොර තරගයක් සමඟ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූ අතර බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායම සහ ගජබා රෙජිමේන්තු කණ්ඩායම ලකුණු 7 බැගින් ලබා ගැනීමට සමත් වුවත් බුද්ධි අංශ සේවා බලකා කණ්ඩායමේ ගෝල වෙනස වැඩි බැවින් ඔවුන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීය.
Team | P | W | D | L | GF | GA | GD | Pts |
SLASC | 4 | 3 | 1 | 0 | 12 | 2 | 10 | 10 |
MIC | 4 | 2 | 1 | 1 | 11 | 4 | 7 | 7 |
GR | 4 | 2 | 1 | 1 | 9 | 4 | 5 | 7 |
SLEME | 4 | 1 | 0 | 3 | 5 | 16 | -11 | 3 |
SLSC | 4 | 0 | 1 | 3 | 2 | 13 | -11 | 1 |
ප්‍රතිඵල
MIC 6 – 0 SLEME (MIC – අසංක ද සිල්වා 7’, ඩී. එම්. තිලකරත්න 12’ & 75’, තිවංක චන්ද්‍රසේකර 16’ & 67’, මොහොමඩ් ඉසදීන් 25’)
SLASC 2 – 0 GR (SLASC – මදුෂාන් ද සිල්වා 13’ & 29’)
SLSC 0 – 3 SLEME (SLEME – තරිඳු ලක්මාල් 30’, චන්ද්‍රසේකර 60’, ඒකනායක 90’)
MIC 1 – 3 SLASC (MIC – ඩී. එම්. ඉරාන් 62’ (OG), SLASC – කේ. ප්‍රදීප් 6’, ටී. යූ. සමීල් 35’, මදුෂාන් ද සිල්වා 89’)
SLEME 2 – 4 GR (SLEME – දිනේෂ් කුමාර 48’, ගී. බී. පෙරේරා 61’, GR – එස්. පරණවිතාන 55’ & 78’, ආර්. සී. මදුෂාන් 63’ & 90’)
MIC 4 – 1 SLSC (MIC – සංක දනුෂ්ක 30’, මොහොමඩ් ඉසදීන් 53’, අසංක ද සිල්වා 65, හේමචන්ද්‍ර 84’, SLSC – වීරසිංහ 60’)
SLASC 6 – 0 SLEME (SLASC – ටී. යූ. සමීල් 29’ & 51’, මදුෂාන් ද සිල්වා 41’, 85’, 87’ & 88’)
GR 5 – 0 SLSC (GR – ආර්. සී. මදුෂාන් 12’ & 41’, පුන්සර තිරුණ 31’ & 60’, ඒ. එන්. සොයිසා 63’)
MIC 0 – 0 GR
SLSC 1 – 1 SLASC (SLSC – කේ. පී. ප්‍රදීප් 36, SLASC – එස්. එස්. සිරිවර්ධන 81’)
B කාණ්ඩය
ශ්‍රී ලංකා සන්නාහ හා සන්නද්ධ බලකා කණ්ඩායම (SLAC) සහභාගී වූ තරග 3ම ජයග්‍රහණය කරමින් ලකුණු 9ක් ලබා ගනිමින් B කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනාගත් අතර ඉංජිනේරුසේවා බලකා කණ්ඩායම (CES) ලකුණු 6ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්විය.
Team | P | W | D | L | GF | GA | GD | Pts |
SLAC | 3 | 3 | 0 | 0 | 9 | 1 | 8 | 9 |
CES | 3 | 2 | 0 | 1 | 9 | 5 | 4 | 6 |
SLE | 3 | 1 | 0 | 2 | 3 | 5 | -2 | 3 |
SLCMP | 3 | 0 | 0 | 3 | 0 | 10 | -10 | 0 |
ප්‍රතිඵල
SLAC 1 – 0 SLE (SLAC – එච්. ඒ. ඩී. ප්‍රියන්ත 34’)
CES 4 – 0 SLCMP (CES – එම්. එල්. ප්‍රනාන්දු 8’, 60’ & 69’, ආර්. ඩී. ලක්ෂාන් 9’)
SLE 1 – 0 SLCMP (SLE – ඒ. ඩී. සංජීව 15’)
CES 1 – 3 SLAC (CES – එම්. එල්. ප්‍රනාන්දු 57’, SLAC – ඩී. අබේරත්න 47’ & 76’, එච්. ඒ. ඩී. ප්‍රියන්ත 68’)
CES 4 – 2 SLE (CES – පී. ආර්. ප්‍රනාන්දු 13’, ආර්. ඩී. ලක්ෂාන් 32’, 65’ & 77’, SLE – කේ. සී. ගීතාංග 39’, එන්. වයි ගුණසේකර 85’)
SLAC 5 – 0 SLCMP (SLAC – එච්. ඒ. ඩී. ප්‍රියන්ත 7’ & 40’, කේ. ඊ. මදුෂංක 43’, 70 & 85’)
C කාණ්ඩය
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව (SLNG) සහභාගී වූ තරග 3න් තරග 2ක් ජයග්‍රහණය කරමින් සහ එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් C කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම (SLLI) සහ ශ්‍රී ලංකා යුද හමුදා සාමාන්‍ය සේවා බලකා කණ්ඩායම (SLAGSC) ලකුණු 7 බැගින් දිනා ගනිමින් සම ස්ථානයේ පසුවුවත් ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායමේ ගෝල වෙනස වැඩි නිසා ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.
Team | P | W | D | L | GF | GA | GD | Pts |
SLNG | 4 | 2 | 2 | 0 | 6 | 4 | 2 | 8 |
SLLI | 4 | 2 | 1 | 1 | 7 | 3 | 4 | 7 |
SLAGSC | 4 | 2 | 1 | 1 | 5 | 4 | 1 | 7 |
CR | 4 | 1 | 1 | 2 | 6 | 5 | 1 | 4 |
SLA | 4 | 0 | 1 | 3 | 6 | 14 | -8 | 1 |
ප්‍රතිඵල
SLLI 0 – 0 SLNG
SLA 1 – 2 SLAGSC (SLA – පී. කේ. ප්‍රේමතිලක 21’, SLAGSC – වයි. එම්. එස්. මදුරංග 3’, එන්. පී. කුමාර 23’)
CR 1 – 2 SLNG (CR – සී. එන්. පෙරේරා 90’, SLNG – එන්. ජේ. ප්‍රසන්න 4’, බණ්ඩාර වරකාගොඩ 77’)
SLAGSC 1 – 0 SLLI (SLAGSC – වයි. එම්. එස්. මදුරංග 66’)
SLA 3 – 3 SLNG (SLA – එම්. එල්. වීරසිංහ 14’, පී. එස්. අමුකොටුව 23’, එම්. ද සිල්වා 72’, SLNG – එම්. රව්ෂාන් 42’, බණ්ඩාර වරකාගොඩ 88’, එන්. මල්ලවාරච්චි 90’)
CR 0 – 1 SLLI (SLLI – එම්. අයි. රාජපක්ෂ 86’)
SLNG 1 – 0 SLAGSC (SLNG – ගුණසිංහ 23’)
CR 3 – 0 SLA (CR – සජිත් කුමාර 15’ & 63’, – සී. එන්. පෙරේරා 50’)
SLLI 6 – 2 SLA (SLLI – රාජපක්ෂ 11’, 57’, 83’ & 88’, විජේසිංහ 43’, එම්. රම්ලාන් 34’, SLA – පී. එස්. අමුකොටුව 26’ & 35’)
SLAGSC 2 – 2 (SLAGSC – එන්. පී. කුමාර 8’, ප්‍රනාන්දු 72’, CR – සජිත් කුමාර 65’ & 80’)
D කාණ්ඩය
ගැමුණු හේවා බලඇණිය (GW) සහ ශ්‍රී ලංකා යුදෝපකරණ බලකාය (SLAOC) යන කණ්ඩායම් දෙකම ඔවුන් සහභාගී වූ තරග 3න් තරග 2ක් ජයග්‍රහණය කළ අතර එක් තරගයක් පරාජයට පත්විය. කෙසේ නමුත් ගෝල වෙනස +6ක් ලෙස සටහන් කරගනිමින් ඉහළ ගෝල වෙනසක් සමඟ D කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ගැමුණු හේවා බලඇණිය සමත් වූ අතර ඒ අනුව එහි දෙවන ස්ථානය හිමිවූයේ ගෝල වෙනසෙන් එක් ගෝලයක් පමණක් පසුපසින් සිටිමින් ශ්‍රී ලංකා යුදෝපකරණ බලකා කණ්ඩායම යි.
Team | P | W | D | L | GF | GA | GD | Pts |
GW | 3 | 2 | 0 | 1 | 9 | 4 | 5 | 6 |
SLAOC | 3 | 2 | 0 | 1 | 4 | 3 | 1 | 6 |
VIR | 3 | 1 | 1 | 1 | 4 | 6 | -2 | 4 |
SR | 3 | 0 | 1 | 2 | 2 | 6 | -4 | 1 |
ප්‍රතිඵල
GW 1 – 2 SLAOC (GW – ඩී. එස්. ගුණසිංහ 8’, SLAOC – එන්. සී. ටී. ද සිල්වා 27’, රොෂාන් අප්පුහාමි 64’)
SR 1 – 1 VIR (SR – එස්. එස්. බෝගහපිටිය, VIR – පී. ද සොයිසා 6’)
SLAOC 2 – 0 SLSR (SLAOC – සුරාජ් බර්නාඩ් 77’, එන්. සී. ටී. ද සිල්වා 85’)
GW 5 – 1 VIR (GW – ඩී. එස්. ගුණසිංහ 18’ & 71’, ටී. එස්. අනුරුද්ධ 30’ & 87’, ආර්. කේ. රාමනායක37’, VIR – ආර්. එස්. ඉද්දමල්ගොඩ 46’)
GW 3 – 1 SR (GW – ඩී. එස්. ගුණසිංහ 7’ & 32’, ටී. සී. උදයකීර්ති 15’, SR – ඒ. ඩී. කුමාර 2’)
SLAOC 0 – 2 VIR (VIR – බී. එස්. නිශාන් 78’, කේ. එස්. මදුෂාන් 89’)
තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට