මාරිස්ටෙලාවන්ට සහ පීතරයින්ට දැවැන්ත ජයක්

467
Singer U19 Schools Cricket

පාසල් කෙළිබිමේ සිටින අනාගත දක්ශයන් වෙත දස්කම් දක්වනු පිණිස සංවිධානය කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ පහක අවසානය අද (14) සනිටුහන් විය.

එහිදී සාන්ත පීතර විද්‍යාලය හා මාරිස්ටෙලා විද්‍යාලය දැවැන්ත ජයග්‍රහණ අත්කර ගනිද්දී , ගුරුකුල විද්‍යාලය, සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉණිමේ ජයග්‍රහණ අත්පත් කරගැනීමට සමත් විය.

පසුගිය ලිපි: රොද්‍රිගෝ සාන්ත පීතර විද්‍යාලයට ශතකයක් එක් කරයි

කැළණිය ගුරුකුල විද්‍යාලය හා කොළඹ සහිරා විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් ලෙසින් ආරම්භ වුනු මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ගුරුකුල විද්‍යාලය, සහිරා තණතීරුවේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි.

පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සහිරා විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටි අතර එම ඉණිමට මොහොමඩ් ශමාස් ලකුණු 38ක් ලබාගන්නා ලදි.

අනතුරුව තම දෙවන ඉණිම දියත් කල ගුරුකුල විද්‍යාලය, සහිරා දෙවන ඉණිමට ලකුණු 240ක ඉලක්කයක් ලබාදෙමින් තම ඉණිම අත්හිටුවූ අතර, එහිදී රවිදු උදාර සුපිරි ශතකයක් ලබාගන්නා ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 132 (පන්දුවාර 42.5): මලිදු විදුරංග 71, අචින්ත මල්ශාන් 20, මොහොමඩ් හස්මි 8/20

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු  129 (පන්දුවාර 44.2): මොහොමඩ් ශමාස් 38, මලිදු විදුරංග 3/25

ගුරුකුල විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 236 dec (පන්දුවාර 53): රවිදු උදාර 104*, පෘථිවි රෑසර 65

සහිරා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 115 (පන්දුවාර 36): ඉරෝශාන් ලක්රුවන් 38*


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරඟය

සාන්ත ජෝසප් පිටියේදී කාසියේ වාසිය දිනාගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහරදීමට රාජකීය විද්‍යාලයට ඇරයුම් කලහ.

පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත ජෝසප් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 105ක් ලබාගෙන සිටි අතර එම ඉණිම එක් ශතකයකින් හා අර්ධ ශතක දෙකකින් වර්ණවත් විය. ශිවෝන් ෆොන්සේකා මනරම් පිතිහරඹයක් දියත් කරමින් ලකුණු 113ක් ලබාගෙන දස්කම් දැක්වූ අතර, රාජකීය දෙවන ඉණිමේ කඩුලු 5ක් දවාලූ දිනෙත් ජයකොඩි ලකුණු 53ක් ලබා ගැනීමට සමත් විය.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී  ලකුණු 291 dec (පන්දුවාර 71.3): හේලිත විතානගේ 119, ලසිදු නානායක්කාර 39, කවිදු මදරසිංහ 37, කවිදු ජයතිස්ස 3/62

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 397 dec (පන්දුවාර 86): ශිවෝන් ෆොන්සේකා 113, කැමරන් දුරුගේ 73, දිනෙත් ජයකොඩි 53, නිපුන් සුමනසිංහ 41, මනුල පෙරේරා 5/127, හිමේශ් රාමනායක 2/79

රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 137 (පන්දුවාර 31): රොනුක ජයවර්ධන 46, පසිදු සූරියබණ්ඩාර 38, දිනෙත් ජයකොඩි 5/36


කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

මැසනොඩ් පිටියේදී කාසියේ වාසියේ ජයග්‍රහණය කල මාරිස්ටෙලා විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් මාරිස්ටෙලා විද්‍යාලයට ඉණිමක හා ලකුණු 57ක ජයග්‍රහණයක් හිමිවිය.

තරඟයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 193ක් ලබා ගැනීමට මාරිස්ටෙලා විද්‍යාලය සමත් විය. අශේන් ප්‍රනාන්දු හා ලසිත් කෘෘස්පුල්ලේ ගොඩනැංවූනු මාරිස්ටෙලා විද්‍යාලයේ පළමු ඉණිම, දැවැන්ත ලකුණක් දක්වා ඔවුන් රැගෙන යන ලදි.

අනතුරුව තම දෙවන ඉණිම ක්‍රියාත්මක කල ද මැසනොඩ් විද්‍යාලය වෙනුවෙන් හිරෝශ් ද සිල්වා ලකුණු 55ක් ලබාගෙන දස්කම් දැක්විය. රවිදු ප්‍රනාන්දු මාරිස්ටෙලා විද්‍යාලයට කඩුලු 5ක් දවාලමින් සහය ලබාදුනි.

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 195 (පන්දුවාර 52.4): සංගීත් දේශාන් 63, දිල්රුක් ඇන්තෝනි 39, පසිදු උශෙට්ටි 5/74

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම –  කඩුලු 7ක් දැවී ලකුණු 366 dec (පන්දුවාර 68.5): ලසිත් කෘෘස්පුල්ලේ 81, අශේන් ප්‍රනාන්දු 78*, සචිදු කොළඹගේ 24

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 25.5): හිරෝශ් ද සිල්වා 55, රවිදු ප්‍රනාන්දු 5/54, පසිදු උශෙට්ටි 3/33


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයෙන් තරඟ වදින මෙම විද්‍යාල දෙකෙන් කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය සාන්ත පීතර පිටියේදී පළමුව පන්දුවට පහර දුනි. සාන්ත පීතර විද්‍යාලය මෙම තරඟයෙන් ඉණිමක හා ලකුණු 10ක දැවැන්ත ජයක් වාර්තා කරගැනීමට සමත් විය.

දිනය අවසානයේ තම පළමු ඉණිමට කඩුලු 6ක් දැවී ලකුණු 289ක් ලබා ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත්වූ අතර පීතරයින්ගේ ඉණිම අවසන් වීමෙන් පසුව සාන්ත සෙබස්තියන් දෙවන ඉණිම ක්‍රියාත්මක වුවද එය ඉණිමක පරාජයෙන් ගැලවීමට සමත් නොවූ ඉණිමක් විය. නිමේෂ් බණ්ඩාර එම ඉණිමට ලකුණු 59ක්  ලබාගෙන ඉණිමක පරාජයෙන් තම විද්‍යාලය බේරාගැනීමට වෑයම් කලද එය සාර්ථක නොවීය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 79 (පන්දුවාර 24.4): ශිවාන් පෙරේරා 5/20, සන්තුෂ් ගුණතිලක 4/31

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 289 dec (පන්දුවාර 69.1): ලක්ෂින රොද්‍රිගෝ 138, ශාලිත ප්‍රනාන්දු 94, අශේර් වර්ණකුලසූරිය 2/36

සාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 74.5): නිමේෂ් බණ්ඩාර 59, තරුෂ ප්‍රනාන්දු 44, අශේර් වර්ණකුලසූරිය 33, චතුර ඔබේසේකර 3/34


ගල්කිස්ස සාන්ත තෝමස් විදහා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරඟය

ආනන්ද ක්‍රීඩා පිටියේදී කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. මෙම තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

ආනන්ද විද්‍යාලය පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබාගෙන සිටි අතර. ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දැවැන්ත ලකුණක් තනිවම රැස්කිරීමට සහන් සුරවීර සමත් වුවද, අනෙක් පිතිකරුවන්ට තම විද්‍යාලය පළමු ඉණිමේ පරාජයෙන් හෝ ගලවාගන්නට නොහැකි විය. පවිත් රත්නායක ආනන්ද විද්‍යාලයේ කඩුලු 5ක් දවාලමින් දස්කම් දැක්විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 287 dec (පන්දුවාර 86): තිසර හපුවින 85, රොමේෂ් නල්ලප්‍ෙරැම 43, දිලීප ජයලත් 4/59

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු  243 (පන්දුවාර 62.1):  සහන් සුරවීර 134, ලහිරු හිරන්‍ය 26*, පවිත් රත්නායක 5/87

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 113 (පන්දුවාර 38): රවිදු කොඩිතුවක්කු 53, සුපුන් වරාගොඩ 2/35

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට