සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට අවසන් අදියර දක්වාම පැමිණ තිබෙන අතර එහි තවත් සුපිරි 16 වටයේ තරග දෙකක් අද (26) නිමාවට පත්වූයේ මහානාම විද්‍යාලයට සහ සාන්ත ජෝසප් විද්‍යාලයට සුපිරි 8 වටයේ දොරටු විවර කරදෙමිනි.
ධර්මරාජයට අනපේක්ෂිත පරාජයක්; මාතර සාන්ත තෝමස් තවත් ඉදිරියට
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක දිනයක්……
ඊට අමතරව පැවති සුහද තරගවල දී සහිරා විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හමුවේ පූර්ණ තරග ජයක් ලබා ගත්තේය. සුපිරි 16 වටයේ තරග දෙස හැරී බැලීමේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් දිනෙත් ජයකොඩි, මිරංග වික්‍රමගේ වේගවත් ශතක රැස් කරගනිමින් දස්කම් අතරට පැමිණි අතර අශේන් ඩැනියල් ඇතුළු සාන්ත ජෝසප් පන්දු යවන්නෝ සාන්ත ආනා විද්‍යාල පිතිකරුවන් අසරණ කරමින් ඔවුන්ගේ මුල් ඉනිම ලකුණු 152කට සීමා කරන ලදි.
සාන්ත ජෝසප් දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගත් ශෙරන් ෆොන්සේකා ද මෙවර තරග වාරය තුල ලකුණු 1000 සීමාව පසුකළ පිතිකරුවන් අතර පස්වැනි ස්ථානය දිනා ගන්නා ලදි.
රිච්මන්ඩ් මහානාම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් රිච්මන්ඩ් විද්‍යාලය අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 292ක් ලබාගෙන ඉනිම අත්හිටවූ අතර එයට පිළිතුරු දුන් මහානාම විද්‍යාලය වෙනුවෙන් සොනාල් දිනූශ ලබා ගත් සුපිරි නොදැවුණු ලකුණු 150* නිසාවෙන් මහානාම විද්‍යාලයට ඔවුන්ගේ පළමු ඉනිමේ ජය රැකගෙන සුපිරි 8 වටය සඳහා යාමට අවස්ථාව ලැබුණි.
අවිශ්ක – කුසල් ශ්‍රී ලංකා ඉනිම ද්විත්ව ශතකයකින් සරසයි!
තරගාවලි ජයක් පිලිබඳ බලාපොරොත්තු දල්වමින් අද (26) සූරියවැවදී ඇරඹුනු දෙවැනි එක්දින තරගයේ මුලින්…..
සහිරා විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවති තරගයේ දී සහිරා විද්‍යාලය වෙනුවෙන් ඉම්තියාස් ස්ලාසා සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් සුපිරි දස්කම් පෙන්වූ අතර අරවින්ත් රාජේන්ද්‍රන්, හසිඳු කවිරත්න සහ මොහොමඩ් ශමාස් මේ තරගයේ අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයින් බවට පත් විය. පන්දු යැවීමේ දී ස්ලාසාට අමතරව ඉශාන් රූහයිම් ද දස්කම් අතරට පැමිණියේය.
සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය (සුපිරි 16 වටයේ තරගය)
ස්ථානය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රිකට් පිටිය
කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
සාන්ත ජෝසප් විද්‍යාලය – 450/9d (95) දිනෙත් ජයකොඩි 131, මිරංග වික්‍රමගේ 126*, සදීෂ ජයවර්ධන 65, දුනිත් වෙල්ලාල්ගේ 62, රිෂිත පෙරේරා 5/68, පසිඳු තෙන්නකෝන් 2/102, කවිඳු රණසිංහ 2/125. සහ 125/4 (23.1) ශෙරන් ෆොන්සේකා 52, දුනිත් වෙල්ලාලගේ 36, ජොහෑන් ද සිල්වා 24, රිෂිත පෙරේරා 2/29, ලසිත් වර්ණකුලසූරිය 2/30.
සාන්ත ආනා විද්‍යාලය – 152 (50.2) මුයිස් රෆීල් 51, කවිඳු රණසිංහ 23, පිවිතු ප්‍රනාන්දු 21, අශේන් ඩැනියල් 4/26, මිරංග වික්‍රමගේ 2/19, ලක්ෂාන් ගමගේ 2/33.
තරගය ජය පරාජයෙන් තොරව අවසන් පළමු ඉනිම ජය ගත් සාන්ත ජෝසප් විද්‍යාලය සුපිරි 8 වටයට
Photos: St. Joseph’s College Vs St. Anne’s College | Pre QF | U19 Cricket Tournament 2019/20
රිච්මන්ඩ් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය
ස්ථානය – බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් පිටිය
කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය
Photos: Mahanama College Vs Richmond College – Pre QF | U19 Cricket Tournament 2019/20
රිච්මන්ඩ් විද්‍යාලය – 292/7d (106) තවීෂ අභිෂේක් 77, දිමුත් සඳරුවන් 59, කවිඳු නිර්මාණ 45, දිලුම් සුධීර 38, භානුක මනෝහර 33, දිලුම් සුධීර 25, දෙවිඳු කැකිරිදෙනිය 3/65, අචින්ත සුපුන් 3/69.
මහානාම විද්‍යාලය – 294/9 (81.4) සොනාල් දිනූෂ 159*, පවන් රත්නායක 76, දිලුම් සුධීර 3/106, කල්ප නෙත්සර 2/26, සඳුන් මෙන්ඩිස් 2/48
තරගය ජය පරාජයෙන් තොරව අවසන් පළමු ඉනිම ජය ගත් මහානාම විද්‍යාලය සුපිරි 8 වටයට
කන්ද උඩරටින් සහ මාතරින් සුපිරි 8 අසුන් දෙකක් ගනියි
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ…….
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය
ස්ථානය – සහිරා විද්‍යාල ක්‍රිකට් පිටිය
කාසියේ වාසිය – සහිරා විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 216 (47.1) හසිඳු කවිරත්න 54, ශෙහාන් ප්‍රනාන්දු 39, කවිරු පෙරේරා 36, යොහාන් සොයිසා 26, අශේන් ද සොයිසා 21, මොහොමඩ් ශමාස් 4/57, ඉම්තියාස් ස්ලාසා 3/61. සහ 149 (34.4) සනෝජ් පෙරේරා 39, තේනුක නන්දලාල් 35, ඉශාන් රූහයිම් 4/41, ඉම්තියාස් ස්ලාසා 3/46, මොහොමඩ් ශමාස් 2/42.
සහිරා විද්‍යාලය – 246 (64) අරවින්ත් රාජේන්ද්‍රන් 73, මොහොමඩ් ශමාස් 70, ඉම්තියාස් ස්ලාසා 41, හසිඳු කවිරත්න 3/71, මලින්ද පෙරේරා 3/72 සහ 123/5 (32.3) ඉම්තියාස් ස්ලාසා 50*, අරවින්ත් රාජේන්ද්‍රන් 25.
සහිරා විද්‍යාලයට කඩුලු 5ක ජයක්
පළමු දිනයට පැවති තරගය
මලියදේව විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය
ස්ථානය – ධර්මරාජ ක්‍රිකට් පිටිය
කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
මලියදේව විද්‍යාලය – 195 (61.4) ඉෂාර මුණසිංහ 41, චලුක අතපත්තු 44, නිමේෂ් චතුරංග 36, තිමිර චන්ද්‍රසේන 33, යසිත සමරරත්න 5/57, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 2/70
ධර්මරාජ විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 102/4 (33) දුලාජ් බණ්ඩාර 33, ඕෂධ ජයවික්‍රම 3/13.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<