ජනිශ්ක පෙරේරාගෙන් සෙබෙස්තියන් විදුහලට ශතකයක්

936
Singer U15 Schools Cricket St. Thomas college vs Nalanda and St. Sebastian v Price of Wales day 1 report

සිංගර් ආයතනය මගින් මෙවර සංවිධානය කරනු ලබන පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 15න් පහල පළමු පෙල දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අදින් (10) ආරම්භ විය.

පසුගිය ලිපි: තරගය ජය පරාජයෙන් තොරයි – ලුම්බිණි පෙරමුණට

මොරටුව සෙබස්තියන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරඟය

තරඟය පානදුර සාන්ත ජෝන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

ප්‍රථමයෙන් පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩක ජනිශ්ක පෙරේරා විසින් ශතකයක් රැස් කිරීමට සමත් විය. ඔහු විසින් මොරටුව තම සහෝදර පාසලේ පන්දු යවන්නන්ගේ පන්දුවලට දක්ෂ ලෙස ප්‍රහාර එල්ල කරමින් ලකුණු 109ක් රැස් කරගන්නා ලදි.

ජනිශ්ක පෙරේරා සමඟින් සෙබස්තියන් ලකුණු පුවරුවේ සවිය තව තවත් වැඩි කරමින් සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට ශෙනාල් ප්‍රනාන්දු සමත් වූ අතර ඔහු විසින් අර්ධ ශතකයක් සමඟ පළමු ඉණිමට ලකුණු 82ක් ලබාගන්නා ලදි.

පළමු දිනය නිමාවන විට සෙබස්තියන් විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 9ක් දැවී ලකුණු 310ක් ලබාගත් අතර වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් ඔසඳ සදරුවන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) -310-09 (90) ජනිශ්ක පෙරේරා 109, ශෙනාල් ප්‍රනාන්දු 82, සුකිත ප්‍රසන්න 40, ඔසද සඳරුවන් 5/58, කවීන් චතුශ්ක 2/32


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරඟය

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල තෝමසුවන් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ ඇරයුමින් පිටියට පිවිසි නාලන්ද විද්‍යාලීය ක්‍රීඩකයින්ගේ පළමු ඉණිමට, පළමු දිනය තුලදීම තිත තැබීමට සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත් විය. දිනෙත් වන්නිආරච්චි නාලන්දා පිතිකරණය සම්පූර්ණයෙන්ම පරාජය කරමින් ලකුණු 39ක් තුළ කඩුලු 5ක් දවාලීමට සමත් විය.

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම 164-10 (42.2) ලක්ෂාන් කාශ්‍යප 41, මෝක්ෂ සංකල්ප 31, දිනෙත් වන්නිආරච්චි 5/39

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල සාන්ත තෝමස් කණ්ඩායමට ද ඒ හැටි සාර්ථකත්වයක් ලබා නොදුන් නාලන්ද ක්‍රීඩක කමිදු කමලසූරිය, ලකුණු 30ක් තුළ කඩුලු 4ක් දවාලීමට සමත් විය.

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසන් වන විට) – 124-8 (46) ක්‍රිශාන් මුණසිංහ 34, දිල්මින් රත්නායක 23*, කමිදු කමලසූරිය 4/30

මෙම තරඟ දෙකේම අවසන් දිනය හෙට (11) සුපුරුදු ලෙස ඒ ඒ ක්‍රීඩාගංණයන් වලදී පැවැත්වීමට නියමිතව වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට