සාන්ත ජෝසප් ප්‍රහාර හමුවේ අන්තෝනිවරුන් පසුබසිති

310

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ පළමු කොටස නියෝජනය කරමින් තරග වදින ප්‍රබල පාසල් ද්විත්වයක් වන මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අද (08) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණගැසුණු අතර එහි දී ඉතා දක්ෂ අයුරින් ක්‍රීඩා කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ ලකුණු 38-05ක් ලෙසින් ඉතා පහසු ජයක් වාර්තා කිරීමට සමත් වූහ.

විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් අද (28) CR&FC ක්‍රීඩාංගණයේ දී මරදාන සාන්ත ජෝසප්

මෙවර තරගවාරයේ දී තමන් සහභාගී වූ පළමු තරගය ගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව ඉතා තියුණු තරගයකින් අනතුරුව ජය ගැනීමට ජෝසප්වරුන් සමත් වූ අතර අන්තෝනි ක්‍රීඩකයින්ගේ ආරම්භය එතරම් සතුටුදායක නොවූයේ ඉසිපතන ක්‍රීඩකයින් විසින් දියත් කළ ප්‍රහාරයෙන් ඔවුන්ට අත්වූ අමිහිරි පරාජය නිසාවෙනි.

ජෝසප් කණ්ඩායමේ නිත්‍ය පන්දුවට පහර දෙන්නා වශයෙන් කටයුතු කරන සන්තූෂ් අල්ගමගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර මුල් විනාඩි කිහිපය තුල දී සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවන් තරකර ගනිමින් ලකුණු රැස් කිරීමේ අවස්ථා නිර්මාණය කිරීමට දෙපිලේම ක්‍රීඩකයින් යුහුසුලුව කටයුතු කරනු දක්නට ලැබීය.

13 වැනි මිනිත්තුවේ දී අන්තෝනි මීටර් පහ සීමා රේඛාව ආසන්නයෙන් ලැබුණු line-out අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ක්ෂණිකව rolling maul අවස්ථාවක් නිර්මාණය කර ගත් ජෝසප්වරුන් ඉතා පහසුවෙන් ධවල රේඛාව අභිබවා යමින් තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව සක්‍රිය කිරීමේ ගෞරවය තමන් සතුකර ගැනීමට සමත් විය. නෙහාන් පෙරේරාගේ සුරතින් එම උත්සාහක දිනුම වාර්තා වුනු අතර එහි අමතර ලකුණු එක්කිරීමේ කාර්‍යභරය මැනවින් ඉටු කිරීමට අල්ගම සමත් වූයේ අසීරූ කෝණයකින් ලැබුණු ප්‍රවර්තන ගෝලය කිසිදු පැකිළීමකින් තොරව ගෝල කණු අතරින් යොමු කිරීමත් සමඟිනි. (සාන්ත අන්තෝනි 00-07 සාන්ත ජෝසප්)

ඉසිපතන ප්‍රහාරයෙන් අන්තෝනි ක්‍රීඩකයින්ට අසාධ්‍යයි

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තවත් සමාරම්භක තරගයක් අද (02) කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ

තරගය ආරම්භයේ දී ම ජෝසප් ඉදිරිපෙළින් එල්ල වන දැඩි අභියෝගය හමුවේ අන්තෝනි ක්‍රීඩකයින් විශාල පීඩනයකට මැදිව ක්‍රීඩා කරන බවක් දිස් වුනු අතර එම නිසාම ඔවුන් අතින් knock on වීම්,off-side වැනි අත්වැරදීම් දාමයක් සිදුවනු දක්නට ලැබුණි. කල්යල් බලා එවැනි අවස්ථාවකින් උපරිම ඵල නොලාගත් ජෝසප් ක්‍රීඩක සන්තූෂ් අල්ගම උදාකරගත් දඬුවම් පහර ආයාසයකින් තොරව ගෝල කණු අතරින් පා කර හැරියේ ලකුණු පුවරුවේ ජෝසප් අන්තය තවදුරටත් වර්ණවත් කරමිනි. (සාන්ත අන්තෝනි 00-10 සාන්ත ජෝසප්)

පළමු අර්ධයේ හරි අඩක් ගතවත්ම දැඩි වර්ෂාපතනයක් පිටිය සිසාරා ඇදහැලෙන්නට වූ අතර ඉතා ඉක්මනින් එම තත්වයන්ට අනුගත වෙමින් ගොඩනගාගත් රිද්මය එලෙසම පවත්වා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් හට හැකි විය.

ගොඩනැගීමේ වාරයන් කිහිපයක් උපයෝගී කරගනිමින් පන්දුව සිය ග්‍රහණයේ රඳවා ගත් සාන්ත ජෝසප් ඉදිරිපෙඝ ක්‍රීඩකයින් දිගින් දිගටම ප්‍රතිවාදී පසුපෙළ මුරකාවල් වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූ අතර රශේන් ගුණවර්ධන සාන්ත අන්තෝනි ආරක්ෂක පවුරේ සියුම් හිඩැසක් උපයෝගී කරගනිමින් උත්සාහක දිනුම් රේඛාව වෙත රිංගා ගියේ ජෝසප් පිලේ ආධිපත්‍යය තවදුරටත් පතුරවාලමිනි. අල්ගමගේ පා පහර එවර ද සාර්ථක වූයෙන් අමතර ලකුණු ද්විත්වයේ වාසිය හිමිකර ගැනීමට ඔවුන් සමත් විය. (සාන්ත අන්තෝනි 00-17 සාන්ත ජෝසප්)

පළමු අර්ධය: සාන්ත අන්තෝනි විද්‍යාලය 00 – 17 (2T,2C,1P) සාන්ත ජෝසප් විද්‍යාලය

විවේක කාලයට ගමන් කිරීමට මත්තෙන් තම කණ්ඩායම අතින් සිදු වූ  අත්වැරදීම් පිළිබඳ අවබෝධයකින් ක්‍රීඩා කරන බවක් අන්තෝනි ක්‍රීඩකයින් තුලින් දිස් නොවූයේ දිගින් දිගටම ඔවුන්ගෙන් සිදු වූ අතපසුවීම්වල අඩුවක් දක්නට නොලැබුණු නිසාවෙනි.

පළමු සතියේ B කාණ්ඩයේ 50 ඉක්මවූ තරග 3ක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩය තරග ද A කාණ්ඩයේ තරග මෙන්ම ඉකුත්

ලකුණු පිපාසවකින් අද දිනයේ දී තරග බිමට පිවිසි සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විනාඩි 7ක් වැනි කෙටි කාලසීමාවක් තු ලදී උත්සාහක දිනුම් ද්විත්වයක් රැස් කරමින් අන්තෝනි පිලෙන් තරගය උදුරා ගැනීමට සමත් වූයේ සුධාරක දේවප්‍රිය සහ රශේන් ගුණවර්ධන දෙදෙනා සිය අපූර්ව පාද චලනයන් සහ වේගවත් ධාවනයන් නිසියාකාරව උපයෝගී කරගනිමින් ධවල රේඛාව පසුකරගෙන යාම නිසාවෙනි. අල්ගම සිය ක්‍රීඩා කෞශල්‍යය තවදුරටත් විදහා දක්වමින් ලද ප්‍රවර්තන ගෝල යුගලම ගෝල කණු අතරින් පා කර හැරියේය. (සාන්ත අන්තෝනි 00 31 සාන්ත ජෝසප්)

සිය සත්කාරක පිටියේ දී තම අභිමානය රැකගැනීම උදෙසා සටන්වැදී අන්තෝනිවරුන් මෙවර තරගවාරය තුල දී  තමන් වාර්තා කළ ප්‍රථම උත්සාහක දිනුමේ සතුට සැමරුවේ බවන්ත ධර්මපාලගේ ධවල රේඛාව අභිබවා යෑමේ වෑයම සාර්ථක වූ නිසාවෙනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට තිරූෂ ඒකනායක අපොහොසත් විය. (සාන්ත අන්තෝනි 05-31 සාන්ත ජෝසප්)

තරගය නිමා වීමට විනාඩි කිහිපයක් ඉතිරිව තිබිය දී අන්තෝනිවරුන්ට සාර්ථක පිළිතුරක් ලබාදු න් ගෙෂෝම් තන්ගයියාහ් ප්‍රමුඛ ජෝසප් ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුමකින් ප්‍රතිවාදීන්ට සංග්‍රහ කිරීමට වගබලාගත්තේ තරගයේ ජය නියත වශයෙන් සිය නම ඉදිරියේ සටහන් කරගනිමිනි. අද දිනයේ දී පන්දුව ගෝල කණු අතරින් නිසි ඉලක්කය වෙත යොමු කිරීමට ලැබුණු සෑම අවස්ථාවක දී ම සිය කාර්‍යභරය අකුරටම ඉටු කළ සන්තූෂ් අල්ගම මෙවර ද සිය වගකීම ඒ අයුරින්ම නොපිරිහෙලා ඉෂ්ට කළේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පුරෝගාමි කාර්‍යභරයක් සිදු කරමිනි. (සාන්ත අන්තෝනි 05-38 සාන්ත ජෝසප්)

රාජකීයයන්ගෙන් ඇතුගල්පුරයට රාජකීය සංග්‍රහයක්

2019 සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියෙහි පළමු කාණ්ඩය නියෝජනය කරමින් තරග වදින කොළඹ රාජකීය විද්‍යාලය සහ

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය  05(1T) – 38 (5T,5C,1P) සාන්ත ජෝසප් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සන්තූෂ් අල්ගම (සාන්ත ජෝසප් විද්‍යාලය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

සාන්ත ජෝසප් විද්‍යාලය

උත්සාහක දිනුම් – නෙහාන් පෙරේරා  1, රශේන් ගුණවර්ධන 2, සුධාරක දේවප්‍රිය 1, ගෙෂෝම් තන්ගයියාහ් 1

ප්‍රවර්තන – සන්තූෂ් අල්ගම 5

දඬුවම් පහර – සන්තූෂ් අල්ගම 1

සාන්ත අන්තෝනි විද්‍යාලය

උත්සාහක දිනුම් – බවන්ත ධර්මපාල 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<