යශෝධ, හෂාන්, දුශාන් සහ රොන් ගෙන් දක්ෂතා

Singer-MCA Super Premier League T20

87
Singer-MCA Super Premier League T20

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් යුක්තව පවත්වනු ලබන Singer-MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (23) කිරිමණ්ඩල පාර SLLDC ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

එම තරගවල දී Hayleys Group A කණ්ඩායම පරාජය කරමින් Fairfirst insuarance කණ්ඩායම ද සහ Maliban Biscuits A කණ්ඩායම පරාජය කරමින් BBK Partnership කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කළා.

නිමා වූ මෙම තරගවල දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වූයේ BBK Partnership කණ්ඩායමේ ආරම්භක පිතිකරු යශෝධ ලංකා. ඔහු  Maliban Biscuits A කණ්ඩායමට එරෙහි ව පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තා. එය අද දවසේ පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

ඊට අමතර Fairfirst insuarance කණ්ඩායම නියෝජනය කළ හෂාන් දුමිඳු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ද, Maliban Biscuits A කණ්ඩායමේ දුශාන් විමුක්ති පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ද සහ Hayleys Group A කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Maliban Biscuits A කණ්ඩායමේ චතුර පීරිස්. ඔහු BBK Partnership කණ්ඩායමට එරෙහි ව ලකුණු 24කට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දක්ෂතාව සිදු කළා. ඊට අමතර ව Fairfirst insuarance කණ්ඩායමේ චාමික ගුණසේකර ද ලකුණු 33කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

  • Fairfirst insuarance සහ Hayleys Group Aඅතර තරගය

Fairfirst insuarance – කඩුලු 7ක් දැවී 179 (20.0) මිනෝද් භානුක 23, හෂාන් දුමිඳු නොදැවී 66, අනුක් ප්‍රනාන්දු 31, නිමේෂ් විමුක්ති 18, අසේල් සිගේරා 22, ට්‍රවීන් මැතිව් 2/19

Hayleys Group A – සියලුම දෙනා දැවී 162 (19.1) ටී. එම්. සම්පත් 39, රොන් චන්ද්‍රගුප්ත 51, රවිඳු ප්‍රනාන්දු 32, චාමික ගුණසේකර 4/33, අසේල් සිගේරා 3/22

Fairfirst insuarance කණ්ඩායමට ලකුණු 17ක ජයක්.

  • BBK PartnershipසහMaliban Biscuits A අතර තරගය

BBK Partnership – කඩුලු 8ක් දැවී 163 (20.0) යශෝධ ලංකා 82, විජයකාන්ත් වියස්කාන්ත් 24, යසිරු රොද්‍රිගෝ නොදැවී 20, චානුක ඩිල්ශාන් 2/22, චතුර පීරිස් 4/24

Maliban Biscuits A – කඩුලු 8ක් දැවී 161 (20.0) හිරාන් ජයසුන්දර 30, සහන් ආරච්චිගේ 22, දුශාන් විමුක්ති නොදැවී 63, විජයකාන්ත් වියස්කාන්ත් 3/22

BBK Partnership කණ්ඩායමට ලකුණු 2ක ජයක්.

Singer-MCA Super Premier League ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<