28 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග අප්‍රේල් 20 වැනිදා ආරම්භ වන අතර එම සම්පූර්ණ තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සිංගර් ආයතනයයි.
ඊට අමතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය මැයි මස 8 වැනිදායින් පසුව ආරම්භ වීමට නියමිතයි.
පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගී වූ අතර එම තරගාවලියේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට LB Finance – A කණ්ඩායම සමත් වුනා. එසේම Hayleys -A කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනා ගත්තා.
තවත් ක්‍රිකට් පුවත්:
- හිටපු සිම්බාබ්වේ නායකයාට වසර අටක තහනමක්
- අයර්ලන්ත – පාකිස්තාන T20 තරගය කල්යයි
- බෙන් ස්ටෝක්ස්ට IPL අත්හරින්න වෙයි
- කමිල් මිෂාරගේ සුපිරි දස්කම් මැද NCC කිරුළු පළඳියි
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නිසාවෙන් වෙළඳ ආයතන රැසකගේ මූල්‍යමය තත්වය යහපත් මට්ටමක නොමැති නිසාවෙන් ගියවර තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායම් රැසක් මෙවර තරගාවලිය සඳහා සහභාගී වන්නේ නැහැ.
වෙළඳසේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,
තරගාවලියේ සියලුම තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<