සිෆාන් හසන් ලන්ඩන් මැරතන් තරගාවලිය එකළු කරයි

244

පසුගිය දා අවසන් වූ ලන්ඩන් මැරතන් තරගාවලියේ දී Sifan Hassan (සිෆාන් හසන්) ලැබූ ජයග්‍රහණය සැලකෙන්නේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි. ඉතියෝපියානු-නෙදර්ලන්ත පුරවැසිභාවය හිමි ඇය රාමලාන් කාලසමය ජයග්‍රහණයකින් නිමා කළාය.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී දිගුදුර ධාවන ඉසව්වලින් රන් පදක්කම් දෙකක් දිනා ඇති හසන්, නම් දැරූ මැරතන් ශූරියන් රැසක් මැද ලබා ගත් ජයග්‍රහණය සුවිශේෂී එකකි. සැතපුම් 26.2ක් ජයග්‍රහණය වෙනුවෙන් ධාවනය කළ ඇය වරක් තම උකුලේ ඇති වූ ආබාධයක් නිසා නැවතී දිගැදුම් වල නිරත වී යළි තරග වැදුණාය.

යම් කෙනෙක් ඇයට අවවාද කළ යුතුයි නැවත තරග නොකර නැවතී ඉවත් වෙන්නටැයි කියා,” Paula Radcliffe (පෝලා රැඩ්ක්ලිෆ්) BBC සජීව විකාශය අතරතුර දී ප්‍රකාශ කළාය.

එහෙත් නොනැවතුණු 30 හැවිරිදි හසන් ලන්ඩන් හිදී පළමු වරට ජාත්‍යන්තර මැරතන් තරගාවලියක ජයග්‍රහණ ලැබුවේ වරක් සහාය මෝටර් සයිකලයක ගැටීමට පවා ගොස් ඇති වූ ජවනිකා රැසක් අවසානයේ දීයි.

මම ඉපදිලා තියෙන්නෙම නාට්‍යමය වැඩවලට,” හසන් ජයග්‍රහණයෙන් පසුව පැවසුවාය.

එමෙන්ම රාමලාන් උපවාසයේ නිරත වූ ඇයට තරගාවලිය වෙනුවෙන් නිසි පරිදි පුහුණුවීම්වලට සහභාගී වීමේ ඉඩකඩ ද අවම වූ නිසා ඇගේ ජයග්‍රහණය සැබවින්ම සුවිශේෂී එකකි.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<