ප්‍රවීණ පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් විස්සයි විස්ස ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය ලොව පළමු ආසියාතික ක්‍රීඩකයා බව පත් වුනා. ඒ පසුගිය සෙනසුරාදා Khyber Pakhtunkhwa හා Balochistan කණ්ඩායම් අතර රාවල්පිණ්ඩි හිදී පැවැත්වුණු පාකිස්තාන ජාතික විස්සයි විස්ස කුසලාන තරගයක දීයි. මේ තරගයේ දී Khyber Pakhtunkhwa වෙනුවෙන් මලික් පන්දු 44ක දී අගනා ලකුණු 74ක් ද රැස් කරන්නට සමත් වුනා.
38 හැවිරිදි මලික් විස්සයි විස්ස ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය ලොව තෙවැනි ක්‍රීඩකයායි. ඔහුට පෙර එම දස්කම දක්වන්නට සමත්ව ඇත්තේ සුපිරි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල් හා කිරන් පොලාර්ඩ්.
තවත් ක්‍රිකට් පුවත්:
- කුසල් මෙන්ඩිස්ගෙන් සටන්කාමී ශතකයක්
- කොරෝනා නිසාවෙන් නැවතුන දේශීය ක්‍රීඩා පිටිය
- “තරග සැලසුම් තාම අත ඇරලා නැහැ” – BCB ප්රධාන විධායක නිලධාරි
ගේල් මේ වන විට විස්සයි විස්ස ලකුණු 13,296ක් රැස් කරගෙන සිටින අතර පොලාර්ඩ් ලකුණු 10,370ක් රැස් කරගෙන සිටිනවා.
මලික්ට පසුව ඊළඟට වැඩිම විස්සයි විස්ස ලකුණු රැස් කරගෙන සිටින්නේ ඉන්දියාවේ විරාත් කෝලි වන අතර ඔහු ලකුණු 9033ක් රැස් කරගෙන සිටිනවා.
පසුගිය සෙනසුරාදා ෂොයිබ් මලික් ක්‍රීඩා කළේ සිය ක්‍රීඩා දිවියේ 395 වැනි විස්සයි විස්ස තරගයයි. ආසියානු ජාතිකයෙකු ක්‍රීඩා කර තිබෙන වැඩිම විස්සයි තරග ගණනේ වාර්තාවට හිමිකම් කියන්නේ ද ෂොයිබ් මලික්. තවත් තරග හතරක් ක්‍රීඩා කළහොත් විස්සයි විස්ස තරග 400ක් ක්‍රීඩා කළ ලොව සිව්වැනි ක්‍රීඩකයා ලෙස මලික් වාර්තා පොත් අතරට එකතු වෙනවා.
GeoSports ඇසුරින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<